ශ්‍රී ලංකා රජයට විරුද්ධව ඉන්දීය ඡන්දය

අද (25) ආරම්භවීමට නියමිත ජීනීවා මානවහිමිකම් සමුළුවේදී අනිවාර්යයෙන්ම ඉන්දියාව ලංකාවට එරෙහිව තම ඡන්දය පාවිච්චි කරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

 ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලයේ සිටින ඉන්දීය ඇමති (Union minister)වරයාගේ ප්‍රකාශක් උපුටා දක්වමින් එම මාධ්‍ය මෙම පුවතට පුලුල් ප්‍රචාරවයක් ලබා දී තිබේ. එහි සඳහන් කරන පරිදි අග්‍රාමාත්‍ය කාර්යාලයේ සිටින නාරයන් සාමි ඉන්දීය ඇමති (Union minister)වරයා සහ තමිල්නාඩුව ප්‍රාන්ත මන්ත්‍රීවරුන් පිරිසක් ඒකව අගමැති මන්මෝහන් සිං මහතා හමුවී මෙම කරුණ සම්බන්ධයේන විශේෂ සාකච්ඡාවක් සිදුකර ඇත.
ප්‍රභාකරන්ගේ පුත් බාලචන්ද්‍රන්ගේ ඡායාරෑප දැකීමත් සමග දෙමළ ජනතාවගේ හැඟීම් උත්සන්නවී ඇති බැවින් ‍ජිනීවාහි පැවැත්වෙන සමුළුවේදී ලංකාවේ යුධ අපරාද සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධ යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදෙන්නැයි එම සාකච්ඡාවේදී විශේෂයෙන් ඉල්ලා ඇත. එහිදී අගමැතිවරයා, නාරයන් සාමි මහතා ප්‍රමුඛ මන්ත්‍රී කණ්ඩායට පවසා ඇත්තේ ජිනීවාහිදී ලංකාවට විරුද්ධව ඉන්දියාවේ ඡන්දන භාවිතාවනු ඇති බවයි.

 ඉන්දියාව ගියවර පැවති ජිනීවා සමුළුවේදී ලංකාවට විරුද්ධව ඡන්දය භාවිතා කළ රටවල් 24න් එක්කි.

Gossip Lanka Hot News Previous News Archive