බස්‌ ගැමුණුත් 15% ක්‌ ඉල්ලයි - වැඩි නොකළොත් වර්ජනයක්

පවතින වාතාවරණය යටතේ සියයට 15ක බස් ගාස්තු වැඩි කිරීමක් ලබා නො දෙන්නේ නම් දීප ව්‍යාප්තව බස් රථ ධාවනයේ වර්ජනයක් කිරීමට තීරණය කර ඇතැයි සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවැසීය.

‘බස්නාහිර පළාතේ බලපත‍්‍ර ගාස්තු වැඩිවෙලා. මාර්ග බලපත‍්‍ර ගාස්තු වැඩි කරලා. බස් රථ අයිතිය සංශෝධනය රුපියල් ලක්ෂයක්. ටයර් මිල වැඩිවෙලා. ලිහිසි තෙල් මිල වැඩිවෙලා. විදුලිය ගාස්තු වැඩි කිරීම තුළ වාහන අලූත්වැඩියා ගාස්තු වැඩි කිරීම තුළ වාහන අලූත්වැඩියා කිරීමේ ගාස්තු ඉහළ ගිහින්. මෙවන් තත්ත්වයක් තුළ අද බස් රථ ධාවනය කරන්නේ දුෂ්කරතා රැසක් මැද.පෙබරවාරි මාසයේ වැඩි කළ යුතු ව ඇති බස් ගාස්තුව අපේ‍්‍රල් මාසයේත් නැහැ. සියයට 7ක ගාස්තු වැඩි කිරීමට එකඟ වීමට බැහැ. අපේ‍්‍රල් පළවැනිදා සිට ආදායම් බලපත‍්‍ර ගාස්තුව බස් රථයේ ආසනයකට රුපියල් 110ක් වුණේ දැන් ඒ මුදල 150 දක්වා වැඩි කරලා. ඒ අනුව වැඩිවීම සියයට 36ක්’ යයිද ඒ මහතා වැඩිදුරටත් කියා සිටී.


Gossip Lanka Hot News Previous News Archive