දමිතා, සේමිණීගෙන් කෝටි 10 ක් ඉල්ලයි - Damitha demands Rs. 100 mn from Semini

පෞද්ගලික ගුවන් විදුලි සේවයක් ඔස්සේ කීර්ති නාමයට හානි වන ප්‍රකාශයක් කළ බවට අසත්‍ය චෝදනා නඟමින් නඩු පවරා සම්මානනීය නිළියක් වූ තමන්ගේ කීර්ති නාමයට හානි කිරීම වෙනුවෙන් රංගන ශිල්පිනී සේමිණී ඉද්දමල්ගොඩ මහත්මියගෙන් රුපියල් මිලියන දහසක වන්දි මුදලක් අයකර දෙන ලෙස ඉල්ලා චිත්‍රපට සහ ටෙලි නාට්‍ය රංගන ශිල්පිනි දමිතා අබේරත්න කොළඹ දිසාධිකරණය හමුවේ ඉල්ලීමක් ඉදිරිපත් කළාය.

දමිතා අබේරත්න රංගන ශිල්පිනියගෙන් රුපියල් මිලියන පන්සියයක වන්දි මුදලක් අය කර දෙන ලෙස ඉල්ලා රංගන ශිල්පිනි සේමිණී ඉද්දමල්ගොඩ ගොණු කර තිබූ නඩුව කොළඹ අතිරේක දිසා විනිසුරු ඉවෝන් ප්‍රනාන්දු මෙනෙවිය හමුවෙහි කැඳවූ අවස්ථාවේ දී මෙම ඉල්ලීම කරන ලදී.

එම නඩුවට හරස් ඉල්ලීමක් ලෙස මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇත.රංගන ශිල්පිනී සේමිණී ඉද්දමල්ගොඩට අපහාස වන කිසිදු ප්‍රකාශයක් කිසිදු විද්යුත් මාධ්‍යයකට හෝ වෙබ් අඩවියකට තමා ලබා දී නැතැයි එම හරස් ඉල්ලීම ඉදිරිපත් කරමින් දමිතා අබේරත්න රංගන ශිල්පිනිය සඳහන් කර ඇත.


යම් වෙබ් අඩවියක් අපහාස වන යමක් ඉදිරිපත් කර ඇත්නම් එම වෙබ් අඩවියට එරෙහිව නීතිමය පියවර ගත යුතුව ඇතැයි ද ඇය සඳහන් කර ඇත. එසේ තිබිය දී තමන්ට එරෙහිව නඩු පැවරීමෙන් සිය කීර්ති නාමයට ඉමහත් කැළලක්, අපකීර්තියක්, අලාභයක් සිදු කර ඇතැයි ඇය තවදුරටත් සඳහන් කර ඇත.

කරුණු සලකා බැලූ අධිකරණය මෙම නඩුව සම්බන්ධ ප්‍රතිඋත්තර ජූනි මස 6 වැනිදා ගොණු කරන ලෙස නියම කෙළේය.නීතිඥ සමන්ති ගමගේ මඟින් මෙම ඉල්ලීම ඉදිරිපත් කරන ලදී.

Film and tele drama actress Damitha Abeyratne has demanded Rs. 100 million as damages from popular actress Semini Iddamalgoda for allegedly defaming her.

Ms Abeyratne made this claim through her lawyer when the case filed by Ms. Iddamalgoda claiming Rs. 500 million as damages from Ms Abeyratne for allegedly defaming her, was taken up at the Colombo District Court today.

She also alleged that she never gave information to any websites as mentioned by Ms. Iddamalgoda and said if such information was leaked to those websites, Ms. Iddamalgoda should take legal action against those websites and not against her.

Ms. Abeyratne also charged that Ms. Iddamalgoda had provided information to websites about her and tried to defame her. Therefore Ms. Abeyratne said she was demanding Rs. 100 million from Ms. Iddamalgoda.
Earlier, Ms. Iddamalgoda filed action before the Colombo District Court against Ms. Abeyratne for allegedly insulting the petitioner during an FM radio interview.

The petitioner alleged that during the interview aired on January 13, 2013, Ms. Abeyratne used offensive remarks concerning the reputation and character of the petitioner

Gossip Lanka Hot News Previous News Archive