කෑමවලට වද පෙති දාලා - අම්පාරේ කලබලයකින් හෝටලයක් විනාශයි

අම්පාර පන්සල් හන්දියේ ප්‍රදේශයේ වෙළෙඳසලකදී 26 වැනිදා රාත්‍රියේ කොත්තුවක්‌ ආහාරයට ගැනීමේදී දුන් මස්‌ හොද්දේ යම්කිසි මිනිස්‌ ශරීරයට අහිතකර පෙති වර්ගයක්‌ දමා තිබුණේ යෑයි පවසමින් ඇතිවූ ගැටුමකින් තිදෙනකු තුවාල ලබා වෙළෙඳසල් හතරකට, ආගමික ස්‌ථානයකට, රථ වාහන 04 කට සහ යතුරුපැදි කිහිපයකට හානි සිදුව තිබේ.

මෙම ගැටුම ඇතිවූ වෙළෙඳසලට 26 වැනිදා රාත්‍රි 11.00 ට පමණ අම්පාර නගරයේ තරුණයින් තිදෙනකු ගොස්‌ ආහාරයට කොත්තු මිලදී ගෙන තිබේ.

එම අවස්‌ථාවේ එම කොත්තු රොටි ආහාරයට ගැනීමට ලබාදුන් මස්‌ හොද්දේ බාගෙට දියවූ යමක්‌ තිබෙන බව දැක ඒ බව එම වෙළෙඳසලේ සිටි අයගෙන් මේ තියෙන්නේ මොනවාදැයි විමසූ අවස්‌ථාවේ මෙම ගැටුම සිදුව ඇත.

මෙම ආරංචිය දැනගත් සැනින් එම ස්‌ථානයට තරුණයින් විශාල පිරිසක්‌ පැමිණ එම වෙළෙඳසලට පහරදී තිබේ. ඒ නිසා ඒ ආසන්නයේ තිබුණු තවත් වෙළෙඳසැලකට හානි සිදුව තිබේ. මෙම සිදුවීම පිළිබඳව එම ආහාර මිලදී ගත් තරුණයකු අම්පාර පොලිසියට ද පැමිණිලි කර තිබේ. එම ආහාර සාම්පලය අධිකරණ නියෝගයක්‌ ගෙන වැඩිදුර පරීක්‌ෂාව සඳහා රජයේ රස පරීක්‌ෂකවරයා වෙත යොමු කරන බව අම්පාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියකු පැවසුවේය.

මෙම පිරිස පසුව අම්පාර නගරයේ තිබුණු තවත් වෙළෙඳසැල් දෙකකට සහ ආගමික මධ්‍යස්‌ථානයකටද පහරදී තිබේ. ඒ අවස්‌ථාවේ එම ආගමික මධ්‍යස්‌ථානයේ තිබුණු වෑන් රථයකට ලොරි රථ තුනකට සහ යතුරුපැදි කිහිපයට ද, තාප්පයට ද හානි සිදුව තිබේ. මෙම සිදුවීම නිසා එම අවස්‌ථාවේ ආගමික සිද්ධස්‌ථානයේ සිටි තිදෙනකු තුවාල ලබා අම්පාර රෝහලට ඇතුළත් කර ඇත.

මෙම සිදුවීමට විරෝධය පාමින් අම්පාර අක්‌කරපත්තුව මාර්ගයේ කොළතාවලි හන්දියේ 27 වැනිදා උදෑසන ටයර් දමා මාර්ගය හරස්‌ කර තිබුණි.විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් ඒවා ඉවත් කරන ලදී.

අම්පාර දිසාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම ගැටලුව විසඳීම සඳහා ඊයේ 27 වැනිදා දහවල් ආරකAෂක අංශ සහ අදාළ පාර්ශවයේ දේශපාලන නායකයින් සාකච්ඡා කර ඇත. මෙම ගැටලුව සාමකාමීව විසඳීමට ඔවුන් කටයුතු කර ඇත. මේ වන විට අම්පාර ප්‍රදේශයේ තත්ත්වය සාමකාමීය. ප්‍රදේශයේ ආරක්‌ෂාවට පොලිස්‌ විශේෂ කාර්ය බලකාය, යුද හමුදාව සහ පොලිසිය යොදවා තිබේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් දයා ගමගේ අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ, ‘ඊයේ රාත්‍රියේ අම්පාර ප්‍රදේශයේ ස්ථාන කිහිපයක රට අස්ථාවර කිරීමේ අරමුණින් ඇතැම් පිරිස් සුළු සිද්ධීන් කිහිපයක් ඇති කර තිබෙනවා.
රජය අපකීර්තියට පත් කිරීමේ අරමුණින් සහ සාමය සංහිදියාව කඩා බිඳදැමීම මුල් කරගෙන ඇති වූ මෙම තත්ත්වය සහ කුමන්ත්‍රණකාරීන්ගේ විරෝධය වහා මැඩපැවැත්වීමට මේ වන විටත් මා විසින් පියවර ගෙන තිබෙනවා.
මේ මොහොතේ කුමන්ත්‍රණකාරී බලවේගවලට හසු නොවී, බුද්ධියෙන් කටයුතු කරන ලෙස ජාතිහිතෛෂී සියලු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා‘ යනුවෙනි.
මෙම සිද්ධිය අවස්ථාවේ වඳ පෙති දුන්නා නේද අසමින් හෝටල් සේවකයෙකු ප්‍රශ්න කරන වීඩියෝවක් හා මුස්ලිම් අයගෙන්ම වොයිස් කට් ගන්න එපා කියමින් සිංහල ජාතිකයින් කලබල කරන වීඩියෝවක් අන්තර්ජාලය තුළ සැරිසරයි.

Gossip Lanka Hot News Previous News Archive