නතාෂා - බෘෘනෝ බුදුන්ට අපහාස කළැයි පිරිසක් පාරට බසිති

බෞද්ධ දර්ශනයට සහ සංස්කෘතියට අපහාස වන අයුරින් ප්‍රකාශයක් නිකුත්  කළැයි කියන සිද්ධියට අදාලව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ජයනි නතාශා එදිරිසූරිය සහ  ඇයට ආධාර අනුබල දුන්නැයි කියන බෲනෝ දිවාකර අද දින අධිකරණයට ඉදිරිපත් කළ අවස්තාවේ ඊට සමගාමීව අධිකරණය අසළ පිරිසක් සංවිධානාත්මකව විරෝධය දක්වා තිබුණි.
නව ජනතා පෙරමුණ නමින් සඳහන් බැනර් පෝස්ටර අතැතිව සිටි මේ පිරිසට ගිහියන් මෙන්ම භික්ෂූන්ද ඇතුළත් විය.

නතාශා එදිරිසූරිය සහ  බෲනෝ දිවාකර අද දින අධිකරණයට ඉදිරිපත් කර ඔවුන් සම්බන්ධ නඩුව විභාගයට ගැනුණු පසුව ලබන 21  වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (07)  නියෝග කළේය.

මෙම සැකකරුවන්ට ඇප ලබා දුනහොත් මහජන කැළඹීමක් ඇති විය හැකි බවට කරුණු අනාවරණය වන බැවින් සහ විමර්ශන අවසන්ව නොමැති බැවින් සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

“මෝඩාභිමානය” නමින් සංවිධානය කර තිබූ වැඩසටහනකදී බෞද්ධ දර්ශනයට හානියක්, අපහාසයක්, අගෞරවයක් වන අයුරින් ප්‍රකාශයක් සිදුකර ඇති  සැකකාර නතාශා එදිරිසූරිය යන අයගේ එම ප්‍රකාශය අන්තර්ජාලය මගින් බෙදා හැරීමට  මෙම දෙවැනි සැකකරු කටයුතු කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.

Gossip Lanka Hot News Previous News Archive