සීයා සූර් කර මිනිපිරියට අතවර කරලා !

හම්බෙගමුව පොලිස්‌ බල ප්‍රදේශයට අයත් ගම්වැල්ඕඩය ප්‍රදේශයේ පදිංචි දෙමාපියන්ගෙන් හුදකලා වූ අවුරුදු 12 යි මාස 10 ක්‌ වයසැති දැරියකට අතවර කරන ලද බවට සැකකරන හතළිස්‌ නව හැවිරිදි අයකු පෙරේදා සවස (17 වැනි දින) හම්බේගමුව පොලිසියේ පොලිස්‌ නිලධාරි කණ්‌ඩායමක්‌ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු ඊයේ (18 වැනි දින) වැල්ලවාය මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.අතවරයට ලක්‌ වූ දැරියගේ මව ඇය තනිකර වෙනත් දීගයක ගොස්‌ ඇති අතර පියාද එම ගමේම වෙනත් කාන්තාවක්‌ විවාහ කරගෙන වෙනම ජීවත් වේ.දැරිය ආච්චී සහ සීයා ළඟ හැදීවැඩී ඇත. මේ අතර කාලය තුළදී ආච්චී දැඩි ලෙස රෝගාතුර වී මාස ගණනාවක්‌ තිස්‌සේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටී.


සීයා සමග දැරිය එම නිවසේ පදිංචිව සිට ඇත.

මෙය දැනගත් හතළිස්‌ නව හැවිරිදි පුද්ගලයා සීයාට රිසි සේ මත්පැන් පොවා හාන්සිකර මෙම දැරියට අතවර කර ඇති බව පොලිස්‌ පරීක්‍ෂණ වලින් අනාවරණය වී ඇත.ඉන්පසු මෙම සැකකරු සීයාට පදමට පොවා එම ගෙදර රාත්‍රී කාලයේ මාස ගණනාවක්‌ තිස්‌සේ මෙම දැරිය සමග එක යහනේ රෑ පහන් කර ඇති බවද හෙළිවී තිබේ.

මේ අතර මෙම දැරියගේ සිරුර දවසින් දවස වෙනස්‌ වන්න පටන් ගෙන ඇත. ඒ අනුව මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව වහා ක්‍රියාත්මක වූ හම්බෙගමුව පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

මොනරාගල නියෝජ්‍ය පොලිස්‌පති එම්. ආර්. ලතීµa, ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී ලයනල් ගුණතිලක, ස.පො.අ. රොසාන් ප්‍රනාන්දු යන නිලධාරීන්ගේ උපදෙස්‌ මත හම්බෙගමුව පොලිසියේ ස්‌ථානාධිපති පො. ප. රුවන් ඩී. ප්‍රනාන්දු මහතාගේ මෙහෙය වීමෙන් කා. පො. සැ. (2173) සමන්ති, කා. පො. කො. (8936) ගයනී, පො. කො. (41824) ප්‍රේමවර්ධන, පො. කො. (60246) තිලකරත්න යන නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ සිදුකරති.

Gossip Lanka Hot News Previous News Archive