දැරිය නිදොස් කරන්න පොලිසියට බැරිලු

පාසලේ වර්ණාලේපයට මුදල් සොයා ගැනීමට, යාබද වත්තකින් පොල් ගෙඩි 8 ක් සොරකම් කල බව කියන හොරණ මේධංකර මහා විද්‍යාලයේ 13 හැවිරිදි දැරියක අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක සදහන් වන්නේ, ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 367 වගන්තියේ දඬුවම් ලැබිය හැකි සොරකම නැමති වරද පොලිස් ස්ථානය මගින් කිසිසේත්ම සමත කළ නොහැකි වරදක් බවය.

එම වරදට අත්අඩංගුවට ගත් අයෙකුට ඇපදීමට පොලිස්ථානාධිපතිට බලතල නොමැති බව ද එම නිවේදයේ සදහන්වේ. එවැනි වරදක් සමථ මණ්ඩලයට ඝෘජුව යොමු කිරීමට නීති ප්‍රතිපාදන නොමැති බව ද පොලීසිය සිය නිවේදනයෙන් පෙන්වා දී තිබේ.


පොලීසිය පවසන්නේ, පැමිණිල්ල ඉල්ලා අස් කර ගත්තේ නම් පමණක්, නීතිමය කටයුතු නොකිරීමට පොලීසිය අවකාශ ලැබෙන බවය.

මේ අතර, අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍ය හා ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා එම සිද්ධිය පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ, අදාළ පාසලේ විදුහල්පතිවරයා සහ පන්තිභාර ගුරුතුමිය වරදක් කර නොමැති බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයට බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා විසින් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ ප‍්‍රධානත්වයෙන් යුත් පරීක්ෂණ කමිටුවක් පත් කර තිබිණ.

එම විමර්ශනයේ අවසන් වාර්තාව අද තමන් වෙත ලැබුණු බවත්, ඒ අනුව අදාළ විදුහල්පතිවරයා සහ පන්තිභාර ගුරුතුමිය චෝදනාවලින් නිදහස් කර ඇති බවත් ප‍්‍රධාන අමාත්‍යවරයා කියා සිටියේය. එමෙන්ම ඔවුන් වගකීමෙන් කටයුතු කර ඇති බව ද එම වාර්තාවේ සඳහන්ය.

කෙසේවුවද, පාසල්වල වර්ණාලේප කිරීමට පළාත් සභාවෙන් මුදල් දී තිබියදී අනවශ්‍ය ලෙස ළමුන්ගෙන් මුදල් අයකර ගැනීම වරදක් බව ඇමතිවරයා සදහන් කළේය.


-සබැදි පුවත්- 


Gossip Lanka Hot News Previous News Archive