බණ්ඩාරණායක නිවසේදී සරම උස්සලා පෙන්නපු හැටි ඇමති මර්වින් හෙළිකරයි !

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය ඊයේ කළ ප‍්‍රකාශ කිහිපයකට අමාත්‍ය මර්වින් සිල්වා මහතා අද ප‍්‍රතිචාර දැක්වූවා. එම එක් ප‍්‍රකාශයක් වූයේ ඇතැම් දේශපාලඥයන් නිවැරදි පාසල් අධ්‍යාපනයක් ලබා නොමැති බවයි.

මීට ප‍්‍රතිචාර දක්වමින් අමාත්‍ය මර්වින් සිල්වා මහතා කියා සිටියේ චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය යහපත් චර්යාවන් ක‍්‍රියාවෙන් ඔප්පු කර නොමැති බවයි.
ඇය සිය එකම සහෝදරයා වූ අනුර බණ්ඩාරණායක මහතාට නොසළකා හැරි බවද ප‍්‍රකාශ කෙරුණා.
මේ අතර චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඊයේ කළ කතාවේදී විජය කුමාරතුංග මහතා මහතා සිරගතව සිටි සමය සම්බන්ධයෙන්ද කරුණු දැක්වූවා.



 මීට ප‍්‍රතිචාර දක්වමින් අමාත්‍ය මර්වින් සිල්වා මහතා කියා සිටියේ තමන්ද කෙටි කාලයක් බණ්ඩාරණායක නිවසේ නතර වී සිටි බවයි. එම කාලයේදී චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මියගේ උපදෙස් අනුව තමන් කළ වික‍්‍රමයක්ද ඔහු සිහිපත් කළා.
 " එතුමියගේ ගෙදර ඉන්න කාලේ මට කිව්වා මවියෝ අන්න අරු අපිට බනිනවා උබ සරම උස්සලා පෙන්නපන් කියලා
මං එතකොට පල්ලයා ඉදලම සරම පැත්තකට ගලවල විසි කරලා උඩ තට්ටුවට ගියා හෙළුවෙන්, 

මේ තියෙන්නේ කියල මං පෙන්නුවා
බණ්ඩාරණායක වරු මගේ හෙළුව හොදට දැකල තියෙනවා"




අනවශ්‍ය දේවල් කතා කොට “මගේ කට අවුස්සා ගන්න එපා” යැයි චන්ද්‍රිකා මහත්මියට පිළිතුරු වශයෙන් ඇමතිවරයා කීවේය. “මගේ කට හොඳ නැහැ. හැබැයි මම පාවා දෙන්නේ නැහැ. චන්ද්‍රිකා මැතිණියට මම කියනවා කිවයුතු බොහෝ දේ තිබෙනවා. 
මගේ කට අවුස්සා ගත්තොත් ඒවාත් කියලා දමනවා.” ඇමැතිවරයා පැවසුවේය. 
 පාර්ලිමේන්තුවේ ඉන්නේ සොරුන්, මෝඩයින් යැයි චන්ද්‍රිකා මහත්මිය කියනවා නම් ඔවුන්ට නාම යෝජනා ලබා දුන්‍නෙත් චන්ද්‍රිකාම නේදැයි මර්වින් සිල්වා ප්‍රශ්ණ කළේය. ඒ කාලේ ඒ මිනිස්සුන්ගේ ගෙවල්වලට ගිහිල්ලා කාලා, බීලා අද ඔවුන් මෝඩයින්, සොරුන් හැටියට නන්දෙඩවීමෙන් පෙනෙන්නේ ටවුන්හෝල් එකේ කොටි බොම්බ ප්‍රහාරයෙන් චන්ද්‍රිකා මැතිණියගේ ඔලුව නරක් වී තිබීම යැයි ඇමැතිවරයා පැවසිය.

Gossip Lanka Hot News Previous News Archive