අගමැතිකමට නියම මිනිහා මමයි - I am the most suitable to be PM - Mervyn Silva

අගමැති පදවියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතාම සුදුස්සා තමා යැයි මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා කොළඹ පුවත්පත් සාකච්ඡාවකදී අද පැවැසීය. ‘මා තරම් සුදුස්සකු අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නෑ. මගේ සහෝදරිය, සහෝදරයා හා මස්සිනා මරා දැමුවා. මට තුවාල සිදු කළා. හිරේ දැම්මා. බෙලිඅත්තේ මගේ ගෙදර වැනසුවා. මා දේශපාලනය කළේ රාජපක්ෂවරුන් සමග. ජනපතිතුමාගේ ඉතාම හිතවත් මිනිසා මා විය යුතුයි. ඒ නිසා අගමැතිකම මට දෙන්න.‘ කොළඹ පුවත්පත් සාකච්ඡාවකදී ඔහු එසේ කීවේ මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. 
චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනපතිනිය මහනුවරදී කළ ප්‍රකාශ සම්බන්ධයෙන් පිළිතුරු දීම සඳහා මේ සාකච්ඡාව පැවැත්විණි.

Gossip Lanka Hot News Previous News Archive