මුඛ පිළිකා නිසා දිනකට තිදෙනෙකු බිලිගනී

ලෝක මුඛ සෞඛ්‍ය දිනය අදට යෙදී තිබේ. මෙවර එහි තේමාව වී ඇත්තේ, නිරෝගී දිවියකට නිරෝගී දත් යන්නයි. මෙහි සමරු උත්සවය ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය දන්ත වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ සහ සෞඛ්‍ය නියෝජ්‍ය අධ්‍යක්ෂ ලලිත් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර සෞඛ්‍ය විද්‍යායතනයේදී පැවැත්වේ.  

 එම සමාරම්භක උත්සවය ‍සනිටුහන් කරමින් කළුතර ඥාණනන්ද විද්‍යාලයේ පළමු,දෙවන වසර ළමුන් සහ හත සහ අට වසර ළමුන් ඉලක්ක කරගනිමින් දන්ත සායනයක් පැවැත්වෙනු ඇත.  මුඛ පිළිකා හේතුවෙන් දෛනිකව අවම වශයෙන් මෙරට පුද්ගලයින් දෙදෙනෙකු හෝ තිදෙනෙකු මියයන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් (දන්ත) වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පවසයි.
ඒ අනුව, ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණය මේ වසර තුළ පවත්වන ලෙස සෞඛ්‍ය ඇමති මෛත්‍රීපාල සිරිසේන මහතා නිළධාරීන්ට උපදෙස් දී තිබේ. වසර 10කට වරක් පවත්වන මෙම මුඛ සෞඛ්‍ය සමීක්ෂණය මීට පෙර පවත්වා ඇත්තේ වසර 2003දී බව වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා සදහන් කළේය. මුඛ සෞඛ්‍ය සමීක්ෂණය දිස්ත්‍රික් 24ක් පුරාම ක්‍රියාත්මක වේ. වයස් ඛාණ්ඩ 5ක් යටතේ පුද්ගලයින් 10000ක් මෙම සමීක්ෂණයට ලක් කිරීමට නියමිත බවද වෛද්‍ය ජයසුන්දර මහතා සඳහන් කළේය.

Gossip Lanka Hot News Previous News Archive