හලාල් සහතිකය නිකුත් කිරීම අද සිට ඉවතට - Remove Halal logo in Sri Lanka

සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානය විසින් ඉස්ලාම් ආගමානුකූලව නිකුත් කරන හලාල් සහතිකය දේශීයව නිකුත් කිරීම අත්හිටුවීමට තීරණය කල බව අද පෙරවරුවේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී එහි ප‍්‍රධානීන් සඳහන් කලහ.
එම තීරණය ක‍්‍රීයාත්මක වන්නේ නිෂ්පාදන ආයතනයන්හී දැනට තිබෙන හලාල් සහතිකය ඇතුළත් ඇසුරුම් අවසන් වීමෙන් පසුවයි.එය කඩිනම් කිරීම සඳහා හලාල් සහතිකය ඇතුළත් ඇසුරුම් නැවත මුද්‍රණය වහාම නතර කිරීමට තීරණය වී තිබෙනවා.කෙසේවෙතත් සංචාරකයන් සඳහා පවත්වාගෙන යන විශේෂ වෙළඳසැල්වල හලාල් සහතිකය ප‍්‍රදර්ශනය කිරීමට තවදුරටත් අවසර ලැබෙනු ඇති.අපනයන භාණ්ඩ සඳහා හලාල් සහතිකය නිකුත් කිරීමද තවදුරටත් සිදුවනවා.
එහෙත්,ඒ වෙනුවෙන් මින් ඉදිරියට මුදල් අයනොකරන බවයි සමස්ත ලංකා ජමෙයිතුල්ලා උලමා සංවිධානය කියා සිටියේ. පාර්ශව කිහිපයක් සමඟ සාකච්ඡා වලින් පසුව එකී තීරණයන්ට එළඹියේ බවද ප‍්‍රකාශ කෙරුණා.
ශ‍්‍රී ලංකා වාණිජ මණ්ඩලය,ශ‍්‍රී ලංකා තරුණ ව්‍යවාසකයන්ගේ මණ්ඩලය, ශ‍්‍ර‍්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩලය,ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය,ශ‍්‍රී ලංකා ජාතික අපනයන වාණිජ මණ්ඩලය සහ ඒකාබද්ධ ඇගලූම් සංගම් සංසදය එම පාර්ශව කිහිපයක්.

Gossip Lanka Hot News Previous News Archive