මත්තල කුරුල්ලන් එලවීමට මල් වෙඩි සහ රතිඤ්ඤා

සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් මත්තල ගුවන්තොටපළ ආසන්නයේ ඇති දිය කඩිති වසා දැමීමට තීරණය ඇති අතර මේ වනවිට එය ආරම්භ කොට ඇති බව වාර්තා වේ. මෙම දිය කිඩිතිවලට ජලය පානය සඳහා සතුන් පැමිණෙන බව පවසන අධිකාරිය ගුවන්තොටුපළට අසලට එම කුරුල්ලන් සහ වන සතුන් පැමිණීම වැලැක්වීම පිණිස මෙම පියවර ගෙන ඇති බවද පවසයි.

ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වන අධ්‍යක්ෂ ජනරාල් නිමල් සිරි මහතා ප්‍රකාශ කර සිටියේ තණකොළ, ඇටවර්ග වැනි සත්ව ආහාර පවතින ස්ථානද ඉවත් කරන බවයි. මේ අතර දැනට ගුවන්ගත කිරීමට සහ ගොඩබැස්සවීමට සුළු මොහොතකට පෙර කුරුල්ලන් එලවීම සඳහා මල් වෙඩි සහ රතිඤ්ඤා භාවිතා කරන බවයි. කුරුල්ලන් පැමිණීම ගුවන් යානාවලට ඉතා අනතුරුදායක බැවින් එය වැලැක්වීම පිණිස පරිසර හිතකාමී අයුරින් ‍වනසතුන් පැමිණීම වලක්වන බවද නිමසිරි මහතා වැඩිදුරටත් පවසයි.

ලංකාවට ආවේණික පක්ෂීන් සහ වාර්ෂිකව සංචාරක පක්ෂීන් ලක්ෂ ගණනක් පැමිණෙන අභයභූමියක් මධ්‍යයේ ගුවන්තොටුපළ පිහිටා ඇති නිසා ජෛව විවිධත්වයට හානි සිදුවිය හැකි බවත් ඒ පිළිබඳ දැඩි සැලකිල්ලක් දැක්විය යුතු බවත් පරිසරවේදීන් අනතුරු අඟවයි.

මේ වනවිට ගුවන් යානා දෙකක කුරුළු රංචු ගැටී ඇති බවද වාර්තා වේ.

Gossip Lanka Hot News Previous News Archive