සෑම තත්පර 5 කට වරක්‌ දුම්වැටි මාරයාට අයෙක්‌ බිලි


දුම්පානට එරෙහිව කලාකාරියන්ගේ අදහස් සහිත Video බලන්න

සෑම තත්පර 05 කට වරක්‌ම ලෝකයේ කොතැනක හෝ එක්‌ අයකු දුම්පානය නිසා මරණයට පත් වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.ලෝක ජනගහනයෙන් මිලියන 6 ක්‌ පමණ ජනයා දුම්පානය හේතුවෙන් වසරකට මිය යන අතර එයින් ලක්‍ෂ 6 ක්‌ පමණ මිය යන්නේ අක්‍රීය දුම්පානය නිසා බවද එම සංවිධානය පවසයි.

මේ හේතුවෙන් ලොව පුරා රටවල දුම්වැටි විරෝධී ක්‍රියාමාර්ග වැඩි වැඩියෙන් ක්‍රියාත්මක කිරීමට එම සංවිධානය මහත් පරිශ්‍රමයකින් කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ මත්පැන් හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්‌ථානයේ විධායක අධ්‍යක්‍ෂ පුබුදු සුමනසේකර මහතා  පැවසීය.ශ්‍රී ලංකාවේ ජනගහනයෙන්ද සියයට 65 ක්‌ පමණ අක්‍රීය දුම්පානයේ බලපෑම්වලට ගොදුරු වී සිටින බව ඒ මහතා කීවේය.දුම්වැටි විරෝධී ක්‍රියාමාර්ග කොතරම් ඇතත් දුම්කොළ සමාගම්වලින් එල්ල කරන්නා වූ බලපෑම් දිනෙන් දින ඉහළ යමින් ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

අනිද්දාට (31 වැනිදාට) යෙදී ඇති ලෝක දුම්වැටි විරෝධී දිනය නිමිත්තෙන් දුම්කොළ හා මධ්‍යසාර අධිකාරිය එක්‌ව පාසල් දරුවන් සහ මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන බව ද හෙතෙම පැවසීය. මෙවර ලෝක දුම්වැටි විරෝධී දින තේමාව වන්නේ "ඔබ දුම්කොළ සමාගම්වල රූකඩයක්‌ ද? ඔවුන්ගේ ප්‍රචාරණයන්ට හා අනුග්‍රහවලට නොරැව ටෙන්න" යන්නයි.

Thoughts on No Tobacco Day, 31st of March 2013
 ADIC Sri lanka

Gossip Lanka Hot News Previous News Archive