මහ දවල් ලක්ෂ 70ක් කොල්ල කති

වෑන් රථයකින් පැමිණි සන්නද්ධ සිවු දෙනෙක් ජා ඇළ ඒකල දී ඊයේ (28) දහවල් රුපියල් ලක්ෂ හැත්තෑවක මුදලක් කොල්ල කා පලාගොස් තිබේ. පෞද්ගලික ආයතනයක අධ්‍යක්ෂවරයෙකු සිය පෞද්ගලික රථයෙන් මුදල් රැගෙන යමින් සිටියදී කොල්ල කල්ලිය මාර්ගය අවහිර කර ගිනි අවියක් පෙන්වා මරණීය තර්ජන කර මුදල් පැහැරගත් බවට පොලිසියට පැමිණිලි ලැබී ඇත.

බැංකුවකින් මුදල් ලබාගෙන සිය ආයතනය වෙත යමින් සිටියදී එහි ගේට්ටුව අසලට වෑන් රථයකින් ආ පිරිසක් මේ මුදල් කොල්ල කෑ බවට ඔහු ප්‍රකාශ කර ඇතැයි පොලිසිය පවසයි. එදින දහවල් 12.50ට පමණ මේ සිද්ධිය සිදුව තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා කීය.

කොල්ලකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ජා ඇළ පොලිසි‍‍යේ කණ්ඩායමක් යොදවා තිබේ. සැකකරුවන් පිළිබඳ මෙතෙක් කිසිදු තොරතුරක් ලැබී නැත.
*An armed gang has robbed Rs.7 million belonging to a private firm in Ekala, Ja-Ela, police reported.

Gossip Lanka Hot News Previous News Archive