කාලගුණේ සමාව ඉල්ලයි

පසුගිය දිනවල ආසියිතික කලාපයට බලපැවැත්වූ සුළි කුණාටුවට මෙරට කීර්තිමත් රජ කෙනකු වූ මහසෙන් රජුගේ නාමය යෙදීම පිළිබඳ ජාතියෙන් සමාව ඉල්ලා සිටින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයකින් අදාළ සුළි කුණාටුවට "මහසෙන්" නාමය යෙදීම පිළිබඳ මෙසේ සමාව ඉල්ලා ඇත.

 පසුගියදා ඇතිවූ සුළි කුණාටුවට ''මහසෙන්"" නම දැමීමෙන් සිදුකර තිබෙන සාපරාධී ක්‍රියාව සම්බන්ධව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජාතියෙන් ප්‍රසිද්ධියේ සමාව ගත යුතු බව දේශීය වාරි සංස්කෘතික උරුමය සුරැකීම සඳහා වූ ජාතික සභාව පැවසූ අතර මේ පිළිබඳව රහස් පොලිසියට පසුගියදා (16) පැමිණිලි කර තිබේ. ලාංකික ජනතාව දේවත්වයෙන් පුදන රාජ නාමයක් ප්‍රචණ්ඩ කුණාටුවකට යෙදීම සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙසත් ,මේ ක්‍රියාව ජාතිද්‍රෝහී ක්‍රියාවක් ලෙස නම් කිරීමට තීරණය කර තිබෙන බවද, ඒ අනුව එහි වගකිවයුත්තන් නීතිය හමුවට පමුණුවන ලෙසත් ඉල්ලා සිටින ඔවුහූ සිය පැමිණිල්ලෙන් පැවසීය.

උතුරු ඉන්දියන් සාගර කලාපයේ වර්ධනය වන සුළි කුණාටු සඳහා මෙරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් යෝජනා කර තිබූ නාමලේඛනය ඊයේ නිල වශයෙන් ප‍්‍රකාශයට පත්කළා. කෙසේ වෙතත් එම නම් යෝජනා කර තිබුණේ කිසිදු පදනමකින් තොරව බව ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ ලේකම් එස්.එම්. මොහොමඞ් මහත්මිය පැවසුවේ.


*The Department of Meteorology has apologised for naming the recent tropical cyclone 'Mahasen.'

Gossip Lanka Hot News Previous News Archive