කටාර් රාජ්‍ය තුළ බෙදා හැරෙන බුදු රුව සහිත කාන්තා බ්ලවුසයක් උකුවෙල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේකඛාධිකාරි ශාස්ත්‍රපති මාඋස්සාවේ අග්ගධම්ම හිමියන් අතට පත්ව ඇත.
කටාර් රාජ්‍යයේ කර්මාන්ත ශාලාවක කළමණාකරුවකු සතුව තිබූ එම බ්ලවුසය එහි සේවය කළ මාතලේ,රෙඩ්බානාගම,පදිංචි සමන් අසේල මහතාවිසින් ශාස්ත්‍රපති මාඋස්සාවේ අග්ගධම්ම හිමියන් වෙත අද (29) උදැසන බාරදී තිබේ. සමන් අසේල මහතා එම බ්ලවුසය බාරදෙමින් කියා සිටියේ කටාර් රට තුළ බුදු දහමට නිගරු කිරීමේ මෙවැනි දේ සිදු වෙන බවයි.
