වසවිසෙන් තොර ගොවිතැනක් උදෙසා පුරාණ හෙළ රජවරුන් සිහිපත් කර පූජාවක්

වසවිසෙන් තොර ගොවිතැනක් වෙනුවෙන්, පුරාණයේ ශ්රී ලංකාවේ විසූ හෙළ රජවරුන් සිහිපත් කර පවත්වන ලද දුර්ලභ ගණයේ රාවන පූජාවක් පසුගියදා ගල්ගමුව, මහසෙන් පුරාණ පබ්බත විහාරයේදී පැවැත්විණි. පූජ්යැ පණ්ඩිත මානෑවේ විමලරතන මාහිමිපාණන් වහන්සේගේ මගපෙන්වීම මත, හෙළ දීපයේ අතීතයේ විසූ ශ්රේරෂ්ඨ මහා රාවන රජතුමා ප්රමමුඛ, මහසෙන්, දුටුගැමුණු ආදී හෙළ රජ පෙළපතේ රජවරුන්ගේ මතකයන් නැවත සිහිපත් කිරීමත්, ‍හෙළබිම ආරක්ෂා කරන දෙවි දේවතාවුන් වහන්සේලාට පින්දීමත්, මේ වනවිට රට තුළ මහත් ව්ය සනයක් ඇතිකරමින් තිබෙන වස විස සහිත බෝග වගාව තුරන් වී, නැවතත් පුරාණ රජවරුන් දැයට උරුම කළ හෙළ ගොවිතැනට පුනර්ජීවය ලැබීමටත් යන කරුණු මුල්කර ගනිමින් මෙම පූජාව පැවැත්විණි. 

වෙනත් පූජාවන් වල දැකිය නොහැකි පළතුරු පහන් පූජාව, එළවළු පහන් පූජාව, අග්නි පූජාව, දේව ප්රරථිමා කිරෙන් දෝවනය කිරීම, දේව ආභරණ උපහාරය, හෙළ වෙදකමට ගන්නා බෙහෙත් පූජාව, තැඹිලි පහන් ඇසුරෙන් පුරාණ හෙළ සංකේතයක් වූ ස්වස්ථිකය නිර්මාණය කිරීම ආදිය මෙම පූජාවේදී දක්නට ලැබුණු සුවිශේෂී ඉපැරණි හෙළ අංග අතර කැපීපෙනිනි.

සවස 7 පමණ සිට පැය 3කට ආසන්න කාලයක් මෙම පූජාව පැවැත්වුණු අතර, පූජාව අවසානයේ සියළු දෙනාටම කැවිලි සහ පළතුරු සංග්රපහයක්ද භුක්ති විඳීමට අවස්ථාව සැලසිනි. ප්රමදේශයේ ගොවිතැන් කටයුතු සිදුකරන ජනතාවගේ නොමඳ සහයෝගයත්, මේ පිළිබඳ අදහස ඉදිරිපත් කළ ප්රගශාන්ති විජේසිංහ මෙනවියගේ මූල්ය් දායකත්වයත් මේ සඳහා ලැබී තිබිණි. රාවන සවිය ජාතික සංවිධානය විසින් පූජාව මෙහෙයවනු ලැබූ අතර, හෙළ හිරුවන පදනම සහ හෙළ යුගය වැනි සංවිධානවල ශක්තියද මේ සඳහා ලැබී තිබිණි.


සටහන - චාරුක
(එම පූජාවේ ඡායාරූප 18ක එකතුවක් පහතින් දැක්වේ)


















Gossip Lanka Hot News Previous News Archive