පිල්ලේ මාව කසාද බඳින්න කැමතිනම් මම හෙට උණත් බඳිනවා – මර්වින්

ශ‍්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවනීදන් පිල්ලේ මහත්මිය කැමති නම් තමන් ඇය විවාහ කර ගැනීමට සූදානම් යයි අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි.මරදාන සුදුවැල්ල ප‍්‍රදේහයේ පැවති ‘ජන පියස’ ප‍්‍රජාසත්කාරක ජංගම සේවාව සඳහා සහභාගී වෙමින් අමාත්‍ය මර්වින් සිල්වා මහතා මේ යෝජනාව කලේය.

“පිල්ලේ නෝනට කියනවා. එන්න මාත් එක්ක රට වටේ යන්න. මාත් එක්ක එනවා නම් මං කියලා දෙන්නම් ඉතිහාසය මහා රාවණාගේ ඉඳලා විජය කුමාරයට නවාතැන් දීලා කුවේණිය කසාද බන්දලා දුන්නෙ අපි, පිල්ලේ නෝනටත් කැමති නම් මමත් ලෑස්තියි එතුමිය කසාද බදින්න හෙට උනත්. මට පොඞ්ඩක් 40ට වැඩියි. ඒ වුණාට පිල්ලෙ නෝනට ශක්තියක් තියෙනව නම් මට මුහුණ දෙන්න මං හෙට උණත් ලෑස්තියි. මුස්ලිම්වරුන්ට පුළුවනි නම් හතරක් බඳින්න මං මොකද දෙකක් බැන්ඳහම වෙන්නෙ.

මං පිල්ලේ නෝනට කියන්නේ යන්න අපේ පෞඬ ඉතිහාසය බලන්න. සුද්දා ඇඳුම් අදින් නැති කාලේ ඇඳුම් ඇන්ද ජාතියක් මේ ශී‍්‍ර ලංකාවේ ජීවත් වෙන්නේ. අපි කි‍්‍රස්තු පූර්ව වල ඉඳලා ලෝකයත් එක්ක වෙළෙඳාම් කරපු ජාතියක්. අපේ ජාතිය ගැන අධ්‍යනයක් කරන්න යන්න අනුරාධපුරයට, රුහුණට, පොළොන්නරුවට. ඕවල් රයිට්, විල්බට් රයිට්ලට ඉස්සෙල්ලා දඩු මොණරයක් හැදුවේ අපි. ඒක පිල්ලේ නෝනට කියලා දෙන්න.


අපි අවුරුදු තිහක් කුරිරු යුද්ධයට මැදිවෙලයි සිටියේ. අද මේ වගේ විශාල සෙනඟක් එක් ස්ථානයකට රැස්වෙන්න බැහැ. බොම්බ බිය නිසා. පරීක්ෂා කරලයි ගන්නේ. නමුත් අද අපේ වාසනාවට එහෙම තත්වයක් නැහැ. මේ වික‍්‍රමය කලේ කවුද, මොන රාජ්‍ය නායකයද 06 වන පරාක‍්‍රම බාහු රජතුමාගෙන් පස්සේ, ජාතීන් අතර සහයෝගය විතරක් නෙමෙයි, ත‍්‍රස්ත‍්‍රවාදීන්ගෙන් රට බේරගෙන මේ රට එක් සේසත් කලේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමායි.

මේ රාජපක්ෂවරු ගැන රටේ ජනතාව දන්නේ අතලොස්සයි. ප‍්‍රභාකරන්ගේ අවසාන මොහොත ලඟා වෙන කොට නම්බියාර්ලා, විදේශගත රාජ්‍ය නායකයන් කතා කලේ ජනාධිපතිතුමාටයි, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටයි. අපි එනකම් නවත්ත ගන්න කියලා.

එතුමා එඩිතරව කිව්වා බැඳගත්ත බේරේ ගහනාව මිසක් නැවැත්විලි නැහැ මේ රාජපක්ෂවරු ලඟ කියලා. මේ ත‍්‍රස්ත‍්‍රවාදය මානුෂික මෙහෙයුමෙන් ඉවත් කරලා තමයි නවත්වන්නේ කියපු ජනාධිපති වරයෙක්, ආරක්ෂක ලේකම් වරයෙක් තමයි මේ රටේ ඉන්නේ මිත‍්‍රවරුණි.”

අමාත්‍යවරයාගේ හඬ පටය

Gossip Lanka Hot News Previous News Archive