පාර්ලිමේන්තු මන්තී‍්‍ර මංගල සමරවීර මහතා එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායකවරයා ලෙස පත් කිරීම පිළිබඳව එම පක්‍ෂ අභ්‍යන්තරයේ සාකච්ඡා පැවැත්වෙමින් ඇත්තේ යයි වාර්තා වේ.
මෙම නව යෝජනාව මීළඟ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවද සිරිකොත ආරංචි මාර්ග සඳහන් කරයි.
දැනට එජාප ජාතික සංවිධායකවරයා ලෙස කටයුතු කරන නැගෙනහිර පළාත් සභා මන්තී‍්‍ර දයා ගමගේ මහතා සිය ධූරයෙන් ඉවත් වීමට කැමැත්ත පල කර ඇත.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා ලෙස කෑගල්ල දිස්තී‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර කබීර් හෂීම් මහතාත් ජාතික සේවක සංගමයේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්තී‍්‍ර නීතීඥ අජිත් පී. පෙරේරා මහතාත් පත් කිරීමටද යෝජනා ඉදිරිපත් වී ඇති බවද වාර්තා වෙයි.
