'නෙත්' ගුවන් විදුලිය සමග පැවති සාකච්ඡාවකදී ඔහු එබව පැවසිය. එක්සත් ජාතික පක්‍ෂය ජයග‍්‍රාහී මාවතකට රැගෙන යාම සඳහා ආරම්භ කළ සාකච්ඡාවල සාර්ථක ප‍්‍රගතියක් ඉදිරි සතියේදී අපේක්‍ෂා කරන බවත්, සංඝරත්නය විසින් ලබාදුන් යෝජනා සහ පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනා පිළිබඳවද තවදුරටත් සාකච්ඡා කරන බවත් ඔහු නෙත් නිවුස් වෙත කියා සිටියේය.
'' මේවනවිට ගෞරවනීය අතිපුජනිය මහ සංඝරත්නයේ අවවාද අනුසාසනා පරිදි, අට වැදෑරුම් වැඩසටහනක් මමත්, කරු ජයසුරිය මැතිතුමාත්, ගෞරවනීය මහ සංඝ රත්නයත් ඒකමතිකව අනුමත කරලා, රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඉදිරිපත් කරලා තියනවා.
එතුමත් යෝජනා සහ අදහස් ගණනාවක් ඉදිරිපත් කළා. එම යෝජනා හා අදහස් ඇතුළුව ගෞරවනීය මහ සංඝරත්නයේ යෝජනාවලියත් පැය එකහාමාරකට වැඩිය සාකච්ජාවකට භාජනය කරලා, තවදුරටත් ඒගැන ලබන සතියේ සාකච්ජා කරන්න තීරණය කළා. ...'' යයි ද ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
