ආසියාවේ වයස්‌ගතම අම්මා අවුරුදු 117 ක්‌ ආයුවිඳ මියයයි

ආසියාවේ වියපත්ව මාතාව ලෙස නම්කර සිටි මාවනැල්ල හෙම්මාතගම, බලත්ගමුව පදිංචිව සිටි උක්‌කු අම්මා මාතාව අවුරුදු 117 ක්‌ ආයු වළ¹ ඊයේ (07 වැනිදා) මියගියාය.

1897 ඔක්‌තෝබර් 22 දින ඇය උපත ලැබුවාය. ඈ දුවා දරුවන් 07 ක්‌ බිහිකර ඇත. ඇගේ දරු මුණුබුරන් සංඛ්‍යාව 98 කි.

මුළු ප්‍රදේශයේම ගෞරවාදරය දිනාගත් උක්‌කු අම්මා මාතාවගේ ස්‌වාමිපුරුෂයා වූ බණ්‌ඩියා උපාසක මහතා ද අවු. 111 ක්‌ ජීවත්ව මීට වසර කිහිපයකට පෙර මියගොස්‌ ඇත.ඇගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (08 දා) බලත්ගමුවේදී සිදු කෙරේ. 

Gossip Lanka Hot News Previous News Archive