ආණ්ඩු පක්‍ෂයේ 40ක් විපක්‍ෂයේ වාඩි වෙන්න තීන්දු කරයි


පාර්ලිමේන්තුවේ ස්වාධීනව අසුන් ගැනීමට තීරණය කළ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරු හතළිස් දෙනා හෙට සිට විපක්ෂයේ අසුන් ගැනීමට තීරණය කර එම තීරණය ලිඛිතව කථානායකවරයා වෙත අද (18දා) භාරදෙන බව එම කණ්ඩායමේ පක්ෂ නායකයෙක් සඳහන් කළේය.

එම කණ්ඩායමේ පක්ෂ නායකයන්ගේ රැස්වීමක් පසුගියදා පවත්වා ඇති අතර එම රැස්වීමේදී මෙම තීරණයට එළැඹ ඇති බව වාර්තාවේ.

ශ්‍රී  ලංකා නිදහස් පක්ෂය, ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයේ මන්ත්‍රිවරු, ලංකා කම්කරු කොංග්‍රසය, ආචාර්ය විජයදාස රාජපක්ෂ සහ අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු ආණ්ඩුවේ ස්වාධීන වූ මන්ත්‍රි කණ්ඩායම මෙසේ විපක්ෂයේ අසුන් ගැනීමට නියමිතය. 

දැනට විපක්ෂයේ සිටින සමගි ජන බලවේගය, දෙමළ ජාතික සන්ධානය සහ ජාතික ජන බලවේගය යන පක්ෂ සමඟ සාකච්ඡා කර ඒකාබද්ධ විපක්ෂයක් ලෙස ඉදිරියට යෑම සඳහා සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවද එම කණ්ඩායමේ ප්‍රකාශයෙක් පැවැසීය.

Gossip Lanka Hot News Previous News Archive