'ගෝඨාගෝගමේ ගාල්ල ශාඛාව' පොලිසියෙන් ඉවත් කරයි (VIDEO)
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන විරෝධතාවට සහය පළ කරමින් ගාල්ල බස් නැවතුම්පොළ ඉදිරිපිට පැවත්වූ විරෝධාතාව සඳහා ඉදි කර තිබූ කූඩාරමක් පොලිසිය විසින් අද (අප්‍රේල් 17) දින උදසෑන ඉවත් කිරීමට යාමේදී දැඩි උණුසුම් තත්ත්වයක් ඇති වී තිබේ.
"Galle Face තනි නොකරමු" යන තේමාව යටතේ ගාල්ලේ සිටින තරුණ තරුණියන්, වෘත්තිකයින්, සිවිල් ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් ඉකුත් 15 වන දා සිට මෙම අඛණ්ඩ විරෝධතාව ආරම්භ කළේ ය.
හෙට දිවුරුම් දෙන නව කැබිනට්‌ටුවෙත් අගමැති මහින්දමයි
එසේ නව කැබිනට් මණ්ඩලයේ අගමැතිවරයා ලෙස තවදුරටත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කිරීමටත් හිටපු ඇමැතිවරුන් වන චමල්, බැසිල්, නාමල්, ශෂීන්ද්‍ර යන රාජපක්ෂවරුන් නව කැබිනට් මණ්ඩලයට පත් නොකිරීමටත් තීරණය කර ඇත.
මෙවර අවුරුද්ද ඔබට, රටට බලපාන්නේ කෙසේද?
රාශි චක‍්‍රයේ සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක‍්‍රමණය වීම සිංහල අලූත් අවුරුද්ද ලෙස හැඳින්වේ. 2022 අපේ‍්‍රල් 14 පෙ.ව. 8.41 ට යෙදෙන තත්කාල කේන්ද්‍රය දිනය ගුරු දින – නැකත පුවපල්, පුරතෙළෙස්වක තිථිය යෝගය වෘද්ධි, කරණය කෞලව, දෙර්කාණය 22 මේෂ – කුජ – සිකුරුගේ දශා කාලයක්. බාධක ග‍්‍රහයා ශනි – ආත්මකාරක ග‍්‍රහයා රවි. මේ ආදී වශයෙන් සිංහල අලූත් අවුරුද්ද උදා වුණේ.
මෙතැන් සිට රටට සහ ඔබට! ඔබේ ජන්ම කේන්ද්‍රය ඔබේ ග‍්‍රහ පිහිටීම් අනුව අඩු වැඩි විය හැක. රටට මෙම ග‍්‍රහ පිහිටීම කෙසේද බැලූවොත් බරපතළ විපර්යාසයකට පෙරළෙයි. මෙතෙක් පැවති වාසනාව රටේ නායකත්වය දරන අයට අහිමි වෙයි. රටේ ප‍්‍රධාන පුටුවක් දරන කෙනකුගේ මරණය සිද්ධ වෙයි. විශේෂයෙන් දේශපාලනඥයන්ගේ වැඩපිළිවෙළ නොපිට පෙරළෙයි. අමුතු අනාගතයකට මුහුණ දෙන්නට සිදු වේ. මහජනයාගේ අප‍්‍රසාදය කෙළින්ම දේශපාලඥයන් වෙත එල්ල වෙයි. මහජනයාගේ අප‍්‍රසාදය නිසා ගෙදර යන්නට පවා සිදු වේ. ගෙදරට ද හිර ගෙදරට ද තීරණය වන්නේ අනිකුත් ග‍්‍රහ පිහිටීම් අනුවයි. රාජ්‍ය සේවයේ යෙදී සිටින ප‍්‍රධාන පුටුවල රාජකාරි කරන සමහර අයට ද නින්දා අපහාස විඳින්නට සොරුන් ලෙස හංවඩු ගැසීමට සහ අවනම්බු විඳීමට, නින්දා අපහාස විඳින්නට සිදු වේ. දේශපාලනයේ මෙන්ම ප‍්‍රධාන පුටුවල සිටින අය නිසා රටට අසීමාන්තික පීඩා විඳින්නට සිදු වේ.
මේ වසරේ නම් විවාහයකට කිසිම සූදානමක් නැහැ. Maneesha Chanchala
දෙරණ ලිට්ල් ස්ටාර් ගායන තරගාවලිය තුළින් ළමා ගායිකාවක් ලෙස ක්ෂේත්‍රයට පැමිණි මනීෂා චංචලා මෑත කාලයේ වඩාත් ජනප්‍රිය වූයේ ‘සිදු’ ටෙලිනාට්‍යයේ ‘තෙරුණි’ගේ චරිතයෙනි. ගායනයෙන්, නිවේදනයෙන් මෙන්ම රංගනයෙන් ප්‍රේක්‍ෂක ආකර්ෂණය දිනාගනිමින් ආලින්දය හැඩ කළ ඇය බොහොම කාලෙකට පස්සේ අලුත් නිර්මාණයකින් මේ දිනවල දැකගන්න ලැබෙනවා. ‘ගුග්ලි’ ටෙලිනාට්‍යයේ ‘පහන්දි’ චරිතය හරහා ප්‍රේක්ෂකාගාරයට එන මනීෂා කාලෙකට පස්සේ අපිත් සමඟ කතාබහකට එකතු වූයේ මෙලෙසිනි.
කොහොමද මේ දවස්වල වැඩ කටයුතු?
‘ගුග්ලි’ ටෙලිනාට්‍ය එක්ක තමයි මේ දවස්වල වැඩිම කාලයක් ගත වෙන්නේ. ඊට අමතරව අලුත් ටෙලිනාට්‍යයක වැඩ කටයුතු ආරම්භ වුණා. ඒක විශ්ව ලංකා අයියාගේ ටෙලිනාට්‍යය නිෂ්පාදනයක්. ඒ අතරේ නිවේදන කටයුතුවලටත් දායක වෙනවා.



