ඩයනාගේ මන්ත්‍රීධුරය අහෝසියි

සමගි ජන බල පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පත්වූ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය දැරිය නොහැකි බවට ත්‍රිපුද්ගල ශ්‍රෙෂ්ඨාධිකරණ විනිසුරු මණ්ඩලය අද තීන්දුව ප්‍රකාශයට පත්කරමින් නියෝග කළේය.ද්විත්ව පුරවැසිභාවය සහිත අයෙකුට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධුරය දැරිය නොහැකි බවට චෝදනා කරමින් ගොනුකර තිබූ පෙත්සම් විභාගයක තීන්දුව ප්‍රකාශයට පත්කරමින් මෙම නියෝගය නිකුත් කළහ.


රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව ගම්‍ය වෙයි.

වීසා නිකුත් කිරීම ඉන්දීය සමාගමකට දීමෙන් මහ අවුලක් වෙලා

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තුළ මෙතෙක් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් සිදු කළ වීසා නිකුත් කිරීම (On Arrivel Visa ) පෙරේදා (2) දින සිට එහි කටයුතු ඉන්දීය පෞද්ගලික සමාගමකට පවරා තිබූ අතර , ඔවුන් එම කටයුතු ආරම්භ කර පැය කීපයක් තුළ ගුවන් තොටුපොළ තුළ දිගු පෝලිම් ඇති වී විදේශීය සංචාරකයන් කළහකාරී ලෙස හැසිරීමට පටන් ගැනීමත් සමග එම ඉන්දීය සමාගම වීසා නිකුත් කිරීමේ කටයුතුවලින් තාවකාලිකව ඉවත් කිරීමට ආගමන විගමන පාළක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පියවර ගත්තේය.

මින් ඉදිරියට දරුවන්ට ශාරීරික දඬුවම් නීතියෙන් වරදක්

දරුවන්ට පහරදීම් ඇතුළු ශාරිරික දඬුවම් පැමිණවීම තහනම් කිරීම සඳහා වන දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

ඒ අනුව මින් ඉදිරියට වැඩිහිටියෙකු හෝ ගුරුවරයෙකු දරුවෙකුට ශාරිරික දඬුවම් කරන්නේ නම් එය වරදක් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවසීය.

පෑලියගොඩ අවටින් ඇල්ලූ වීදි ගණිකාවන් 25ටම සමාජ රෝග

පෑලියගොඩ පොලිස් වසමේ දින කිහිපයක් තුළ සිදුකළ වැටලීම්වලින් පොලිසිය භාරයට ගත් වීදි ගණිකාවන් විසි පස් දෙනකු සමාජ රෝගවලට ගොදුරු වී ඇතැයි වෛද්‍ය පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.

මෙම කාන්තාවන් පෑලියගොඩ මධ්‍යම වෙළෙඳ සංකීර්ණය, මත්ස්‍ය වෙළෙඳපොළ, පට්ටිය හංදිය, වෙදමුල්ල ඇතුළු ප්‍රදේශවලදී පෑලියගොඩ මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

අවලෝකිතේෂ්වර බෝධි සත්ත්වයා රිමාන්ඩ්

අවලෝකිතේෂ්වර නාමයෙන් පෙනී සිටිමින් බුදු දහමට නිගාවන ආකාරයේ දේශන පවත්වමින් සිටියදී අත්අඩංගුවට ගත් මහින්ද කොඩිතුවක්කු නැමැත්තා එළඹෙන 24වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.

සැකකරු අද (16) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය ලබාදී ඇත.

සැකකරු පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් පන්නිපිටියේදී ඊයේ (15) අත්අඩංගුවට ගනු ලැබීය.

පුත්තලම නෙඩුම්කලම්හි කපුටන් හදිසියෙ මිය යයි


පුත්තලම නෙඩුම්කුලම් ප්‍රදේශයේ ස්ථාන කිපයක  විශාල ලෙස කපුටන් (7 ) දින මිය ගොස් ඇති බව ජනතාව පවසති.

මෙසේ 100 කට ආසන්න කපුටන් නෙඩුම්කුලම් ප්‍රදේශ ස්ථාන කිපයක මිය ගොස් තිබු බව ප්‍රදේශවාසින් පවසයි.

මෙසේ මරණයට පත්වු කපුටන් රංචු ආසන්නයෙ අහසේ කපුටන් විශාල ලෙස පියාඹින් සිටින අයුරුද දැක ගත හැකි විනි.

Gossip Lanka Hot News Previous News Archive