වධ වේදනා-නින්දා අපහාස මැද්දෙ සාමාන්‍ය පෙළින් ඒ-9 ක් ගත්ත විමාෂා වීරවංශ කතා කරයි
මෙවර අ. පො. ස සාමාන්‍ය පෙළ විභාගයෙන් විෂයන් නවයටම ‘ඒ’ සාමාර්ථ ලබාගත් හපනුන් ගණනින් 9000ත් ඉක්මවා ගිය බව කවුරුත් දන්නා දෙයක්. මේ ‘ඒ‘ නවයක් ගත් හපනුන් අතරට දන්නා කියන අයගේ දරුවන් එකතු වී තිබුණා. ජාතික නිදහස් පෙරමුණු නායක විමල් වීරවංශගේ දියණිය විමාෂා වීරවංශත් තමන්ගේ නම ‘ඒ’ නවයේ ලැයිස්තුවට එකතු කරගෙන තිබුණා. වීරවංශ දියණිය ගේ ‘ඒ‘නවය ගැන කවුරුත් කතා වෙන්නෙ පහුගිය කාලෙ ඇය ගැන කියැවුණු නොයෙක් කතා සහ ඇයට මුහුණ දෙන්න වුණු සිදුවීම් නිසා. බොහෝදෙනාට වීරවංශ දියණිය ගැන තිබුණු කුතුහලයන්ට ඇය උත්තර දුන්නෙ මෙහෙම.