Ravi files complaint against Cabraal at Bribery Commission,කබ්රාල්ට එරෙහිව රවී අල්ලස් කොමිසමට යයි

මැලේෂියානු සමාගමක් වූ ‘ගෝල්ඩ් ක්වෙස්ට්’‘GOLD QUEST’ සමාගම සමග ශ්‍රී ලංකාවේ ෆර්න් ටී ‘ FERN TEA’ සමාගම පිරමීඩාකාර දාම ක්‍රියාමාර්ගයක් මගින් ශ්‍රී ලංකාවේ මුදල් වංචා කිරීම පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව එජාප මන්ත්‍රී රවි කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත පසුගිය දා පැමිණිල්ලක් කර ඇත.

මනම්පිටියටත් රතු වැසි, Red Rain

පොළොන්නරුවේ ස්ථාන කිහිපයකට ද අද (15) පෙරවරුවේ රතු වැස්සක් වැටී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.
මනම්පිටිය, සීලපුර ප්‍රදේශයටත් දිඹුලාගල ඇල්ලේවැව සහ හිඟුරක්ගොඩ ප්‍රදේශවලටත් මෙසේ රතු වැසි වැටී ඇතැයි එම ප්‍රදේශවාසීහු සවසති
දිඹුලාගල මනම්පිටිය ප්‍රදේශ‍යට උදෑසන රතු වර්ෂාව වැටී ඇත්තේ  පෙ.ව 7.00 සිට 8.00 දක්වා කාලයේය.
 සෙවනගල - ඉදිකොලපැලැස්ස ප‍්‍රදේශයටද ඊයේ මෙවැනි වැස්සක් ඇද හැලිණ.

දිවයින පුරා හෙද හෙදියන් වර්ජනයක.

ඉල්ලීම් 5 ක් මුල් කරගනිමින් දිවයින පුරා සියලූ රෝහල්වල සිටින හෙද සංගම් දෙකකට අයත් හෙද හෙදියන් අද වැඩ වර්ජනයක් සිදු කිරීමට සැරසෙනවා. අද උදෑසන 7 සිට මෙම වැඩ වර්ජනය ආරම්භ කරන බවයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ. හෙද සේවාවේ වැටුප් ගැටළුව හා උසස්වීම් සම්බන්ධයෙන් මතුව තිබෙන ගැටළු මෙම වැඩ වර්ජනය සඳහා මූලික වශයෙන් හේතුවී ඇති බව එම සංගමයේ සභාපති සමන් රත්නප‍්‍රිය ප‍්‍රකාශ කළා.

චීනයේ නව නායකත්වය ෂී ජින්පින්ට

මීළඟ චීන ජනාධිපති ධුරයට පත්වීම තවදුරටත් තහවුරු කරමින් උප ජනාධිපති ෂිං ජින් පින්ග් අද චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ප‍්‍රධාන ලේකම් ධුරයට පත් කෙරුණා. අද පෙරවරුවේ කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ පූර්ණ සැසිය රැස් වූ අවස්ථාවේදී මෙම පත්වීම් සිදු කෙරුණා. එසේම ඔහුව පක්ෂයේ මධ්‍යම හමුදා කොමිසමේ සභාපතිවරයා ලෙසද පත්කොට තිබෙනවා.

බ්‍රේකින් ඩෝන් - 2 අනිද්දා සිට, Breaking dawn part 2

වසරක් පුරාවට ලොවපුරා පේ‍්‍රක්ෂකයින් පුල පුලා බලා සිටි ට්වයිලයිට් සිනමා මාලාවේ අවසාන කොටස වන බ්‍රේකින් ඩෝන් - 2 චිත‍්‍රපටිය නොවැම්බර් 16 දා සිට ලොවපුරා සිනමාහල් වල තිරගත වේ.

ශ‍්‍රී ලාංකීය රසිකයන්ට මෙම අවස්ථාව ලබන සතියේ, එනම් නොවැම්බර් 21 දා සිට උදා වන අතර, මෙම චිත‍්‍රපටිය කොළඹ ලිබර්ටි හා එක්සෙල් සිනමා ශාලා වල තිරගත වනු ඇත.

ෆේස්බුක් මිනී මැරුමක්,

ජනවාරි මාසයේ ගැහැණු ලමයෙකු මරා දැමීම සදහා තුන්වැන්නෙකු මෙහෙය වූ ලන්දේසි ජාතික බාල වයස්කරුවන් දෙදෙනෙක් වසර දෙකක් පරිවාස බාරයේ තැබීමට නියම විය.

මොවුක් දැරිය මරාදැමිමට සැලසුම් කර ඇත්තේ දෙදෙනාගේ ෆේස්බුක් හි කල නොමනා ලිංගික ක‍්‍රියාවන් ප‍්‍රචාරය කිරිම නිසාය.

Nearly 1000 children hospitalised,ගම්පොළ ජිනරාජ බාලිකාවන්ට ඇඟ කැසීම පළු දැමීම ක්ලාන්තය

ගම්පොළ ජිනරාජ බාලිකා මහ විද්‍යාලයේ ශිෂ්‍යාවන් දහසකට අධික පිරිසක් ඊයේ (14) උදෑසන පාසල ආරම්භවීමත් සමඟ ආසාත්මිකතාවකට ලක්වීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා ගම්පොළ ශික්‍ෂණ රෝහලට ඇතුළත් කළ බව රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා සඳහන් කරයි.

මේ පාසලේ ශිෂ්‍යාවන් 2425 ක් අධ්‍යාපනය ලබන අතර ඔවුන් උදෑසන පාසල ආරම්භ වී පංති තුළට යමින් සිටියදී මෙසේ රෝගී වීමට පටන් ගෙන ඇත. මේ තත්ත්වය මත ඊයේ සිට දින 3ක් පාසල වසා දැමීමට ද පියවර ගැනිණි.

දෝෂාභි‍යෝගය නාඩගමක්- Anura kumara disanayaka, Impeachment motion a government ‘Drama’

තීන්දුව සැලසුම් කරලා ඉවරයි

රජය විසින් අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව ගෙන එන ලද දෝෂාභියෝග යෝජනාවේ තීන්දුව කල්තියා සැලසුම් කරන ලද්දක් බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික,පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.

අද බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමවකදී ඔහ් මේ බව කියා සිටියේය. එහිදී ඔහු මෙසේද සඳහන් කළේය.

Gossip Lanka Hot News Previous News Archive