ඕපදූප හොයන, ඊර්ෂ්‍යා කුහකකම් කරන පිරිමින් තමයි අද වැඩිපුර ඉන්නේ - Chat With Amila Perera



 ජනප්‍රිය යොවුන් ගායක අමිල පෙරේරා
සිරස සුපර්ස්ටාර් ප්‍රථම අදියර තුළින් ගායන ක්‍ෂේත්‍රයට එක් වූ ඔහුගේ ගැඹුරු හඬ සිනමා පසුබිම් සංගීතයට කදිම තිළිණයක් විය. තමාටම ආවේණික අනන්‍යතාවයකින් ගායන ක්‍ෂේත්‍රය තුළ දිගු ගමනක් යා හැකි ගායකයකුගේ පෙර ලකුණු පහල කරමින් සිටි මේ යොවුන් ගායකයා හිටිහැටියේම ලංකාව හැරයාම ඔහු විසින් තමාටම සිදුකරගත් අසාධාරණයක් වැනිය. නමුදු මාස කිහිපයකට පෙර යළි ලංකාවට පැමිණ ඔහු අද වනවිට ගායකයකු ලෙසින්ද රූපවාහිනි වැඩසටහන් ඉදිරිපත් කරන්නකු ලෙසින්ද යළි අපට ළංව සිටියි. අමිල පෙරේරා නම් ඔහු අද  හා සාකච්ඡාවට අප හා මෙලෙස එක්වේ.

මේ රටේ රැකියාවල් ඕනෑ තරම්... නමුත් උගතුන් බිහිවන්නේ නැහැ - Education Minister Bandula Gunawardena

මේ රටේ රැකියාවල් ඕනෑ තරම් තියෙනවා. නමුත් ඒවාට අවශ්‍ය උගතුන් බිහිවන්නෙ නෑ. මේ රටේ ඔබේ අපේ දරුවන්ගෙන් සියයට 22 යි උසස්‌ පෙළ විද්‍යාව හදාරන්නෙ. සියයට 25 යි වානිජ අංශයෙන් උසස්‌ පෙළ සමත්වන්නේ. ඉතිරි සියයට 53 ක්‌ම උසස්‌ පෙළ හදාරන්නේ කලා විෂයයන්. අපි මොනතරම් ගුරු පුහුණු වැඩසටහන් තිබ්බත්, පුහුණු සැසි තිබ්බත් මොන ආකාරයෙන් හිතුවත්, සැලසුම් කළත් ප්‍රතිඵලේ දරුවන්ට ගිහින් නෑ. අධ්‍යාපනයේ දැවැන්ත අර්බුදයක්‌ තිබෙනවා. අධ්‍යාපනයේ අවුල ඇත්තේ මෙතැනයි. එහෙත් බොහෝ දෙනකු සිතා සිටින්නේ විශ්වවිද්‍යාලයක ආචාර්යවරයකු සකසන ප්‍රශ්න පත්‍රයක ඇලපිල්ලක්‌, පාපිල්ලක්‌ ඉස්‌පිල්ලක්‌ වැරදුණොත් ඒක තමා විශාලම අවුල කියලයි. එය නිවැරදි කිරීමට අධ්‍යාපන ඇමැතිට ගෙදර පල කියනවා යෑයි අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා කුලියාපිටිය පැවැති උත්සව සභාවකට සහභාගිවෙමින් පැවැසීය.

මුහුදට බිලි වූ 17 හැවිරිදි බුද්ධම සුමංගල සාමනේර හිමියන්ගේ ඛේදචාචකය

 ගල්වැටිමෝදර පන්සලේ පිටුපස මුහුදේ රළ පහරකට අහුවෙලා සාමනේර නමක්‌ අතුරුදන් වෙලා යෑයි ඉරිදා හැන්දැවේ පානදුරේ පුරා පැතිරෙන්නට විය. අනේ, අපොයි කියමින් දෙනෝදහසක්‌ නල්ලූරුව පැත්තට දුවන්නට වූහ.

එසේ අතුරුදන්ව සිටියේ ගොරකපොල විද්‍යාරාජ පිරිවෙනේ අධ්‍යාපනය ලබන 17 හැවිරිදි බුද්ධම සුමංගල හිමියන්ය.

මේ අනුවේදනීය සිද්ධිය පිළිබඳව විද්‍යාරාජ පිරිවෙනේ වැඩවසන මාබෝදලේ විජිතසේන හාමුදුරුවෝ මෙසේ පැවසූහ.



ඉරිදා සවස ගල්වැටිමෝදර වෙරළට අපි ගියා. 25 ක්‌ පමණ පිරිසක්‌ එතැන හිටියා. ගිහි අයත් හිටියා. අපි 5.30 ට පමණ එගොඩ ආවා. අපි රැල්ල පාගමින් සිටියේ. අපවත් වුණු සාමනේර හිමි තවත් තුන් දෙනෙක්‌ සමග වැලි හෝදා ගන්න කියල ගියා. ආපු රළ පහරට තුන්දෙනෙක්‌ ගොඩට විසි වුණා. ඒත් සුමංගල හාමුදුරුවෝ රළ පහරට ගසාගෙන ගියා. අපි ආධාර ඉල්ලා කෑගැසුවා.

අයියා නැඟණිය අපයෝජනය කරලා, Older brother abuse younger sister

කඩවත ප්‍රදේශයේ 12 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක ඇගේ 14 හැවිරිදි සොහොයුරා විසින් අපයෝජනයට ලක්කර ඇතැයි කියන සිද්ධියක් පිළිබඳ ජාතික ළමාරක්‍ෂක අධිකාරියේ පොලිස් ඒකකය පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

ඒ සම්බන්ධයෙන් සැකකාර සොහොයුරා පොලිස් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්‍ෂයක බැඳුම්කරයක් මත මුදාහැර ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

අනියම් කම්සැප වීඩියෝ කර කල්ලියක් කප්පම් ගරලා

'නැත ලොවේ අන් රසඳුනා - ආදරේ සේ සුව දෙනා' කියලා කිව්වත් තහනම් පෙම් සුවය ඊටත් වඩා සුවදායී කියලා හිතුණ නිසා වෙන්නට ඇති සරතුත්, ශිරෝමිත් තම තමන්ගේ විවාහක සහකරුවන්, දුවා දරුවන් පවා අමතක කොට තහනම් ප්‍රේමයෙන් බැඳෙන්නට ඇත්තේ.

සුළු ව්‍යාපාරිකයෙක් විදිහට දිනෙන් දින සරත්ගෙ (35) අත මිට සරුවෙලා ආර්ථිකය ශක්තිමත් වෙද්දි සරත්ට වුණේ හැමදාම දකින කුකුළගෙ කරමලේ සුදුවට පේන්න ගන්නවා වගේ තමන්ගේ විවාහක බිරිය එපා වෙලා ගිය එකයි.
මඟ තොටේදී නිතරම දුටුව රූමත් තරුණියක් වුණු ශිරෝමි (27) පිළිබඳ සරත් හිටියේ ඇස ගසාගෙනමයි. ශිරෝමිත් සරත් පිළිබඳ උනන්දුවක් දැක්වුවත් ඇය ඉදිරියට තැබූ පය නැවත වාරයක් ආපස්සට ගත්තේ තමන් සස්වාමිකයි නේද කියලා මතක් වීම නිසයි.

හිරුණිකාගේ නිවසට අසූචි ප‍්‍රහාරයක් ! Human faeces attack on Hirunika’s residence.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්‍ෂමන් පෙ‍්‍ර්චන්ද‍්‍ර මහතාගේ දියණිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවියගෙ නිවසට කිසියම් පිරිසක් විසින් ඊයේ (03) රාති‍්‍රයේ ප‍්‍රහාරයක් එල්ලකර ඇතැයි  වාර්තා වේ.

ගල්මුල්වලට අමතරව ඇගේ නිවසට අසූචිවලින්ද පහරදී ඇතැයි පැවසේ.

ගිය වසරේ ඔක්තෝබරයේ දී කොලොන්නාවේ දී සිදුවූ ඡන්ද ගැටුමකින් තුවාල ලබා සිංගප්පූරු රෝහලක ප්‍රතිකාර ලබන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට සෙත් පතා ගොතටුව කන්දේ විහාරයේ ඊයේ (03) බෝධි පූජාවක් පැවැත්වෙද්දී, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය ඇතුළු පිරිසක් ඊට කිලෝ මිටර් දෙකක් පමණ දුරින් කොලොන්නාව හංදියේ උද්ඝෝෂණයක් ද පවත්වනු ලැබිනි.

නිධන් හොරුන් විසින් චෛත්‍යයේ කොත රැගෙන ගොස් ඇත

 නිදන් හොරු සෑයත් හාරති
ඊයේ (03) රාත්‍රී ඌව පරණගම බෙරලිය පොළ ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ චෛත්‍ය ධාතු ගර්භය හාරා කොත්වහන්සේ නිධන් හොරුන් විසින් පැහැරගෙන ගොස් ඇත. ඉපැරණි රජමහා විහාරයට අතුලු වී ඇති නිධන් හොරුන් විහාරස්ථානයේ චෛතයේ ගර්භය හාරා තිබේ.
කෙසේ වෙනත් එහි ඇතුළත කිසිවක් හොරුන්ට ලබා ගැනීමට නොහැකි වී ඇති අතර නිධන් හොරුන් විසින් චෛත්‍යයේ කොත රැගෙන ගොස් තිබේ. ඊයේ උදෑසන විහාරස්ථානයේ හීල්දානය රැගෙන පැමිණි දායක පිරිසක් චෛත්‍ය වන්දනාමාන කිරීමට ගිය අවස්ථාවේ ගර්භය බිඳ තිබෙනු දැක මේ බව සැල කර තිබේ.

ජීවන් මෙන්ඩිස් ඕස්ටේ‍්‍රලියාවට

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ තුන්ඉරියව් ක‍්‍රීඩක ජීවන් මෙන්ඩිස් ඕස්ටේ‍්‍රලියාවේ පන්දුවාර විස්සයි - 20 දේශීය ක‍්‍රිකට් තරගාවලිය වන ‘බිග් බෑෂ්’ තරගාවලියේ සිඩ්නි සික්සර්ස් පිලට නම් කර ඇතැයි එම කණ්ඩායමේ පුහුණුකරු ටෙ‍්‍රවර් බේලීස් මාධ්‍යට පවසා ඇත.

පසුගියදා පැවති ලෝක කුසලාන පන්දුවාර විස්සයි - 20 තරගාවලියේදී මෙන්ඩිස් දැක්වු දක්ෂතා පදනම් කොට ගෙන මෙම නම් කිරීම සිදුකොට ඇති බවද පැවසේ.

Gossip Lanka Hot News Previous News Archive