නාඳුනන වස්තු ගැන කියන්න දුරකථන අංකයක්

 නාඳුනන දේ ස්පර්ෂ කිරීම හානි කර විය හැකි බව අමාත්‍යංශය කියයි.
මේ දිනවල රාත්‍රී අහසේ දිස්වන හඳුනානොගත් වස්තූන් පිළිබඳ පරීක්ෂණයක් සිදුකිරීමට වෛද්‍ය පර්යේෂණ ආයතනය පියවර ගෙන තිබේ.

පසුගිය දින කිහිපය පුරාම දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් අහසේ සැරිසන හඳුනානොගත් වස්තූන් පිළිබඳ වාර්තා වු බවසෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මට හිරිහැර කරනකොට බැලූවෙ නෑ, දැන් චූන්ද – ෆොන්සේකා අධිකරණයෙන් අසයි

තමන්ට අසාධාරණයක් වන විට නිහඬව සිටි අධිකරණයට දැන් ඇස් ඇරී ඇතැයි සරත් ෆොන්සේකා මහතා පවසයි.

ඊයේ දිනයේ අධිකරණය ඉදිරියේ නඩුවතට පෙනී සිටීමෙන් අනතුරව පැමිණ සිටි මාධ්‍යවේදීන් අමතමින් ඔහු මෙසේ කීය.

‘දෝෂාභියෝගය කොට්ටෝරුව කෙහෙල් ගහට ඇණල පටලව ගත්ත වගේ මේකේ පරාජය පිළිගන්න වෙලා තියෙනව ඒක පිටුපස සිටි පුද්ගලයට.

අපි ඔක්කොම දන්නව මේක කලේ පුද්ගලක වෛරයක් පිරිමහගන්න. බොරු චෝදනා දාල මට කරපු අසාධාරණ ක‍්‍රියාදාමය කරන්න ගියේ.

වසරකට කෝටි 800ක ගංජා ගහන ජාතියක් බවට අප පත්වෙලා - ඇමැති චම්පික රණවක මහතා

 මත්ද්‍රව්‍ය පිළිබඳ අලුත්ම දත්තවලට අනුව අවුරුද්දකට කෝටි 800ක ගංජා ගහන ජාතියක් බවට අප පත්ව සිටිනවා. අධ්‍යාපනයට බිලියන 92යි. මත්ද්‍රව්‍යවලට බිලියන 152යි. අප යුද්ධ කර දිනාගත් මහපොළොව මේක දැයි? විදුලි බල හා බලශක්ති ඇමැති පාඨලී චම්පික රණවක මහතා ප්‍රශ්න කරයි.

ඇමැති චම්පික රණවක මහතා එසේ ප්‍රකාශ කෙළේ පෙරේදාට (12දා) යෙදුණු ගංගොඩවිල සෝම හිමියන්ගේ 9 වැනි ගුණ සමරු උත්සවය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභා ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවැති මහසඟ සමුළුවේදීය.

Ridee Reyak 10 වැනි ප්‍රසංගය මෙම 22 දා නෙළුම් පොකුණ රඟහලේදී The 10th delightful concert of 'Ridee Reyak'

රිදී රැයක්‌ සාර්ථක වුණේ අරමුණ පිවිතුරු වූ නිසයි - ජයන්ත ධර්මදාස

රෑ තරු බබලන්නේ කොයි තරම් ලස්‌සන රටාවකට ද....... හරියට මල් පිපිලා වගේ. අතින් අල්ලා ගන්න බැරි තරම් ඈතක දිදුලන තාරුකා. හැම ශීතල උදුවප් මාසයකම පොළොවට පා තබනවා.

රූ රැසේ අඳිනා ලෙසේ අත්
ලෙළ දිදී විදුලිය පබා
රන් රසේ එක්‌ වන ලෙසේ වෙණ
නාද නූ පා තබ තබා.....

“ඒකීය රට සුරකිමු ”රට රකින සටනට සිවුදිග මහ සඟ රුවන එක් වේ.

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය පළකිරීම සඳහා සහ අපවත්වී වදාළ පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් අනුස්මරණය කිරීම සඳහාත් සංවිධානය කර තිබූ මහා සඟ සමුළුව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ සහභාගීත්වයෙන් මහරගම ජාතික තරුණසේවා සභා ශ්‍රවනාගාරයේදී 12 දින පස්වරුවේ පැවැත්වූ වූහ.

Twenty20 දෘෂ්‍යාබාධිත ලෝක කුසලානය ඉන්දියාවට

පන්දුවාර 20යි විස්ස දෘෂ්‍යාබාධිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජය ගැනීමට, සත්කාරක ඉන්දියාව අද සමත්විය.

ඒ අවසන් තරගයේදි පාකිස්ථානය ලකුණු 30කින් පරාජය කරමිනි.

බැංගලෝර්හිදී පැවති තරගයේ කාසිය වාසිය දිනූ පාකිස්ථාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දියාවට ලබා දුන්නේය.

ඉන්දීය 6වැනි කඩුල්ලේ සබඳතාව ලකුණු 79කි.

කේතන් බායි පටෙල් ලකුණු 49ක් ලබා ගත්තේය.

"Colombo Night Races " 15 වැනි සෙනසුරාදා රාතී‍්‍ර 7.00ට


දේශීය ධාවන තරගකරුවන්ට ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනාවරණය වීම හා දේශීය ධාවන තරගාවලියක් ජාත්‍යන්තර මට්ටමෙන් පැවැත්වීම අරමුණු කර ගනිමින් දෙවැනි වරටත් පැවැත්වෙන ‘කළම්බු නයිට් රේස් 15දා පස්වරු 7.00ට ඇරඹීමට නියමිත අතර හෙට සවස පෙරහුරු තරග පැවැත්වෙයි.

මෙවර වැඩිදෙනකුගේ අවධානය යොමුවූ GT3, GT4 ඉසව් සඳහා ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් සුපිරි ධාවන ඩිලන්ත මාලගමුව හා මැලේසියාවේ ජැකී යොවුන්ග් ලැම්බොගිනි ගැලඩෝ GT3 මෝටර් රථවලින් තරග වැදීම කැපී පෙනෙන්ට වෙයි.
මෝටර් රථ ඉසව් 5ක් හා යතුරුපැදි ඉසව් තුනකින් සමන්විත කළම්බු නයිට් රේස් 15 වැනි සෙනසුරාදා රාතී‍්‍ර 7.00ට ඇරඹීමට නියමිත වෙයි.

වනාතවිල්ලුවේ ඩයිනොසිරස්ලා ඉඳලා ?

වසර එක්ලක්ෂ විසි පන්දහසකටත් වඩා පැරණි යැයි සැළකෙන ජනාවාසයක් පුත්තලම වනාතවිල්ලූව ප්‍රදේශයේ තිබූ බවට සාක්ෂි හමුව තිඛෙනවා. පසුගියදා එම ප්‍රදේශයේ ඇති බොරලූ කඳු ආශ්‍රිතව ඉපැරණි ශිලා මෙවලම් හමුවුණා. ඒ අනුව සැළකීමේදී මෙම ජනාවාසය මෙරට හමු වූ පැරණිතම ජනාවාසයන් අතරට එක්වන බව කැළණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ පුරා සත්ව විද්‍යාඥ කැළුම් මනමේන්ද්‍ර ආරච්චි මහතා පවසනවා.

Gossip Lanka Hot News Previous News Archive