සක්විති උසාවියේදී යට ඇඳුම පමණක් ඉතිරිවන සේ ඇඳුම් ගලවයි

සක්විති රණසිංහ හා ඔහුගේ බිරිය කුමාරි ගංගොඩවිල මහේස්ත්‍රාත් අජිත් එම් මාසිංහ මහතා විසින් ලබන 28 වැනිදා තෙක් රිමාන් කරනු ලැබූහ. බන්ධනාගාර නිලධරයෝ ඔහු උසාවියට ගෙන අවුත් උසාවි සිර මැදිරියට ඇතුළු කළහ. උසාවි වැඩ ඇරඹිනි. යට ඇඳුම පමණක් ඉතිරිවන සේ සියලු ඇඳුම් ගලවා දැමූ සක්විති කෑ ගසන්නට විය. තමා නිර්දෝෂී බව කීවේය. ආණ්ඩුව හා පොලීසිය මේ සියල්ලට වගකිව යුතු බව කීවේය. එසේ කියමින් කෑ ගැසුවේය.

බන්ධනාගාරයේදී තමන්ට පහර දෙන බවත්, හිරිහැර කරන බවත් කීවේය. බන්ධනාගාර නිලධරයෝ මහත් ආයාසයකින් ඔහුට ඇඳුම් ඇන්දවූහ. ඔහු යළි රිමාන්ඩ් කිරීමෙන් පසු බන්ධනාගාර රියට රැගෙන ගිය පසු යළිත් ඇඳුම් උනා පෙර පරිදිම කෑකෝ ගැසූහ.

මාසෙට දවස් 7-8ක් නොකා නොබී කිලිනොච්චි මුලතිවුවල මං ඇවිදිනවා - Parliamentarian Namal Rajapaksa

පියාගේ දේශපාලන භූමිකාවෙන් අයුතු ප්‍රයෝජන ගැනීමට තමා සුදානම් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

තමාගේ පියා අහවලා නිසා තවත් අවුරුදු 20ට 30ට පස්සේ රටේ නායකයා වෙන්න ඕනෑ යැයි පැවසිය හැකි නමුත් එහෙත් එවැනි තත්ත්වයකට පත්වීමේ අවශ්‍යතාවයක් තමාට නැතැයිද මන්ත්‍රීවරයා ‍පෙන්වාදෙයි.

එසේම තමන් සිය පියාගේ දේශපාලනයෙන් යැපෙන්නේ නම් ගම්වලට පැමිණීමට අවශ්‍යතාවයක් නැතැයිද මන්ත්‍රීවරයා කියයි.

උමාරියාට අත අල්ලා හිරි හැර කළේ පෙම්වතා ලු ! Umaria Sinhawansa's Case

ගාලු මෝදර රථ ගාලකදී භාතිය-සන්තුෂ් සංගීත කණ්ඩායමේ ගායිකාවක වන උමාරියා සිංහවංශගේ අත අල්ලා හිරි හැර කළ බවට චෝදනා එල්ලව සිටින රම්සි ජෙයිනූරු නම් එෆ් එම් නිවේදකයා ඇගේ පෙම්වතා යැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් උසාවියේ දී අද (14) හෙළි විය.

කෙසේවවුද පැමිණිල්ල ඉදිරිපත් කළ පොලීසිය කියා සිටියේ ඔහු පෙම්වතකු නොව මිතුරකු බව ඔමාරියා පැවසූ බවයි.

ජෙයනූර් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයා මේ ප‍්‍රශ්නය විසඳා ගැනීමට ඔමාරියාද අධිකරණයට කැඳවන්නැයි ඉල්ලා සිටියේය.

පළමු දිනයේදී ඔස්ටේ‍්‍රලියාව 299/4 යි.

සංචාරක ශ‍්‍රී ලංකා පිල හා ඕස්ටේ‍්‍රලියානු පිල අතර අද (14) හෝබාර්ට්හි බෙලිරිව් ඕවල් ජාත්‍යන්තර ක‍්‍රීඩාපිටියේධි ආරම්භ වූ පළමු ටෙස්ට් තරඟයේ පළමු දිනය අවසානයේදී ඕස්ටේ‍්‍රලියානු පිල කඩුලු 4ක් දැවී ලකුණු 299ක් ලබා ගත්තේය.

තම ටෙස්ට් දිවියේ 3 වැනි අර්ධ ශතකයට හිමිකම් කී පිලිප් හියුස් ලකුණු 86ක් ලබා ගත්තේය. හියුස් ටෙස්ට් පිටියෙන් සමුගත් රිකී පොන්ටින් වෙනුවට ඕස්ටේ‍්‍රලියානු පිලට ආදේශ කළ කී‍්‍රඩකයා වීමද විශේෂිතය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනයකට රාජ යෝගයක්- Chat With Ranjan Ramanayake

දේශපාලනයේදී රාජ යෝගයක් තිබීම යනු අනාගත ජනාධිපතිකම ලැබීම ගැන ලකුණක් සේ විශ්වාස කරනු ලබයි. කලින් කලට විවිධ දේශපාලඥයන් විවිධ ජෝතිශ්‍යවේදීන්ගේ අනාවැකි මගින් මුලාවී තමාට රාජ යෝගයක් ඇති සිතා කටයුතු කරන ආකාරය පසුගිය කාලය පුරාවට දැකගැනීමට හැකි විය.

මෙම රාජ යෝග සිහින මවන්න්නගේ අලුත්ම පුරුක වන්නේ සිනමා නළු එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනයකයි. ඔහු පුවත්පතකට අදහස් දක්වමින් පවසා ඇත්තේ තමාට රාජ යෝගයක් ඇති බව ජෝතිශ්‍යවෙදියෙකු පැවසු බවයි.

Piumi purasinghe's New photos

පියුමිගේ නව ජායාරූප එකතුවක්

මගේ පෙම්වතා නයා දුටු විට පැන දුවනවා- Cobra Girl in Kollupitiya


නාගයින් ආරක්ෂා කිරීම මිසක් වඳකර විනාශයට පත් කිරීමේ අරමුණක් තමාට නැතැයි “කොල්ලුපිටිය නයි නළඟන” හෙවත් නිරෝෂා විමලරත්න අප හා පැවැසුවාය. අගෝස්තු මාසයේ අවසාන දිනයකදී නයෙක් සමග අත්අඩංගුවට පත් වූ ඇය ළඟ සිටි නාගයා අධිකරණ නියෝගයක් මත දෙහිවල සතුන්වත්ත භාරයට පත් කර තිබිණි. නාගයා මැයගෙන් වෙන්කර සතුන් වත්තට භාරදුන් දිනයේ කෙසේ හෝ තමාගේ නාගයාද නැවතත් තමන් භාරයට ගන්නා බව මාධ්‍ය අමතමින් ඇය කීවාය.

හුස්ටන්, ගැන්ග්නම් සහ සැන්ඩි Googleහි ලොකුම රැල්ල වෙයි.

අභාවප‍්‍රාප්ත ගායිකා විට්නි හුස්ටන්, youtube හි ගැන්ග්නම් නර්තනය සහ සැන්ඩි කුණාටුව 2012 වසරේ google හි ජනප‍්‍රියම සෝදිසි කිරීම් වන බව සමාගම කියයි. වසරේ නැඹුරුතාවයන් සෙවීම සඳහා භාෂා 146 කින් කරන ලද ටි‍්‍රලියන 1.2 ක් පමණ වූ සෝදිසි කිරීම් ප‍්‍රමාණයක් පරීක්ෂා කිරීමෙන් මේ ප‍්‍රතිඵල ලබාගෙන ඇත. ගැන්නම් නර්තන ගීතය ඉදිරිපත් කල කොරියාවේ ප්සායි බොහෝ කාණ්ඩවල ඉදිරියෙන් සිටී.

Gossip Lanka Hot News Previous News Archive