පැයකට ආදායම රුපියල් 2000
දුම්රියක සිඟමනේ යෙදෙමින් සිටියදී ඊයේ අත්අඩංගුවට ගැනුනු පුද්ගලයෙකුගේ බැංකු ගිණුමේ ශේෂය රුපියල් ලක්ෂ 20ක් තිබු බව මාලිගාකන්ද මහේස්ත‍්‍රාත් අධිකරණයේදී ප‍්‍රකාශ විය.
තවද ඩොල්ෆින් වර්ගයේ වෑන් රථයක් සහ ති‍්‍රරෝද රථ දෙකක්ද ඔහු නමින් ලියාපදිංචි වී ඇතැයි හෙලිදරවුවී තිබේ.
දුම්රියවල සිඟමනේ යෙදුණු තවත් 36 දෙනෙකුද එම අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර, ඔවුන් සියලූ දෙනාට රුපියල් දෙදහස බැගින් දඩ නියම කල අතර, වසර 5කට අත්හිට වූ මාස හය බැගින් සිරදඬුවම්ද නියම කෙරින.







