2013 ඔබට කොහොමද ? Lagna palapala - 2013

Updates
 මේසමග ,
  1. සිලෝන් අස්ට්‍රෝවෙබ් අඩවිය මගින් ඉදිරිපත් කල 2013 වසරේ පලාපල විස්තරය
  2. දිවයින පුවත්පත මගින් ඉදිරිපත් කල 2013 වසරේ පලාපල විස්තරය
  3. දිනමිණ පුවත්පත මගින් ඉදිරිපත් කල 2013 වසරේ පලාපල විස්තරය
  4. මව්බිම පුවත්පත මගින් ඉදිරිපත් කල 2013 වසරේ පලාපල විස්තරය
  5. සිළුමිණ  පුවත්පත මගින් ඉදිරිපත් කල 2013 වසරේ පලාපල විස්තරය
  6. ලංකාදීප  පුවත්පත මගින් ඉදිරිපත් කල 2013 වසරේ පලාපල විස්තරය
  7. සුබසෙත  පුවත්පත මගින් ඉදිරිපත් කල 2013 වසරේ පලාපල විස්තරය
  8. රිවිර  පුවත්පත මගින් ඉදිරිපත් කල 2013 වසරේ පලාපල විස්තරය
  9. ලක්බිම  පුවත්පත මගින් ඉදිරිපත් කල 2013 වසරේ පලාපල විස්තරය

ඇමෙරිකාවේ දරුවන් 22ක් ඝාතනය කල ඝාතකයා සිය මවත් ඝාතනය කරලා

ඇමෙරිකාවේ කොන් ප්‍රාන්තයේ නිව් ටවුන් හි ප්‍රාථමික පාසලකට (14) කඩා වැදුණු සන්නද්ධ පුද්ගලයකුගේ වෙඩි පහරින් මියගිය කුඩා දරුවන් 22ක් ඇතුළු 27 දෙනෙක් ජීවිතක්ෂයට පත්වීමේ පුවත සැලවිමත් සමග ජනාධිපති බැරැක් ඔබාමා මහතා ඒ සම්බන්ධයෙන් දැඩි කනස්සල්ල පළ කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති බැරැක් ඔබාමා ධවල මන්දිරයේ රූපවාහිනිය ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කළේ කදුළු සලමින් බව විදෙස් වාර්තා වල දැක්වේ. මෙම සිද්ධියෙන් මිය ගිය හා විපතට පත් සැම ගේ පවුල් වෙත ‍ශෝකය ප්‍රකාශ කරමින් ඇමෙරිකානු ‍ ජනාධිපතිවරයා පවසා ඇත්තේ දේශයක් වශයෙන් මෙවැනි සිද්ධීන් වලට මුහුණදීමට සිදුවූ අවස්ථාගණන වැඩි බවත්, ඉදිරියේදී මෙවැනි ඛේදනීම සිදුවීම් ඇතිවීම වැළැක්වීමට දේශපාලන මතමතාන්තර පසෙක තබා එක්විය යුතු බවත්ය.

ප‍්‍රදේශ කිහිපයකින් ආකාශ වස්තු හමුවෙයි


දිඹුලාගල, වලස්මුල්ල, හම්බන්තොට සහ ගම්පහ ඇතුළු ප‍‍්‍රදේශ කිහිපයකට ආකාශ වස්තු පතිත වී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි තාරකා විද්‍යාව පිළිබඳ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය.

ජෙනිමිට්, උල්කාපාත වර්ෂාවේ බලපෑම හේතුවෙන් මෙලෙස ආකාශ වස්තු පතිත වී ඇතැයිද ඔහු කීය.

ශී‍්‍ර ලංකාවේ ඇතැම් ප‍්‍රදේශවලට මීට පෙරද ආකාශ වස්තු පතිතවී ඇතත් මෙවර පොලවට පතිතවී තිබී සොයාගත් ආකාශ වස්තු තරමක් විශාල බවද ඔහු සඳහන් කළේය.

වෙන්නප්පුවේ මල් කැකුළක් තලලා

වයස අවුරුදු 06 ක බාල වයස්කාර දැරිවියක් බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක් කළ බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බව වෙන්නප්පුව පොලීසිය කියයිගඅපයෝජනයට ලක්ව ඇත්තේ වෙන්නප්පුව - වයික්කාලලඅංගම්පිටිය ප්‍රදේශයේ පදිංචි දැරිවියකි. ඇය දංකොටුව නගරයේ පිහිටි පාසලක 02 වසර පන්තියේ ඉගෙණුම ලබමින් සිට ඇත.

රතු වැස්ස බල්ලන් මරයි ?

පොළොන්නරුව, දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගම්මාන කිහිපයක සුනඛයින් විශාල පිරිසක් කිසියම් රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගොස් ඇති බව වාර්තා වේ.
පසුගියදා මනම්පිටිය ප්‍රදේශයට ඇද හැළුණු රතු වර්ෂාවෙන් පසු සුනඛයින්ට රෝගී තත්ත්වයක් වැළඳී ඇති බව ප්‍රදේශවාසීන් පෙන්වාදෙයි. ‍
කෙසේ වුව ද මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ප්‍රදේශය භාර පශු වෛද්‍යවරයා කියා සිටියේ සුනඛයින් මියයාම පිළිබඳ තමන්ට පැමිණිලි ලැබී නොමැති බවයි..

ශ්‍රී ලංකාව 336යි - ඩිල්ෂාන් 147යි , Dilshan leads Sri Lanka fightback in Hobart Test

ඔස්ට්‍රේලියාවට සහ ශ්‍රී ලංකාව අතර හෝබාර්ට් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ තුන්වන දිනය වූ අද දිනයේ සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියල්ලන් දැවී දැවී ලකුණු 336 ක් ලබා සිටී’

තිලකරත්න ඩිල්ෂාන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ගෞරවය ආරක්ෂා කර ගනිමින් ඔස්ට්‍රේලියාවට එරෙහිව ලබාගත් වටිනා ශතකය නිසා පළමු ඉනිම සඳහා ශ්‍රී ලංකාවට ලකුණු 336ක් ලබා ගැනීමට හැකිවිය.

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍රයක් කලින් පිටවෙලා -විභාග දෙපාර්තමේන්තුව මේ පාරත් වැඩ අනාගනී

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යාව ප්‍රශ්න පත්‍රය කලින් පිටවීදැයි සොයාබැලීමට රහස් පොලීසියට පවරන බව විභාග කොමසාරිස් ජෙනරාල් එන් කේ එම් ජේ පුෂ්පකුමාර මහතා කියයි.
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියනුයේ ටියුෂන් ගුරුවරයකු විසින් ලබාදුන් අනුමාන ප්‍රශ්නපත්‍රයක සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්න පත්‍රයේ ලබාදුන් ප්‍රශ්න 18ක් පමණ සමාන රූප සටහන්ද සහිතව තිබූ බවයි.

රේගුවටත් වංචා කරමින් මෙරටට ගෙනාපු රේසින් කාර් - Carlton Motor Sports Club

කිසිදු බදු මුදලක් නොගෙවා රේගුවෙන් නිදහස් කරගනිමින් කාල්ටන් මෝටර් ස්පෝර්ට්ස් ක්ලබ් (Carlton Motor Sports Club) ආයතනය ලක්ෂ දාහකට (93,366,272.00) ආසන්න මුදලක් වියදම් කොට ලැම්බෝගිනි වර්ගයේ රේසිං කාර් ඇතුළුව මෝටර් රථ 19ක් ගෙන්වා ඇතැයි වාර්තාවේ.
කාල්ටන් මෝටර් ස්පෝර්ට්ස් ක්ලබ් වෙනුවෙන් මෙම රේසිං කාර් ගෙන්වීමේ කාර්යයේ යෙදී සිටින්නේ ගැක් ලොජිස්ටික් (Gac Logistics ltd) ආයතනයයි.
භාණ්ඩ ආනයනයේදී වරාය හා ගුවන් තොටුපළ ගාස්තු, රේගු ආනයන බදු, නිෂ්පාදන බදු, වැට් බදු සහ ජාතිය ගොඩනැගීමේ බදු අයකරයි. ‍එහෙත් මෙම මෝටර් රථ 19 ගෙන්වීමේදී මෙම බදු කිසිවක් නොගෙවා ඇති අතර ඒ හේතුවෙන් රටට අහිමිව ඇති මුදල රුපියල් ලක්ෂ දෙදාස් විසිදෙකකට (202,231,439.00) අධිකය.

Gossip Lanka Hot News Previous News Archive