විද්‍යාව-ගණිතය පමණක් නොව ඉතිහාසය-බුද්ධාගම ප්‍රශ්න පත්තරත් කලින් පිට වෙලා - O/L paper leak

මෙවර සාමාන්‍ය පෙළ විභාගයේදී විද්‍යාව, ගණිතය, ඉතිහාසය සහ බුද්ධාගම යන ප්‍රශ්න පත්‍ර විභාගයට පෙර පිටවී ඇති බවට කරුණු හෙළිදරව්වී තිබේ. රජයේ මුද්‍රණාලයේ සේවකයකු සහ විශ්වවිද්‍යාලයක නිලධාරීන් දෙදෙනකු මෙම ප්‍රශ්න පත්‍ර පිටකර ඇතැයි අනාවරණය වන අතර පෞද්ගලික පන්ති පවත්වන ගුරුවරුන් කිහිප දෙනකුද මීට සම්බන්ධ වී තිබේ.

ඉහළ දේශපාලන සම්බන්ධකම් ඇති ව්‍යාපාරිකයන් කිහිපදෙනකුද මීට සම්බන්ධ වී ඇති බැව් මව්බිම පුවත්පතින් කළ ගවේෂණයකදී හෙළිදරව් වී ඇත.ගම්පහ, නිට්ටඹුව, වේයන්ගොඩ, මිනුවන්ගොඩ සහ කිරිබත්ගොඩ යන ප්‍රදේශවල මෙම ප්‍රශ්න පත්‍ර විකුණා ඇති බවද අප කළ ගවේෂණයේදී අනාවරණය විය.එක් ප්‍රශ්න පත්‍රයක් රුපියල් 10,000 සිට රුපියල් ලක්ෂ තුන දක්වා මිල ගණන්වලට විකුණා ඇති බවද හෙළිදරව් වේ.

අමරිකානු නව රාජ්‍ය ලේකම් ජෝන් කෙරි

අමරිකානු නව රාජ්‍ය ලේකම්වරයා ලෙස සෙනට් සභික ජෝන් කෙරි තේරි පත්වෙයි. බරක් ඔබාමා යළි අමරිකානු ජනාධිපතිවරයා ලෙස පත්විමෙන් පසු සිදු කළ පළමු අමාත්‍ය මණ්ඩල සංශෝධනය ද මෙය වේ. මෙතෙක් අමරිකානු රාජ්‍ය ලේකම්වරිය ලෙස කටයුතු කළේ හිලරි ක්ලින්ටන් මහත්මියයි.
අමරිකානු රාජ්‍ය ලේකම් තනතුරට ජගත් සංවිධාන අමරිකානු තානාපතිනි සුසන් රයිස් පත්කරනු ඇති බවට මීට පෙර වාර්තා පළ විය. එහෙත් ඇය එය ප්‍රතික්ෂේප කර ඇත.කෙරි ලබා ඇති රාජ්‍ය ගෞරවය නව තනතුරේ කටයුතු සදහා පිටිවහලක් වනු ඇති බව බරක් ඔබාමා මහතා ප‍්‍රකාශ කර තිබේ.

චතුරිකා ගයාන් එක්‌ක ආදර සම්බන්ධයක්‌ තිබෙන බව, අපි හැමෝම ඉදිරියේදී පිළිගත්තා - ගයාන් වික්‍රමතිලකගේ බිරිඳ

 රොෂාන්-චතුරිකා ආදර කතාවේ දෙදරායාම පසුගිය සතියේ සිට කලා ලෝකයෙන් ඇසෙන තොරතුරු අතර මුල්තැන ගත්තා. මේ කතාවට තුන් වැන්නෙක්‌ ලෙස එකතු වී තිබුණේ නව පරපුරේ දක්‍ෂ රංගන ශිල්පියෙක්‌ වන ගයාන් වික්‍රමතිලකගේ නමයි. ඔවුන් සියළු දෙනාම තම තමන්ගේ නිර්දෝෂී භාවය හා සත්‍ය අසත්‍ය තාවය මාධ්‍ය මගින් ප්‍රකාශකර සිටියත් එම කතාබහට ලක්‌වී තිබුණු ගයාන් වික්‍රමතිලකගේ බිරිඳ වන ෆර්ෂිනා ලතීෆ් ට එම අවස්‌තාව උදාවී තිබුණේ නැහැ. ඇය මේ හෙළිදරව්ව හමුවේ ඉතාමත් අපහසුතාවයකට ලක්‌වී තිබෙන බවට ලැබුණු ආරංචිය හා සැමට සාධාරන වූ මාධ්‍ය භාවිතාවක්‌ අනුගමනය කරීම අපගේ ප්‍රතිපත්තියවූ නිසා අප මේ පිළිබඳව ෆර්ෂිනා ලතීෆ්ගෙන් තොරතුරු විමසා සිටියා. එහිදී මේ සියළු දේයට පිළිතුරු ලෙස ඇය අප සමග පවසා සිටියේ මෙවැන්නක්‌.

ගයානුයි චතුරිකායි මේ ගැන මොකවත් නොදන්න ගානට තමයි අද මාධ්‍යයට කතාකරන්නේ. නමුත් මේ පවුල්වලට සම්බන්ධ හැමෝම දන්නවා ඇත්තටම සිදුවුණේ මොකක්‌ද කියලා. මේ දෙන්නගේ සම්බන්ධය නිසා අද මම දරුපැටව් දෙන්නෙක්‌ සමග අන්ත අසරණයි.

'නව තරුණ කොටි' අලුත් කොටි සංවිධානයක්‌

රටේ ආරක්‍ෂක මර්මස්‌ථානවලට ප්‍රහාරයක්‌ එල්ල කිරීම සඳහා 'නව තරුණ කොටි' කණ්‌ඩායම නමැති සංවිධානයේ විනාශකාරී සැලසුමක්‌ හමුදා බුද්ධි අංශය මගින් අනාවරණය කරගෙන ඇතැයි 'දිවයින' පුවත්පත වාර්තා කරයි.එම පුවත්පතේ ආරක්ෂක වාර්තාකරු සපයා ඇති එම වාර්තාවේ මෙසේද සදහන්වේ.මේ සැලසුමේ ක්‍රියාකාරීහු දෙදෙනකු පසුගියදා යාපනේදී අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ප්‍රහාරය පිළිබඳ තොරතුරු හෙළිකරගෙන තිබේ.ඔවුන්ගෙන් ලබාගත් තොරතුරු මත නව තරුණ කොටි කණ්‌ඩායම නමැති සංවිධානයේ නායකයා බව කියන සුරේස්‌ කුමාර් නමැත්තා තමිල්නාඩු රහස්‌ පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

බෝට්ටුවක් පෙරලීමෙන් 5දෙනෙකු මියගොස් තිබේ - BOAT CAPSIZES IN TISSA WEWA

 තිස්සවැවේ පෙරළුණු බෝට්ටුවේ ගමන කර අතුරුදහන් වූ හය දෙනාගෙන් පස්දෙනකුගේ සිරුරු සොයාගත් බව පොලිසිය කියයි.
හෝමාගම ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කරන තරුණයින් පිරිසක් කතරගම චාරිකාවේ පැමිණ නැවත එමින් සිටි ගමනේදී තිස්සමහාරාම වැවේ බෝට්ටු සවාරියක් යමින් සිටියදී අනතුරට ලක්ව ඇත. 


බෝට්ටුවේ ගමන්ගත් සියලුම දෙනා තරුණයින් බවද පොලීසිය කියයි.

ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්ම සදහා අධිකරණයේ ස්වාධීනත්වය අත්‍යවශ්‍යයි.- Chief Justice Dr. Shirani Bandaranayake


අධිකරණයේ ස්වාධීනත්වය අත්‍යන්තයෙන්ම රටක ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමෙහිලා අත්‍යවශ්‍යයම සාධකයක් බවත්, එහෙව් රටක අධිකරණය යුක්තියේ දේවස්ථානය ලෙස සැලකෙන බවත් අගවිනිසුරු, ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය පවසයි.

අධිකරණයේ ස්වාධීනත්වය අවශ්‍යයයි පමණක් නොව නීතියේ මූලික මූලධර්මය වන රටේ සෑම තරාතිරකම පුරවැසියන්ගේ සමානත්වයෙහිලා සැලකීමට අත්‍යවශ්‍යය බව ඇය පවසයි.

නීතියේ පාලනය නිසි ලෙස ක්‍රියාත්මක වීම තහවුරු කර ගැනීම සඳහා සෑම පුරවැසියයෙකුටම අධිකරණයක් හමුවේ තමන්ට සාධාරණ නඩු විභාගයක් පැවැත්වීමේ කරණයද අත්‍යවශ්‍ය බව ඇය පෙන්වාදෙයි.

විද්‍යා ප‍්‍රශ්ණ පත‍්‍රය පිටකල සම්පත් අත්තටගේ රිමාන්ඞ්

පසුගියදා අවසන් වූ 2012 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යාව ප්‍රශ්න පත්‍රය පිටවීමට අදාළ සැකකරු වන සම්පත් අත්තටගේ නම් වූ පෞද්ගලික උපකාරක පංති ගුරුවරයා රිමාණ්ඩ් බාරයට පත්කර ඇතැයි වාර්තාවේ.

අද (22) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඒ සම්බන්ධයෙන් වූ විභාගයේදී ලබන 28 දින දක්වා අදාළ සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස විනිසුරුවරයා නියෝග කර තිබේ.

මෙහිදී සම්පත් අත්තටගේ නම් සැකකරු රිමාණ්ඩ් බාරයට ගෙනයන අවස්ථාවේ රහස් පොලීසිය නියෝජනය කරමින් පැමිණි නිලධාරියා සැකකරුට අතට අතදී ආචාර කරගත් බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග පවසයි.

වැල්ලවායේ පිංකම නිමා වෙද්දි රතු ආලෝකයක් අහසින් යයි

වැල්ලවාය මාධ්‍ය ඒකකය මගින් ඊයේ (21) දිනයේ දී වැල්ලවාය නගරයේ බෞද්ධ මන්දීරය අසල ලෝක විනාශය වෙනුවෙන් ලංකාවාසි සැමට සෙත්පතා ස්වාමීන් වහන්සේලා 136 නමක් ඇතුළු පන්සල් 35ක නායක ස්වාමීන් වහන්සේලාගේ සහභාගිත්වයෙන් මහා සෙත් පිරිත් සජ්ඡායනාවක් හා බෝධි පූජා පිංකමක් පවත්වන ලදි. එයට මහා සංඝ රත්නය ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ. එම බෝධි පූජාව නිමා වීමත් සමගම ඉහළ අහසේ රතු පැහැති ගිනි ගුලියක් නැගෙනහිර අහසේ සිට බස්නාහිර දෙසට ඉතා වේගයෙන් ගමන් කරන අයුරු රැස්ව සිටි ස්වාමීන් වහන්සේලා සහ සෙසු බැතිමතුන්ට පැහැදිලිව දකින්නට ලැබිණ.

Gossip Lanka Hot News Previous News Archive