සචින් තෙන්ඩුල්කාර් එක්දින පිටියට සමුදෙයි-Tendulkar retires from ODIs

ඉන්දීය සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර්, එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව අද නිවේදනය කළේය.

එරට ක්‍රිකට් පාලක මණ්ඩල නිල වෙබ් අඩවිය පවසන්නේ, ඔහු තම තීරණය දැනුම් දෙමින් එහි සභාපති එන් සිරිනිවාසන් වෙත ලිපියක් එවා ඇති බවය.

ලෝක ශූර කණ්ඩායමක සාමාජිකයෙකු වීම තමන් ලද භාග්‍යක් බව සදහන් කරන 39 හැවිරිදි තෙන්ඩුල්කාර්, වසර ගණනක් තමන්ට සහයෝගය ලබා දුන් සියලුදෙනාට ස්තූතිය ද පළ කළේය.

"ගෙවල් යටින් ගඟක් ගලයි" ගෙවල් රැසක් ගිලා බසින්න ළඟයි !

පොළොව යටින් ගලා යන බවට සැලකෙන මාතලේ උමං ගංඟාව විසින් ජීවිත බිලි ගැනීමේ පෙරහුරුවක යෙදී ඇති බවට සාධක පහළ වෙමින් තිබේ. ඊසානයේ මහ වැසි වැටුණු 17 දා මහ ගස් දෙකක් අතුරුදහන්වීම මෙම පෙරහුරුව හා අවදානම පිළිබඳව ඉගි පළ කර ඇත .
 උමං ගංගාවේ රළ බිඳෙන හඬ ඇසෙන මානයේ මාතලේ, දුනකලවත්ත, දොරකුඹුර ප‍්‍රදේශයේ පවුල් පහක් මෙම මරු වසඟයේ මුවදොර අභියස ජීවිත අවදානමක වෙසෙති . ඊසානයේ මහ වැසි වැටුණු 17 දා අඩි 60 ක් පමණ උසැති කොස් ගසක් සහ කිතුල් ගසක් ගිල ගැනීම මෑත ඉතිහාසයේ උමං ගංගාවේ පෙරහුරුව පිළිබදව ඉඟි පළ කෙරුණි . උමං ගංගාවේ බියකරු බව දැක්වීමට දෝ 18 දින අඩි 80 ක් පමණ ගැඹුරැති ළිඳක් ද මහ පොලොවට ගිල ගෙන තිබුණි .

නීති විද්‍යාල ප‍්‍රවේශ විභාගය නැවත පැවැත්විය යුතුයි

නීති විද්‍යාල ප‍්‍රවේශ විභාගයේ ප‍්‍රශ්නපත‍්‍රය පරිවර්තනය කිරීමේදී හා ලකුණු දීමේදී යම් අක‍්‍රමිකතාවයක් වී ඇතැයි සැකසහිත නිසා ජනාධිපතිවරයාගේ දැඩි අවධානය යොමුකර අසාධාරණයට පත්ව ඇති සිසුන් වෙනුවෙන් සාධාරණත්වය ඉටු කරන ලෙස මෙවර නීති විද්‍යාල ප‍්‍රවේශ විභාගයට පෙනී සිටි මුස්ලිම් ජාතික රමිසි බාවා සිසුවා ඉල්ලා සිටියි.
මධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහහු මෙසේද කීය.

‘මම විභාගයට පෙනී සිටියේ සිංහල භාෂාවෙන්. පැහැදිලිවම අසාධාරණයක් වී තිබෙන බව පෙනෙනවා.

වත්මන් අධිකරණ අමාත්‍යවරයා අධිකරණ ක්ෂේත‍්‍රයේ සිය පටු ජාතිවාදී වුවමනාවන් සඳහා යොදා ගනිමින් රට අඳුරු යුගයකට ගෙන යාමට උත්සාහ දරමින් සිටිනවා.

ශරීයා ව්‍යවස්ථාවට එරෙහිව ඊජිප්තුවේ නිරුවත් විරෝධතා.

ඊජිප්තුවේ ශාරියා නීතිය පිලිබඳ ජනමත විචාරණයේ 2 වන වටය සෙනසුරාදා ආරම්භ වීමට විරෝධය පල කිරීම සඳහා 22 හැවිරිදි ඒලියා මැග්දා එල්මාදි විසින් නිරුවත් විරෝධතාවක් පවත්වා ඇත.

ස්ටොක්හෝම් හි තානාපති කාර්යාලය ඉදිරිපිට ඊජිප්තු කොඩියද සහිතව ඍණ උෂ්නත්වද නොසලකා ඇය මෙසේ විරෝධය පල කර ඇත. ‘ශාරියා යනු ව්‍යවස්ථාවක් නොවේ’ යනුවෙන් ඇයගේ සිරුරේ ලියා තිබුණි.

නිරුවත් කි‍්‍රයාකාරකම් ගැන ප‍්‍රසිද්ධ ස්ත‍්‍රීවාදී සංවිධානයක් වන ෆීමන් හි සාමාජිකයන් දෙදෙනෙක්ද ඇය හා එක්වී සිටි බව ගල්ෆ් නිවුස් පවසයි. ඒ දෙදෙනා තම රහස් ප‍්‍රදේශ ආවරණය වන පරිදි ආගම් විරෝධී පුවරු දෙකක් අල්ලාගෙන සිටියහ. ඔවුන්ගේ උද්ඝෝෂණයේ අරමුණ වූයේ ඊජිප්තු ජනපති මොහොමඞ් මෝර්සි සහ ඉස්ලාම් ආගම පිලිබඳවයි.

ඒ.ජී.ඒ නෝනගේ සාරියේ මඩ ගෑවෙන නිසා යන්න බෑ කීවා!

දැදුරුඔය පිටාර ගැලීම නිසා අවතැන්වී සිටින පවුල් සඳහා බෙදා දී තිබු සහනාධාර තොගයක් පල්ලම ප්‍රාදේශීය ලේකම්වරිය විසින් ආපසු රැගෙන ගිය බවට අවතැන් වූවන් චෝදනා කරනයි.පල්ලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් තම්මන, ඉහළ තම්මන, තුක්කිකියාගම, මිණිකුකුළ යන ගම්මානවල ජනතාව මෙම චෝදනාව කර සිටී.පසුගිය දිනවල ඇතිවූ ගංවතුර තත්ත්වය හේතුවෙන් මෙම ගම්මානවල පදිංචිව සිටි පවුල් 400 ක පමණ පුද්ගලයින් 150 ක් පමණ අවතැන්වී ඇත.එසේ අවතැන්වී සිටින පිරිස් තම්මන කණිටු විදුහලේ මේවන විට තාවකාලිකව නවාතැන් ගෙන සිටී.මෙම පිරිස් සඳහා පානීය ජලය ලබාදීමට ආණමඩුව ප්‍රාදේශීය සභාව කටයුතු කර ඇත.

ඔබගේ පුද්ගලික තොරතුරු හොරාකන "New Google Project"

'ගුගල්' (google) සමාගම මේ සතියේ වැඩි ප‍්‍රසිද්ධියක් නැතිවම අළුත් ව්‍යපෘතියක් අරඹා ඇත. එනම් අන්තර්ජාලයට සම්බන්ධිත විට හා සම්බන්ධ නැති විට පරිශීලකයන් කරන්නේ මොනවාදැයි දැන්වීම්කරුවන්ට දැනුම් දීමයි.

මෙහිදී කෙරෙන්නේ පරිශීලකයන් අන්තර්ජාලයෙන් සෝදිසි කරන දේවල් සහ නිවසින් පිටතදී ඔවුන් මිලදී ගන්නා දේවල් මත පදනම්ව පරිශීලකයන් ගේ ප්‍රොෆයිල් සෑදීමයි.

'ගුගල්' සමාගම කියන්නේ පරිශීලකයන් අන්තර්ජාලය තුලදී කරන දේවල් සැබෑ ජීවිතයේ කරන දේවල් ගැන තොරතුරු නැතිව අසම්පූර්ණ වන බවයි. එමගින් වඩා හොඳ ප‍්‍රචාරණ ව්‍යාපාර කල හැකි බව ඔවුන්ගේ අදහසයි.

නයි කෙල්ලගේ ඇත්ත පැටිගිරිය මෙන්න !

කොල්ලුපිටිය ක්ලියෝපැට්රා හෝටලයේදී නාගයකු සමග සිටියදී අත්අඩංගුවටපත් එම හෝටලයේ සේවිකාවක බව කියන නිරෝෂා විමලරත්න (ඩිලානි) පසුගිය කාලයේදී සිය දෙමාපියන් සම්බන්ධයෙන් මාධ්‍යට පවසා ඇත්තේ අසත්‍ය තොරතුරු බව හෙළිවී තිබේ.

ඇය පවසන පරිදි ඇගේ මව ඉන්දියානු ජාතික කාන්තාවක් හෝ ඇගේ පියා ඉරාන ජාතිකයෙකු නොවන බව මේවන විට තහවුරුවී ඇත.

ඇය විසින් එන් 3897790 දරණ විදෙස් ගමන් බලපත‍්‍රය ලබා ගැනීමට ඉදිරිපත්කර ඇති උප්පැන්න සහතිකයට අනුව ඇයගේ පියා රත්නායක මුදියන්සේලාගේ විමලරත්නය, මව වික‍්‍රමමුදියන්සේලාගේ ශී‍්‍රයානි වික‍්‍රමසිංහය.

මගෙ ෆිගර් එකට ආස අය ගොඩාක් හිටියා - Chat with Sumana Gomas


සුමනා ගෝමස් පසුගිය කාලයේ මහත් කතා බහට ලක් වු චරිතයක්.ඇය නැවතත් ලංකාවට පැමිණිම සමඟ ඇය මෙසේ කතා බහට ලක්වන චරිතයක් වුවා.ඇය මෙසේ සිය මව් රටට පැමිණ තිබුණේ වසර 11 කින්.එසේ දිගු කලකට පසුව පැමිණි ඇය මෙරට රැදී සිටියේ සති කිහිපයක් පමණි.තමන්ගේ ආදරණීය මව හා යහළුමිත්‍රාදින් සමඟ බොහෝ සතුටින් තමන්ගේ නිවාඩුව ගත කළ ඇය පසුගිය දා නැවතත් ඇමරිකාව බලා පිටත් වුණා.ඇය මව්බිම පුවත්පත සමග කල කතා බහා පහත පරිදිවේ

Gossip Lanka Hot News Previous News Archive