මෙවර සාමාන්‍ය පෙළ විභාගයේදී විද්‍යාව, ගණිතය, ඉතිහාසය සහ බුද්ධාගම යන ප්‍රශ්න පත්‍ර විභාගයට පෙර පිටවී ඇති බවට කරුණු හෙළිදරව්වී තිබේ. රජයේ මුද්‍රණාලයේ සේවකයකු සහ විශ්වවිද්‍යාලයක නිලධාරීන් දෙදෙනකු මෙම ප්‍රශ්න පත්‍ර පිටකර ඇතැයි අනාවරණය වන අතර පෞද්ගලික පන්ති පවත්වන ගුරුවරුන් කිහිප දෙනකුද මීට සම්බන්ධ වී තිබේ.
ඉහළ දේශපාලන සම්බන්ධකම් ඇති ව්‍යාපාරිකයන් කිහිපදෙනකුද මීට සම්බන්ධ වී ඇති බැව් මව්බිම පුවත්පතින් කළ ගවේෂණයකදී හෙළිදරව් වී ඇත.ගම්පහ, නිට්ටඹුව, වේයන්ගොඩ, මිනුවන්ගොඩ සහ කිරිබත්ගොඩ යන ප්‍රදේශවල මෙම ප්‍රශ්න පත්‍ර විකුණා ඇති බවද අප කළ ගවේෂණයේදී අනාවරණය විය.එක් ප්‍රශ්න පත්‍රයක් රුපියල් 10,000 සිට රුපියල් ලක්ෂ තුන දක්වා මිල ගණන්වලට විකුණා ඇති බවද හෙළිදරව් වේ.




.jpg)


