ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගමට අනුබද්ධ මොබිටෙල් සමාගම LTE (Long Term Evolution) තාක්ෂණය භාවිතා කරමින් සිවුවන පරම්පරාවේ ජංගම දුරකතන සේවා (4G) ආරම්භ කර තිබේ.
මොබිටෙල් සමාගම පවසන්නේ 2011 වසරේ මැයි මාසයේ තත්පරයකට මෙගා බයිට් 96 ක් ඉක්මන වේගයකින් යුක්තව මෙම සේවාවන් අත්හදා බැලූ දකුණු ආසියාවේ පළමු දුරකතන සමාගම සිය සමාගම බවයි.
මොබිටෙල් සමාගම යනු වසර 2007 දී 3.5G HSPA ජාලයක් ආරම්භ කළ සමාගම් 10 අතුරින් එකක් බවද එම සමාගම කියයි.
නෙහාරා - මේනක තරු දිලෙන රැයේ නැටූ හැටි. Nehara Peiris and Menaka Rajapaksa's Dance at Tharu Dilena Reyak
නව වසර එළැඹෙනතුරු ඊයේ රාත්‍රී ලාංකික බොහෝ පිරිස් රූපවාහිනි නාලිකාවල සංගීත අංග සමග රැඳී සිටියා.
කාලයක් තිස්සේ කටකතාවලට බඳුන්වූ නොහාරා පීරිස් හා මේනක රාජපක්ෂ දෙදෙනා ආදරබර ආකාරයෙන් එක්ව ඊයේ තරු දිලෙන රැයක් වේදිකාවේ ඉදිරිපත් කළ රංගනය
දෙසද බොහෝ දෙනාගේ අවධානය යොමුවුණා.එම වීඩියෝව පහතින්
දික්කසාද වෙන්නේ, ගණිකාමඩම්වල ඉන්නේ, නළු නිළියෝ නෙමෙ, මෙගා කෙල්ලෝ කොල්ලෝ - Jayalal Rohana
මේවාට වගකිව යුතු වන්නේ කවුද?
ප්‍රවීණ රංගන ශිල්පී ජයලාල් රෝහණ කතා කරයි
කලා ක්‍ෂේත්‍රය තුළ සිදුවන දික්කසාද වීම් අද වන විට සුලබව අහන්න ලැබෙනවා. මේ ප්‍රවණතාවයට හේතුව කුමක් වුවත් එය ටෙලි නාට්‍ය නිර්මාණ කාර්යයට කෙසේ බලපාවිද? ප්‍රේක්ෂකයා ටෙලි නාට්‍ය කලාවෙන් ඈත් වේවිද? මාධ්‍ය මගින් මේවා උලුප්පා හාරා අවුස්සා කතා කිරීම සුදුසුද?
එලොවින් ආ ගල් නිසා කතක් ක්ලාන්ත වෙයි !
ගල් සියල්ල පොලිසියට ගනී
දිඹුලාගල කුඩා වැව වෙල්යායේ කුඹුරු කිහිපයකට පසුගිය 29 වෙනිදා රත්‍රියේ අහසින් කඩා හැලී ඇති උල්කාපාත කොටස් යැයි සැලෙකෙන පාෂාණ කැබලි සියල්ල අරලගංවිල පොලිස් භාරයට ගෙන ඇත. පාෂාණ කැබලි කොටස් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති භූ ගර්භ විද්‍යාඥ මහාචාර්ය අතුල සේනාරත්න මහතා වෙත පරික්ෂණ සඳහා යොමු කිරීමට නියමිත බව අරලගංවිල පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ලලිත් රාජමන්ත්‍රී මහතා අප කළ විමසීමක දී ප්‍රකාශ කළේය.
ඉකුත් කුඩා වැව වෙල්යායට කඩා හැලුණු කොටස් ඇතැම් ගොවීන් එකතු කරගෙන නිවෙස් වලට රැගෙන ගිය පසු ගොවීන් කිහිපදෙනෙකුගේ අත් දැවිල්ලක් හට ගෙන ඇති බවද ගම්වාසීන් පැවසූහ. ගොවි මහතෙකු විසින් තම බිරිඳට එම කොටස් ලබා දීමෙන් පසු බිරිඳට ක්ලාන්ත තත්වයක් ද හටගෙන ඇත. කෙසේ වෙතත් එවැනි කොටස් ඇල්ලීමෙන් වලකින ලෙසත් එවැනි දෙයක් දුටුවොත් වහාම පොලිසිය දැනුවත් කරන ලෙසට අරලගංවිල පොලිසිය මඟින් මහජනතාව දැනුවත් කර ඇත.
අලුත් වසරේ කසාද බදින්න රුපියල් 5000 ක් ඕනේ !
නව වසර උදාවත් සමඟ විවාහ ලියාපදිංචි කිරීමේ ගාස්තුව රුපියල් 4,000කින් වැඩිකර තිබේ. මේ අනුව විවාහ රෙජිස්ට්‍රාර් කාර්යාලවලින් පිටත කෙරෙන විවාහ ලියාපදිංචිය සඳහා අද සිට රුපියල් 5,000ක් අයකරන බව විවාහ රෙජිස්ට්‍රාර් ජනරාල් ඊ.එම්. ගුණසේකර මහතා පවසයි.
දෙහිවල පොලිසිය තරුණියක් නිර්වස්ත්‍ර කර පහර දෙයි !
දෙහිවල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ කාන්තාවක් දෙහිවල පොලිස් ස්ථානය තුලදී නිර්වස්ත්‍ර කර පහර දීම සම්බන්ධයෙන් වහාම අධිකරණයට කරුණු දක්වන ලෙස ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය විසින් දෙහිවල පොලිස් ස්ථානාධිපතිවරයාට නියෝග කෙරිණි.
දෙහිවල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ කාන්තාවක් හෙරොයින් මිලි ග්රෑම් 260ක් සමග ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කල අවස්ථාවේ ඇය විසින් විවෘත අධිකරණයේදී මහේස්ත්‍රාත්වරිය වෙත කරනු ලැබූ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කරනු ලැබිණි.
තමන්ව 30 දින දෙහිවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පොලීසියට රැගෙන ගොස් කෙස් කළඹෙන් අදගේනගොස් ඇඳුම් ගලවා නිර්වස්ත්‍ර කර පහරදුන් බවත් පසුව තමන්ට හෙරොයින් දමා එය පිළිගන්න ලෙස කියමින් මෙම පහරදීම සිදුකල බවත් තමන් කිසිම දිනයක හෙරොයින් පානයකර හෝ ළඟ තබාගෙන නොසිටි බවත් ප්‍රකාශ කර සිටින ලදී.
කන්‍යාභාවය මනින 'ඇඟිලි පරික්ෂණය' තහනම් කරනු ! The two-finger rape test
කන්‍යාභාවය මනින ප්‍රාථමික පරීක්ෂණය වහා නවත්වන්න
හියුමන් රයිට්ස් වොච් සංවිධානය ඉන්දියාවෙන් ඉල්ලයි
දූෂ්‍ය වින්දිතයන් පරීක්ෂා කිරීමේදි ඉන්දීය වෛද්‍යවරුන් විසින් භාවිත නිග්‍රහාත්මක ක්‍රමවේදය තහනම් කරන ලෙස හියුමන් රයිට්ස් වොච් සංවිධානය ඉන්දීය රජයෙන් ඉල්ලා තිබේ.
'ඇඟිලි පරික්ෂණය' ලෙස හැඳින්වෙන ක්‍රමවේදය මගින් ලිංගික අතවරයක් සිදුව ඇත්ද යන්න හා කන්‍යාභාවය තහවුරු කිරීම වෛද්‍යවරුන් විසින් දිගින් දිගටම සිදු කරන බැවින් එය නිග්‍රහාත්මක ක්‍රමයක් මෙන්ම විද්‍යාත්මක නොවන්නක් බව මේ සංවිධානය පෙන්වා දි ඇත.
"මී පිරුන සුවද මල් වනේ" - Chathurika Peiris With Gayan
මේ දිනවල බොහෝ ආන්දෝලනාත්මක චරිත දෙකක් වන චතුරිකා පිරිස් සහ ගයාන් ඊයේ රාත්‍රියේ හිරු නාලිකාවේ කොපි චැට් නම් වැඩසටහනට සහභාගී විය.
එහිදී එක ළඟ අසුන්ගෙන සිටි දෙදෙනා වැඩසටහන අතරතුරේදී "මී පිරුන සුවද මල් වනේ" යුග ගීතය ගායනා කිරීමටද අමතක කලේ නැහැ.
එම ගීතය අවසානයේ එම වැඩසටහනේ නිවේදකයා හා චතුරිකා -ගයාන් අතර ඇතිවූ සංවාදය මෙසේය.
නිවේදකයා : ලස්සන යුග ගායනාවක්...චතුරිකා කොහමද ජිවිතේ ? ඔයාගෙන් අහන්නද , ගයාන්ගෙන් අහන්නද ?
එහිදී එක ළඟ අසුන්ගෙන සිටි දෙදෙනා වැඩසටහන අතරතුරේදී "මී පිරුන සුවද මල් වනේ" යුග ගීතය ගායනා කිරීමටද අමතක කලේ නැහැ.
එම ගීතය අවසානයේ එම වැඩසටහනේ නිවේදකයා හා චතුරිකා -ගයාන් අතර ඇතිවූ සංවාදය මෙසේය.
නිවේදකයා : ලස්සන යුග ගායනාවක්...චතුරිකා කොහමද ජිවිතේ ? ඔයාගෙන් අහන්නද , ගයාන්ගෙන් අහන්නද ?



.jpg)


