Facebook මිතුරන් දිල්ලියේ තවත් ශිෂ්‍යාවක් දුෂණය කරයි.

සමූහ දුෂණය කර මරාදැමූ වෛද්‍ය ශිෂ්‍යාවගේ ඝාතකයන්ට දැඩි දඩුවම් දෙන ලෙස බල කරමින් දහස් ගණනින් උද්ඝෝෂණ ව්‍යාපාර දියත් කර ඇති ඉන්දියාවේ අගනුවර වූ නවදිල්ලියේදී පසුගිය දෙසැම්බර් 31 දා රාති‍්‍රයේදි තවත් ශිෂ්‍යාවක් දුෂණය කර ඇතැයි වාර්තා වේ.

තමන්හට ෆේස්බුක් මිතුරුජාලයෙන් හමුවූ මිතුරෙකු ගේ බලවත් ඉල්ලීමට දෙසැම්බර් 31 දා දකුණු දිල්ලි සාප්පු සංකීර්ණයේදි තමන් ඔහුව හමුවූ බවත් පසුව අසල පිහිටි සුපිරි නිවාස සංකීර්ණයක ඇති නිවසකට තමාව කැදවාගෙන ගිය ෆේස්බුක් මිතුරා එම නිවස තුල සිටි තවත් එක් පුද්ගලයෙකු සමග එක්වී තමන්ව දුෂණය කල බවත් අතවරයට ලක්වූ 17 හැවිරිදි පාසැල් ශිෂ්‍යාව පොලීසියට පවසා ඇත.

නොතීසි ලැබුණට අපි උසාවි යන්නේ නැහැ - Minister Nimal Siripala de Silva

'' නොතීසි ලැබුණට අපි උසාවි යන්නේ නැහැ. ගියෙත් නැහැ. යන්නෙත් නැතැයි'' ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

අගවිනිසුරු ආචාර්‍ය ශිරානි බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝග චෝදනාව විමර්ෂණය කිරීම සඳහා පත් කළ විශේෂ කාරක සභාවට අධිකරණය හමුවෙහි පෙනී සිටින්නැයි නොතීසි නිකුත් කළ ද එය පාර්ලිමේන්තුවේ කටයුත්තක් බැවින් ආණ්ඩු පක්ෂය නියෝජනය කළ සාමාජිකයින් අධිකරණයට නොයන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසිය.

UPFA - UNP උසාවි නොයති, JVP - TNA උසාවි යති

දෝෂාභියෝගයට අභියාචනාධිකරණයට කැඳවීම 
අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්‌ඩාරනායක මහත්මියට එරෙහිව ගෙන ආ දෝෂාභියෝගය විමර්ශනය කළ විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව නියෝජනය කරන ලද ආණ්‌ඩු පක්‍ෂයේ සහ එක්‌සත් ජාතික පක්‍ෂ නියෝජිතයන් අභියාචනාධිකරණය හමුවේ අද (03 වැනිදා) දින පෙනී නොසිටීමට තීරණය කර ඇති අතර ජනතා විමුක්‌ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් දෙදෙනා අධිකරණය හමුවේ පෙනී සිටීමට තීරණය කර ඇත.

ඒ අනුව තේරීම් කාරක සභාව නියෝජනය කරන ලද විජිත හේරත් සහ ආර්. සම්බන්දන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනා තමන් අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටින බව 'දිවයින' ට පැවසූහ.

යූ.එන්.පීයත් හරියට ආණ්ඩුව වගේම තමයි. - JVP

පාර්ලිමේන්තුව උත්තරීතර යැයි කියන බෝඩ් ලෑල්ලට තමන් යට නොවන බව ජ.වි.පෙ දේශපාලන මණ්ඩල සභික,පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.

පාර්ලිමේන්තුව යන සංකල්පයේ උත්තරීතර බවක් තිබුණද මෙම පාර්ලිමේන්තුවේ උත්තරීතරත්වය හෑල්ලුවට ලක්වී ඇති බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

අද (02) කොළඹ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අනුර දිසානායක මහතා මෙසේද කියා සිටියේය.

නොදැක ඉන්න බෑ මට නම් මගෙ ෂෙරිල් - Sheryl decker And Ruwan Hettiarachchi Affair

නොදැක ඉන්න බෑ කියා රුවන් - ෂෙරිල්ගේ අත ගනී

 තමන් තවත් දින තුනකින්, රංගන ශිල්පිනී ෂෙරිල් ඩෙකර් සමග විවාහ ගිවිස ගන්නා බව, ගායන ශිල්පී රුවන් හෙට්ටිආරච්චි ලක්බිම පුවත්ට පවසා ඇත . රුවන් සහ ෂෙරිල් අතර, විවාහ ගිවිසගැනීම ලබන සෙනසුරාදා (05) සවස 6.00ට පිටකෝට්ටේ, සෝලිස් උත්සව ශාලාවේදී සිදුකිරීමට නියමිතය. මෙම අවස්ථාව ඔවුන් දෙදෙනාගේ පවුල්වල සාමාජිකයන් සමීපතම හිතවතුන් සහ කතෝලික පූජකවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන බවද රුවන් හෙට්ටිආරච්චි සඳහන් කළේය.

දියණිය අඹුකමට ඉල්ලා පහර දෙන සැමියා මරා දැම්මා !

අනිසි ලිංගික පීඩනය සහ දොළොස් වියැති සිය දියණිය අඹු කමට ඉල්ලා හිරිහැර කරන සැමියා කැත්තෙන් කපා කොටා අද (02) අළුයම 3 ට පමණ මරා දමන ලදැයි කාන්තාවක් පොලිසියට පැමිණ පැමිණිලි කර තිබේ. මෙම ඝාතනය සිදු වී තිබෙන්නේ තණමල්විල, ඌව කුඩා ඔය ප්‍රදේශයේ දීය. සමගිපුර, ඌව කුඩා ඔය පදිංචි සිරිවර්ධන ගේ විජිත රවීන්ද්‍ර නැමැති එක් දරු පියෙක් බිරිඳගේ කැති පහරට ලක්වී මරුමුවට පත් වී ඇත.
 මියගිය තැනැත්තා හරක් පට්ටි බලා ගන්නා අයෙකි. දිනපතා රාත්‍රීයේ අධික බීමතින් පැමිණෙන මොහු අනිසි ලිංගික ක්‍රියාකාරකම් වලට බල කරමින් තමන්ට පහර දෙන බවත්, තමන්ගේ 12 වියැති දියණිය අඹු කමට ඉල්ලමින් පහර දීම් නොකඩවා සිදු කරන බවත් මෙම කාන්තාව පොලිසියට පාපොච්චාරණය කර තිබේ. ඉවසා බැරිම තැන මොහුගෙන් ගැලවීම සඳහා මෙම ඝාතනය සිදු කළ බවත්, අධික බීමතින් නිදා සිටි සැමියාව අද (02) පාන්දර 3 ට පමණ කැත්තෙන් කොටා ඝාතනය කළ බවත් මෙම කාන්තාව පවසා ඇත.

එජාප සාමාජිකයින් හෙට උසාවියේ පෙනී සිටින්නෙ නැහැ

දෝෂාභියෝග ක්‍රියාදාමය පාර්ලිමේන්තු කටයුත්තක් බැවින් අධිකරණයට නොයන බව එ.ජා.ප මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.

ඒ පිළිබඳ ඉදිරියේදී විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකරනු ඇති බව අත්තනායක මහතා කියා සිටියි.

අද (02) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එ.ජා.ප මහ ලේකම්වරයා මේ බව කියා සිටියේය.

2011ට සාපේක්‍ෂව ආර්ථික වර්ධනය අඩකින් අඩුවේ

2011 තුන්වන කාර්තුවේදී සියයට 8.5කින් වර්ධනය වූ මෙරට ආර්ථිකය මේ වසරේ තුන්වන කාර්තුවේදී වර්ධනය වූයේ සියයට 4.8කින් බව හෙළිවේ.

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත්කර තිබෙන නවතම දත්ත මඟින් මේ බව අනාවරණය වන අතර 2011 වසරේදී මෙරට දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සියයට 8.3ක් විය. කෙසේ වෙතත් පුරෝකථනය කර තිබෙන්නේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය මේ වසරේදී සියයට 6.7ක් දක්වා මන්දගාමී වනු ඇති බවටයි.

Gossip Lanka Hot News Previous News Archive