කැලණිය මන්ත්‍රී ඝාතනය: සැකකරුවන් අත්අඩංගුවට. Chief Suspect in Madawala killing arrested

කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල මහතාගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන රංගන් නැමැත්තා රටින් පැන යාමට උත්සහ කළ අවස්ථාවේදී කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබේ.ඔහු ඊයේ (07) රාත්‍රී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පැවසුවේය.ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ තමන් සිංගප්පූරුවට යාමට සැලසුම් කර තිබු බවයි.

අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් සිව්දෙනාගෙන් සිංගප්පූරු සරත් නැමැත්තා රංගන්ගේ ඥාතියෙකු බවද අනාවරණය වී ඇත.සැකකරුගෙන් ලබාගත් තොරතුරු මත කැලණිය හා කිරිබත්ගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් සිව්දෙනෙකු එලෙස අත්අඩංගුවට ගෙන තිබේ.ප්‍රශ්න කිරීම්වලින් පසු ඝාතනය සඳහා යොදා ගත් ගිනි අවිය හා සැකකරුවන් පැමිණි යතුරු පැදිය ද සොයා ගෙන ඇත.මීට අමතරව ඔවුන් සතුව තිබු මැගසීන් එකක්, උණ්ඩ 2ක්, හිස්වැසුම් (හෙල්මට් ) 2ක්, ටී 81 වර්ගයේ ගිනි අවියක්, උණ්ඩ 42ක්, ත්‍රීරෝද රථයක් ද සොයා ගෙන තිබේ.

Googleවල Sex හොයලා ලංකාව එක වීම ගැන කලා කරුවන්ගේ අදහස්

පසුගියදා, අන්තර්ජාලය ලංකාවට ජංජාලයක් වෙන පුවතක් පළ කළා. ලෝකෙන්ම සෙක්ස් හොයල ලංකාව පළමුවැනිය වෙලා. අහපු ගමන් එක පාරට හිනා ගියා. මේ ඇතුළෙ වෙනමම සමාජ විද්‍යාත්මක හේතුවක් තියෙන්න ඕනෙ. අපිට හිතුණ මේ රටේ සිවිල් බලයක් තියෙන කීප දෙනෙක්ගෙන් අදාළ ප්‍රස්තුතය ගැන අහල බලන්න. බොහෝ අය අදහස් ප්‍රකාශ කරන්න බෑ කියද්දි මේ පිළිබඳ තමන්ගෙ මතය ඉදිරිපත් කළ සිවිල් බලධාරීන්ට, බලධාරිනියන්ට අපි ස්තුතිවන්ත වෙනව.

2013 ධනාත්මකයි - Sri Lanka Economic Review.

 2012 කියන්නෙ මුළු ලෝකයටම අභියෝගයක් වුණ වර්ෂයකි. අමෙරිකාව වගේම රටවල් 27කින් සැදුම්ලත් යුරෝපා කලාපයේ විශාල ආර්ථික අර්බුදයක් ඇති විය. මූල්‍ය ක්‍රමය වගේම අනිත් අංශවලිනුත් ඔවුන් විවිධ අභියෝගවලට මුහුණ දුනි. දිගින් දිගටම 10%ක ආර්ථික වර්ධනයක් පවත්වා ගත් චීනයේ ආර්ථික වර්ධනය 7%ට පසුබැස්සේය. ඉන්දියාවේ තත්ත්වයත් එය වූ අතර එරට ආර්ථික වර්ධනය 5%ට අඩු විය.

පෙරදිග රටවල දේශපාලන අස්ථාවරතා ඇති විය. ඒ වගේම ඉරානයේ තෙල් සම්බන්ධයෙන් විවිධ සම්බාධක පැනවීය. එරටින් තෙල් ආනයනය කරන රටවලට වැඩ කරන්න වූයේ ඒ සීමා තුළය. ලංකාවටත් ඒ කාරණය බලපෑවේය. ඉතා ඉහළ මිල ගණන් යටතේ තෙල් ආනයනය කරන්න සිද්ධ විය.

සහෝදරයන් හතර දෙනාගේ කදුළු කතාව !


බල්ලන්, බළලුන් පවා මහ මඟ දමා යද්දී 'අනේ අපොයි' කියා කම්පාවන මිනිසුන් අපි නිබඳ දැක ඇත්තෙමු. සත්ත්වයන්ට කරුණා කිරීමේ අගය වටහා දුන් බුදුන් වහන්සේ අදහන රටේ, දරුවන් තරමටම ආදරෙන් සතුන් දෙස දයා බැලුම් හෙළන ලෝකයේ තමන්ගේ ලෙයට දාව උපන් පුතුන් සතර දෙනකු තනිකර, යන එන අතක් නොකියා දමා යන මවුපියවරුන් සිටින බව සිතීම පවා ඇදහිය හැකි ඇත්තක්ද?

නව වසරේ නිර්මාංශ වෙමු ! Be Vegetarian

ශී‍්‍ර ලංකා අවිහිංසාවාදී මහා සංගමයේ සභාපති හා ජාතික සංවිධායක පූජා උත්තම පූජා මහ මෛත්‍රී ධර්ම යාත්‍රාව වැඩසටහනේ නිර්මාතෘ
දේශමාන්‍ය නිහාල් විජේරත්න.
සියලු සත්වයෝම පවතින්නේ ආහාර නිසයි.එම නිසාම බුදුරජාණන් වහන්සේ “සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා” යනුවෙන් දේශනා කළ සේක. උපන් සත්ත්වයන්ගේ පැවැත්ම පිණිසද, ඉපදීම අපේක්ෂා කරන සත්ත්වයන්ගේ අනුග්‍රහය පිණිසද ආහාර අවශ්‍ය බව සංයුක්ත නිඛායේ අභිසමය සංයුක්තයේ සඳහන් “ආහාර සූත්‍රයේත්” එම සංයුක්තයේම සමා වර්ගයේ එන “පුත්ත මාංස සූත්‍රයේත්” ඉතා පැහැදිලිව සඳහන් වන්නේය. ඊට අමතරව උසස් මනසක් ඇතැයි අර්ථය ලත් මිනිසාටත්, තිරස්ව ගමන් කරන අර්ථය ලත් තිරිසන් ගත සත්ත්වයාටත් පොදු වූ මූලික අවශ්‍යතා සතරක් ඇත. ආහාරය, නින්ද, බියෙන් සැකෙන් තොරව විසීම හා මෛථුන්‍ය එම මූලික අවශ්‍යතා සතරයි. ඉන් පළමු වැන්න වන්නේද ආහාරයයි. ආහාරයෙන් සිදුවන්නේ මිනිසාගේ සාපිපාසාවන් සන්සිඳුවීමයි.

මම ෆුට්‌ බෝලයක්‌ වගෙයි " I’m like a football now" Ranil Wickremasinghe

ආණ්‌ඩුව පෙරළීමට  අගවිනිසුරුවරියට බැහැ

අගවිනිසුරුවරියට වත්මන් ආණ්‌ඩුව පෙරළිය නොහැකි බැවින් තමන් උසාවි ගොස්‌ කාලය නාස්‌ති කර නොගත් බව විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (07 වැනිදා) පැවසීය.
පෞද්ගලික මාධ්‍යයට ද ආණ්‌ඩු පෙරළිය නොහැකි බව කී විපක්‍ෂ නායකවරයා වත්මන් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන ආණ්‌ඩුව පෙරළිය හැක්‌කේ එක්‌සත් ජාතික පක්‍ෂයට පමණක්‌ බව ද කීය.එජාපයට නව සාමාජිකයන් බඳවා ගැනීමට සහ පක්‍ෂ සාමාජිකත්වය අලුත් කිරීම සඳහා සිරිකොත පක්‍ෂ මූලස්‌ථානයේදී ඊයේ පැවැති සාමාජික කාඩ්පත් ප්‍රදානෝත්සවයේදී හෙතෙම මේ බව කියා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.

නීති ප්‍රවේශ ශිෂ්‍ය එකමුතුව කළ විරෝධතාව නොසන්සුන් වෙයි

නීති ප්‍රවේශ විභාගයේදි අක්‍රමිකතා සිදුවූ බව පවසමින් සිසුන් පිරිසක් අද සංවිධානය කළ විරෝධතාව අතරතුර නොසන්සුන් තත්ත්වයක් හට ගැනිණි.ඒ ඔවුන් ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුලත්විමත් සමගිනි.2012 නීති ප්‍රවේශ විභාගයේදි අක්‍රමිකතා සිදුවූ බව පවසමින්, නීති ප්‍රවේශ ශිෂ්‍ය එකමුතුව විරෝධතාව දුම්රිපල ඉදිරිපිටින් ආරම්භ කළේය.පසුව සිසුන් පාගමනින් ශ්‍රී ලංකා නීති විද්‍යාලය ඉදිරිපිටට පැමිණ විරෝධතාවයේ නිරත විය.

මෙවර සිංහල මාධ්‍යයෙන් විභාගයට පෙනීසිට සමත් සිසුන් සංඛ්‍යාව පහළ මට්ටමක පවතින බවට විරෝධතාවට එක්වූ සිසුන් පෙන්වා දෙන්නේය.එමෙන්ම ප්‍රතිඵල නිකුත් කළ ලේඛනයේ සමත් සිසුන්ගේ ලිපින සදහන් නොවීම සම්බන්ධයෙන් ද සිසුන් විරෝධය පල කළේය.ඔවුන් පවසන්නේ 2012 නීති ප්‍රවේශ විභාගයේ ප්‍රතිඵල විකෘති වී ඇති හෙයින් යළි විභාගය පවත්වන ලෙසය.

නාරද බක්මීවැවගේ විවාහ උත්සවය " Narada Bakmeewewa's Wedding Photos"

ප්‍රකට රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදකයෙකු හා ඉදිරිපත්කරන්නෙකු වන නාරද බක්මීවැවගේ විවාහ උත්සවය පසුගිය සතිඅන්තයේ සිදු වුණා. ඔහු අතගත්තේ රාගම වෛද්‍ය විද්‍යාලයේ කථීකාචාරිනියක ලෙස සේවය කරන දිනුෂි අතපත්තු සමගයි.

එහි ඡායාරූප එකතුවක් බලන්න.
සියල්ල මෙතැනින්




Gossip Lanka Hot News Previous News Archive