මර්වින් සිල්වා සංවිධාක ධුරයෙන් අස්වෙයි -Mervyn Silva resigns as Kelaniya organizer

 ඉල්ලා අස්වීම ජනපති පිළිගනී
සමහජන සබඳතා හා මහජන කටයුතු අමාත්‍ය, ආචාර්ය මර්වින් සිල්වා මහතා කැලණිය ශ්‍රීලනිප ප්‍රධාන සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.අද (11) පස්වරුවේ හෙතෙම සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති බවත්, ජනාධිපතිවරයා එය පිළිගෙන ඇති බවත් ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල මහතාගේ ඝාතනයට මේවන විට සැක පිට අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් පස්දෙනා අතර අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකුද සිටින බව සඳහන්ය.කෙසේ වෙතත් එකී සිදුවීමට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නැතැයිද පරීක්ෂණ කටයුතු සඳහා තමන් සිය පූර්ණ සහයෝගය ලබාදෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

Texas Chainsaw 3D (2013) ටෙක්සාස් චේන්සෝ

Genre: Horror , Thriller , Mystery, Release: 4 January 2013

මිනිමරුවන්ගේ පාරාදීසය
‘ටෙක්සාස් චේන්සෝ 3D’ හොලිවුඩ් චිත්‍රපටය ටෙක්සාස් චේන්සෝ චිත්‍රපට මාලාවේ හත් වැනි චිත්‍රපටයයි. ජෝන් ලූසෙන්හොප් විසින් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටයේ ඇලෙක්සැන්ඩ්‍රා ඩැඩ්රියෝ, ඩැන් යේගර්, ට්‍්‍රමැයින් නෙවර්සන්, ටානියා රේමොන්ඩ්, තොල බැරී, පාවුල් රේ, බිල් මොසෙලි ප්‍රධාන චරිත නිරූපණය කරති. ටෙක්සාස් චේන්සෝ මිනිත්තු 92 ක ධාවන කාලයකින් යුතු වේ.
ටෙක්සාස් චේන්සෝ  චිත්‍රපටිය ගැන කියනවා නම් , තරුණ කාන්තාවක් ටෙක්සාස් වලට යන්නෙ තමන්ට උරුම වෙච්චි දේපළකට හිමිකම් සනාථ කරන අදහස හිතේ දරාගෙනයි. නමුත් ඒ බූදලේ එක්ක හම්බෙන දේවල් ගැන ඇයට පැහැදිලි අවබෝධයක් නෑ. තිබුණනම් යන එකකුත් නෑ…

Death Race 3 : Inferno (2013) ඩෙත් රේස් 3

Genre: Action , Thriller , Crime, Release: January 2013
Death Race 3 : Inferno චිත්‍රපටිය ගැන කියනවා නම් ඩෙත් රේස් තරග සංවිධානය කරන වේලන්ඩ් සමාගම බංකොලොත් බවට පත්වෙනවා.එම නිසා මේ සමාගම වෙනත් කෙනෙක් මිලදි ගන්නවා.ඔහුට මේ සමාගම නැවතත් ලාභ ලබන තැනට පත්කරන්න අවශ්‍ය වෙනවා.එක නිසා ඔහු කරන්නේ ඩේත් රේස් තරග ලොකය පුරා පැවැත්විමට කටයුතු කිරිම.මේ තරග මාලාවේ පලමු වැන්න තමයි මේ චිත්‍රපටියේ ගෙන හැරෙන්නේ.එම සමාගම මිලදි ගන්න අලුත් කෙනාට ඕන වෙනවා ෆැරැන්කන්ස්ටයින් නාමය රේස් කාලාවේ හොද තැනක තියන්න.එක නිසා බොහොම බිහිසුනු තරගයක් තමයි සංවිධානය කරන්නේ.


ජනප්‍රිය නළුවා වන්න මං ආසත් නැහැ - Roshan Ravindra

 කලකට පසු රොෂාන් රවීන්ද්‍ර හමු වී..
 ඔහු පරිපූර්ණ නළුවකුගේ සංකේතයක් බඳුය. තමන්ට ලැබෙන චරිතය තුළ ජීවත්වන්නා වූ රංගන ශිල්පීන් අතලොස්සෙහි හෙතෙම පෙරමුණේ සිටියි. මම ඔහුට පුංචි තිරයේ රස්තියාදුකාරයා හැටියට විරුදාවලියක් තබමි. ඒ ටෙලි නාට්‍යයන්හි ඔහු වැඩිපුරම පණ පොවනු ලැබුවේ නොහික්මුණු චරිත බැවිනි.කැමරාව ඉදිරියේ රංගනයේ අපුර්වත්වය ප්‍රකාශ කොට විශිෂ්ටත්වයට පත් මේ සොඳුරු රංගනවේදියාට සම්මාන උළෙලයන්හී සම්මානයන්ට නිර්දේශ වීම දැන් සාමාන්‍ය තත්ත්වයක් බව කිව හැකිය.
ඔහු ගැන ලියූ පූර්විකාව තවත් දීර්ඝ කිරීම අනවශ්‍යය. මෙතැන් සිට කතාබහ කිරීම ප්‍රමාණවත් යැයි සිතේ.

අගවිනිසුරු ගෙදර යවන දෝෂාභියෝගය සම්මතයි - Impeachment motion passed in Parliament

අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහි විවාදයට ගත් දෝෂාභියෝග යෝජනාව පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 106කින් මීට ටික වේලාවකට පෙර සම්මත වී තිබේ.එකී යෝජනාවට පක්ෂව ඡන්ද 155ක් ලැබී ඇති අතර විපක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 49ක් පමණි.ආණ්ඩුවේ බහුතරයක් මැති ඇමතිවරුන් යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ අතර විපක්ෂයේ සියලු පක්ෂවල මන්ත්‍රීවරුන් එකී යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන ලදී.කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් අද විවාදය සඳහා පැමිණ සිටියේ නැත.ඒ අනුව අදාළ දෝෂාභියෝග යෝජනාව වැඩි ඡන්ද 106කින් සම්මත වී තිබේ.

දෝෂාභියෝගයට මම ඡන්දය දෙන්නේ නෑ - D.E.W.Gunasekara

අපේ දේශපාලන සතුරන්ට, ජත්‍යන්තර මෙන්ම දේශිය වශයෙන් වාසිවන කොන්දේසි නිර්මාණය කොට පසුව හඩා වැළපීමෙන් හෝ යුද ප්‍රකාශ කිරීමෙන් පළක් නොවන බව දෝෂාභියෝග යෝජනාව පිළිබඳ අද (11) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් මානව සම්පත් පිළිබඳ ජ්‍යෙෂ්ඨ ඇමැති ඩිව් ගුණසේකර මහතා පැවසීය. කරුණු සාධක රාශියක් පදනම් කරගෙන දෝෂාභියෝගයේ දී ඡන්දය දීමෙන් වැලකී සිටීමට තීරණය කළ බවත් අමාත්‍යවරයා අද (11) දහවල් පාර්ලිමේන්තුවේ දී වැඩිදුරටත් ප්‍රකාශ කළේය. විවාදයේ දී ඒ මහතා වැඩිදුරටත් මෙසේ කීවේය.

ශී‍්‍ර ලංකා රුපියල හිස ඔසවයි- Sri Lanka rupee strengthens

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (11) තවදුරටත් ශක්තිමත් වුණා. ශී‍්‍ර ලංකා මහ බැංකුවේ නිශ්චය කිරීම්වලට අනුව ඇමරිකානු ඩොලරයක් සඳහා රුපියලේ අගය සටහන් වූයේ රුපියල් 126 යි ශත 03 ක් ලෙසයි. අද දිනයේ ඩොලරයක ගැණුම් මිල රුපියල් 124 යි ශත 74 ක් වන අතර, විකුණුම් මිල රුපියල් 127 යි ශත 99 ක්. රුපියලේ අගය දැන් මාස 09 කින් ඉහළම අගයට පත්ව තිබෙනවා. විදේශීය බැඳුම්කර විකුණුම් ඇතුළු විදේශ විනිමය ගලනය මෙලෙස රුපියල ශක්තිමත් වීමට හේතු වී ඇති බව මහ බැංකුව ප‍්‍රකාශ කළා.

පළමු තරගයෙන් ඔස්ට්‍රේලියාවට විශිෂ්ට ජයක් -Australia win 1st ODI by 107 runs

ආක්‍රමණකාරි ක්‍රීඩා විලාසයක් දක්නට නොලැබුණු බැවින් ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරග 5කින් සමන්විත එක්දින තරගාවලියේ අද ආරම්භ වූ පළමු තරගයෙන් ලකුණු 107ක විශිෂ්ට ජයක් ලැබීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත්විය.මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව පන්දුවාර 50 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 305ක් ලබා ගැනීමට සමත්විය.එම ලකුණු සංඛ්‍යාවට පිලිප් හියුස් ලබාගත් ලකුණු 112 කැපී පෙනුණි.

ඔහු ලබාගත් එම ශතකය මංගල එක්දින තරගයකදී ශතකයක් ලබාගත් පළමුවැනි ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයා ලෙස වාර්තා පොත් අතරට එක්විය.එසේම නායක ජෝර්ජ් බේලි ලකුණු 89ක් හා ඩේවිඩ් හසී නොදැවි ලකුණු 60ක් ලබා ගැනීමට සමත් වූහ.

Gossip Lanka Hot News Previous News Archive