ආණ්ඩුව දැන් මාරාන්තික තුවාල ලබලා - Anura Kumara Dissanayake

පසුගියදා දෝෂාභියෝගයෙන් ආණ්ඩුව ලැබූවේ තාවකාලික ජයක් බවත් එම සටනින් ආණ්ඩුව මාරාන්තික තුවාල ලැබූ බවත් ජවිපෙ මන්ත්‍රී අනුර දිසානායක මහතා පවසයි. හැම සටනක්ම සතුරා ජයග්‍රහණය කරන්නේ නැහැ.

එක් සටනකදී තුවාල, තවත් සටනකදී මාරාන්තික තුවාල තවත් සටනකදී සතුරාට තීරණාත්මක පරාජයන් අත්පත්කර දිය හැකියි. එම ඉරණමට අද රාජපක්ෂ ආණ්ඩුවේ මුහුණ දී සිටිනවා යැයිද අනුර දිසානායක මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ පසුගියදා පැවැති දෝෂාභියෝගයෙන් පසු රටේ හෙට දවස නම් ගමපහ පැවති සම්මන්ත්‍රණයකට සහභාගි වෙමිනි.

දියණිය සයමස් ගැබිණියක් කර මාමා ග‍මෙන් පැන යයි

වයස අවුරුදු 16 ක් වන තම සහෝදරියගේ දියණියට අතවර කර ඇය සය මසක ගැබිනියක් බවට පත් කළ මාමා කෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බව වෙන්නප්පුව පොලීසිය කියයි. 

අතවරයට ලක්ව ඇත්තේ වෙන්නප්පුව - කොලින්ජාඩිය ප්‍රදේශයේ පිහිටි උළු කර්මාන්ත ශාලාවක කම්කරු නිවාසයක පදිංචිව සිටි දැරිවියකි. මෙම දැරිවියගේ මව් - පියන් දෙදෙනාම ඔවුන් පදිංචිව සිටි නිවස පිහිටි භූමියේ ඇති උළු කර්මාන්ත ශාලාවේ සේවය කරමින් සිට ඇත.පසුගිය 2012 වසරේ මැද භාගයේ දිනක නිවසේ කිසිවෙකුත් නොමැති විටක එහි පැමිණ ඇති සැකකරු නිවස තුළදී ඇයට අතවර කර ඇත.

සනත් ජයසුරිය ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා කිරීම වරදක් - අර්ජුන රණතුංග

සනත් ජයසුරිය මහතා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා වශයෙන් පත්වීම් වරදක් ලෙස නොසිතන නමුත් ඉතාමත් කෙටි කාලයකදී මෙවැනි තනතුරකට පත්වීම ඉදිරියේදී ප්‍රශ්නයක් විය හැකි බව අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කරයි.

සනත් ජයසූරිය මහතා තවමත් විශ්‍රාම ගිය බවක්වත් සඳහන් කර නොමැති තත්වයක් තුළ ඔහු මෙම තනතුරට පත්කිරීම ගැටළු සහගත බව ඔහු පෙන්වා දෙයි. ක්‍රිකට් තේරීම් කමිටුවට නව සභාපතිවරයා පත්කිරීම පිළිබද අදහස් දක්වමින් ඔහු මේ බව පවසා තිබුණා. පසුගිය කාලයේ පැවැති දේශපාලන බලපෑම් නිසා ප්‍රවීණ ක්‍රකිකට් ක්‍රීඩකයින් ක්‍රිකට් පාලක මණ්ඩලයට හෝ තේරීම් කමිටුවට සම්බන්ධවීමට අකමැත්තෙන් සිටින බවද ඔහු පෙන්වා දෙයි.

ධර්ම රාජ්‍යයේත් බුද්ධා බාර් !


'බුද්ධා බාර්' යනු බුදුරජාණන් වහන්සේගේ රූපය යොදාගෙන පවත්වාගෙන යනු ලබන තැබෑරුම් ව්‍යාපාරයකි. අමෙරිකාව, යුරෝපය, මැද පෙරදිග සහ ආසියානු රටවලද මේ කියන 'බුද්ධා බාර්' තැබෑරුම් තිබේ. පසුගිය 21 වැනිදා සන්ධ්‍යාවේදී ශ්‍රී ලංකාව නම් ධර්මද්වීපයේත් 'බුද්ධා බාර්' තැබෑරුමක් විවෘත කෙරිණි. ඒ බේරුවල ප්‍රදේශයේ වෙරළබඩ පිහිටි ප්‍රසිද්ධ හෝටලයකය.

උපකාර යදින පවුලක කදුළු කතා පුවත

මිනිසකුට ජීවිතයේ ලැබෙන උතුම්ම සම්පත තමයි නිරෝගී සම්පත "ආරෝග්‍යා පරමා ලාභා" බුද්ධ දේශනාවෙ ඒ විදියට සඳහන් වෙන්නෙත් ඒකයි. ඒත් මේ ලෝකයේ කීයෙන් කී දෙනකුට ද ඒ වාසනාව ලැබෙන්නෙ.

මේ ලෝකෙ එළිය දකින තමන්ගෙ බිලිඳු දරුවා හොඳ සුරතල් ළමා අවදියකට, ලස්සන තරුණ සමයකට පැමිණීම පිළිබඳ මවුපියන් සිහින මවනවා. ඔවුන්ට පුංචිම පුංචි ලෙඩක් දුකක්වත් හැදෙනවට, වේදනා විඳිනවට දෙමවුපියො කැමැති නෑ. දරුවන්ගෙ දෑසේ කඳුළු ඔවුන්ට සිදුවන විපත් තමයි මවුපියන් දකින්න අකැමැතිම දේ.

නීති සිසුවියගේ අත කපාදැමීම ගැන පරීක්ෂණයක්

මාතර මහරෝහලේදී නිසි ප‍්‍රතිකාර ලබානොදීම හේතුවෙන් නීති විද්‍යාල සිසුවියකගේ වම් අත කපා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.මෙම සිද්ධිය පිළිබඳ පරීක්ෂණ සඳහා විශේෂ කමිටුවක් පත්කරන ලෙස, සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සෞඛ්‍ය ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතා වෙත අද උදෑසන උපදෙස් දී තිබේ.

ඒ අනුව, එම පරීක්ෂණ සඳහා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ආනන්ද ගුණසේකර මහතා සහ ශල්‍ය වෛද්‍යවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇත.මේ පිළිබඳව කඩිනමින් විමර්ශනය කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස සෞඛ්‍ය ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතා අදාළ කමිටුවට උපදෙස් දී තිබේ.

සුගත්ගේ වියෝව මට දරාගන්න බැරිවුණා - දම්මි ( අනුලා කරුණාතිලක )

ගෙදරින් කැමැති වුණා නම් සුගත්ව බඳිනවා
සුගත්ගේ ආදරය ගැන දම්මි කියන කතාව
 සුගත්........· කිසිදා අමතක කර දැමිය නොහැකි අකාලික ආදරවන්තයා· විරහ වේදනාවෙන් ඔද්දල් වූ හදවත පමණක්‌ ඉතිරි කරගෙන නිහඬ වූ අවාසනාවන්ත ප්‍රේමවන්තයා· ප්‍රේමය විසින් ස්‌පර්ශ කළ කවර හදවතක වුව ලැගුම් ගැනීමට නිතැතින් ඉඩ ලද ඒ ආදරවන්ත මතකය පසුගියදා අප අතරින් සදහටම සමු ගත්තා.

සුගත්ට සදාකාලික සිහිනයක්‌ පමණක්‌ වූ ඒ හිරිමල් යෞවනිය දම්මි.....· හදවත මොර ගගා ඇයට කියූ දේ බිඳුවකටවත් මායිම් නොකළ ඇය සුගත්ට සදාකාලික විරහව උරුම කර දුන්නාය...·

රට අරාජිකත්වයකට යෑම වළක්වන්න බැහැ - ජ්‍යෙෂ්ඨ නීතිඥ සුනිල් වටගල

මේ වන විට දෝෂාභියෝගය එක්තරා කඩඉමකට පැමිණ තිබෙනවා. ආණ්ඩුව දෝෂාභියෝගය සම්මත කරගත්තාය කියන පදනම මත බලහත්කාරී ලෙස නව අග‍්‍රවිනිශ්චයකාරවරයකු පත්කරගෙන තිබෙනවා.

 මේ සියලූ අවාසනාවන්ත සිදුවීම් සමග ඉතා මෑතක සිදුවූ අවාසනාවන්තම සිදුවීම තමයි මීට දින දෙක තුනකට උඩදී ශ්‍රේෂ්ඨාධිකරණයේදී සිදුවුණේ. දෝෂාභියෝගය අභියෝගයට ලක්කර ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකර තිබූ පෙත්සම් තුන පිළිබඳව තර්ක කිරීම කළ යුතුව තිබුණත් නීතිපතිවරයා ඉල්ලීමක් කළා එම පෙත්සම් පූර්ණ විනිශ්චය මණ්ඩලයකට යොමුකළ යුතු බව. 

Gossip Lanka Hot News Previous News Archive