ගණිත හා විද්‍යා ප්‍රථම ස්ථාන දෙකම රාජපක්ෂ විදුහලට - 2012 A/L Results

ඊයේ සන්ධ්‍යාවේ නිකුත්වූ 2012 උසස් පෙළ ප්‍රතිඵල අනුව මෙවර ජීව විද්‍යාව හා ගණිත අංශ දෙකෙහිම දිවයිනේ ප්‍රථම ස්ථාන හම්බන්තොට වීරකැටිය රාජපක්ෂ මධ්‍ය විද්‍යාලයේ සිසුන් දෙදෙනෙකුට හිමිව තිඛෙනවා.
බොහෝ අවුරුදුවල කොළඹ පාසල් වල සිසුසිසුවියන් තරගකාරී ලෙස ලබාගන්නා මෙම විශේෂ ස්ථාන එකම පාසලක සිසුන් දෙදෙනෙකු ලබාගැනීමත් එය හම්බන්තොට වැනි ප්‍රදේශයක එකම පාසැලකට හිමිවීමත් විශේෂිතය.
කොළඹ දේවි බලිකා විද්‍යාලයේ උපේෂා සෙව්වන්දි, ශේෂානි ගුණතිලක, සමාලි ලියනගේ යන සිසුවියන් තිදෙනා පිළිවෙලින් කලා, වානිජ සහ තොරතුරු තාක්ෂණය යන අංශයන්ගෙන් ඉහළම ලකුණු ලබාගනිමින් දිවයිනේ ප්‍රථම ස්ථාන ලබා ගෙන ඇත.

" රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙල " වැඩි සම්මාන ජාතික රූපවාහිනියට

රූපවාහිනී නිර්මාණ ක්ෂේත්‍රයේ විශිෂ්ට කුසලතා දක්වන ලද නිර්මාණකරුවන් රාජ්‍ය මට්ටමෙන් ඇගැයීමට ලක්කිරීම සඳහා පවත්වනු ලබන එකම සම්මාන උළෙල වන රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙලෙහි අටවැනි දිගහැරුම කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ ඊයේ (30) රාත‍්‍රී පැවැත්විණි. 

ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණිය උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තිය විය.2011 සහ 2012 යන වර්ෂයන් සඳහා නිර්මාණය වූ නිර්මාණයන්ට මෙහිදී සම්මාන ලබා දෙන ලදී.  2012 හොඳම නළුවා ලෙස ‘ස්‌වයංජාත’ ටෙලි නාට්‍යයේ රඟපෑ ජනක්‌ ප්‍රේමලාල්ද, හොඳම නිළිය ලෙස ‘ස්‌වයංජාත’ ටෙලිනාට්‍යයේ රඟපෑ චතුරිකා පීරිස්‌ ද සම්මාන ලැබූහ.

බිළිදියකට සිරුරෙන් පිටත හදවතක්

උප්පත්තියෙන්ම සිය හදවත සිරුරෙන් පිටත පිහිටන සේ උපත ලැබූ සිඟිත්තියක් හට රෝස පැහැති ආවරණයක් යොදා යථා තත්වයට පත් කෙරූ පුවතක් ඇමරිකාවෙන් වාර්තා වේ.

ඖඩ්‍රිනා කාඩනස් නම් මෙම දැරිය ඉතා විරල රෝගී තත්වයක් වන “එක්ටෝපියා කෝඩිස් (ectopia cordis)” තත්වයට මුහුන දුන් අතර මේ තත්වය මිනිසුන් මිලියන අටකින් එක් අයෙකුට වැලදෙන අතර ඉන් දහයෙන් නව දෙනෙකුම උපතේදීම හෝ උපතින් දවස් දෙක තුනක් ඇතුලත මියයෑම සිදුවෙයි.

අපි දෙන්නා හෝටලයට ගියේ වෙන වැඩකට - Nehara - Menaka

මේ දවස් වල වැඩි පුරම කතා බහ වෙන චරිත අතරින් මේනක – නෙහාරා යුවළට හිමිවන්නේ සුවිශේෂී තැනක්.මේ වන විට කලා ලෝකයේ හිනි පෙත්තටම නැග ඉන්න මේ දෙන්නාගේ ආදර පලහිලව්ව දැන් රටම දන්න ප්‍රසිද්ධ රහසක් බවට පත් වෙලා.මෙහෙම මේ දෙන්නාගේ සැගවුණු ප්‍රේමය ගැන මුළු රටම දැන ගනිද්දී මීළඟට තිබුණු ප්‍රශ්ණය තමයි කවද්ද මේ දෙන්නා විවාහ වෙන්නේ කියන එකයි.ඔවුන් දෙන්නට ආදරය කරන බොහෝ දෙනා මේ කාරණය පිළිබඳව සොයන්න පටන් ගත්තේ ඉස්පාසුවක් නැතුවයි.මේ උණුසුම තිබෙන මේ වකවානුව තුළ සමහර වෙබ් අඩවිද ඔවුන් පිළිබඳ පල කල පුවත් වලද සදහන් කළේ ඔවුන් දෙදෙනා හොර රහසේම විවාහ වී ඇති බවයි.

දිගින් දිගටම මේ ආකාරයේ පුවත් මාධ්‍ය හරහා පළවෙද්දී මේ කාරණයේ ඇත්ත තතු ගැන මේනක දක්වා හිටියේ මෙවැනි අදහසක්.

ගූගල් 'හැක්' කළොත් ඩොලර් මිලියන 3ක් ! Google challenges hackers

අන්තර්ජාලයේ ජනප‍්‍රියම සෙවුම් වෙබ් අඩවිය වන ගූගල් විසින් සයිබර් ප‍්‍රහාරකයින් සඳහා තරගයක් ආරම්භ කර තිබේ. ජයාග‍්‍රාහකයාට පිරිනැමෙන ත්‍යාගය අමෙරිකානු ඩොලර් මිලියන 3.14කි.තරගයට සහභාගි වන්නන් කළ යුත්තේ ගූගල් ක්‍රෝන් මෙහෙයුම් පද්ධතියට රහසිගතව ඇතුළු වි එහි වෙනස්කම් සිදු කිරිමයි.

මේ අතර අමෙරිකාවේ අධීකරණ දෙපාර්තමේන්තුවට අයත් නිල වෙබ් අඩවියක් ද ඇතුළුව ලෝකය් ප‍්‍රකට වෙබ් අඩවි කිහිපයක්ම ඉකුත් දිනවල සයිබර් ප‍්‍රහාරයන්ට ලක්විය.ශ‍්‍රී ලංකාවේද ජාතික ආරක්‍ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍ය්සථානයේ සහ තවත් ප‍්‍රකට වෙබ් අඩවි කිහිපයක්ම සයිබර් ප‍්‍රහාරයන්ට ලක්ව තිබිණි.

ලංකාවේ පිරිමි කම්මැලියි, බිරිඳ උකස් කර හෝ මුදල් සොයන්න උත්සාහ කරනවා - Ranjan Ramanayake

ලංකාවේ මවුවරු, සහෝදරියන් හා දියණියන් ගෘහ සේවය සඳහා විදේශගත කිරීම ගැන ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් කනාගාටු වෙනවා. දියුණු බෘනායි, ස්විට්සර්ලන්තය, කැනඩාව, ප්‍රංශය වැනි රටවල් මෙන්ම තෙල් සම්පතට හිමිකම් කියන රටවලත් තමුන්ගේ රටේ මාතෘත්වය විදේශ ගතකර මුදල් උපයා ගන්නේ නැහැ. නමුත් අපේ රටේ දුප්පත්කම නිසා කාන්තාවන් තවමත් විදේශගත වෙනවා.අවුරුදු 60කට 70කට පෙර ගෝත්‍රික පාලනයක් තිබුණු, දුක්විඳි ජනතාවක් සිටි සෞදියට තෙල් සම්පත ලැබිමත් සමග එතෙක් කාන්තාරවල දුක් වින්ද ඔවුන්ගේ අතට පයට වැඩකාරයින් අවශ්‍ය වුණා. 

ඔවුන්ගේ බැලමෙහෙවර කිරීමට පෙරදිග රටවලින් කාන්තාවන් ගෙන්වා ගැනීමේ කුහක අදහසට මැදිි වුණේ අසරණ ආසියාතික රටවල්. ඉන්දුනීසියාව, පිලිපීනය, නේපාලය, බංගලාදේශය, පකිස්තානය, නේපාලය, ලංකාව වැනි රටවල් තමන්ගේ රටේ මාතෘත්වය මුදලට පාවා දෙමින් හොර පාස්‍පෝට් මගින් රට යැවීම සිදු කළා.

ඉන්දීය වෛද්‍ය සිසුවිය දූෂණය කළ අයකු පොඩි ළමයකු බව උසාවිය පිළිගනියි

නව දිල්ලියේදී 23 හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යාව දූෂණය කළ 6 දෙනාගෙන් එක් අයෙකු බාල වයස්කරුවෙක් බව එරට උසාවිය තහවුරු කළේය. මෙම තැනැත්තාගේ උපන් දිනය 1995 ජුනි 4 වැනිදා බව පිළිගත් නිසා ඔහුව බාල අපරාධ විනිශ්චය අධිකරණයට යොමු කෙරිණි. මේ නිසා සිද්ධියට වරදකරු වුවහොත් ඔහුට උපරිම ලෙස වසර 3ක පරිවාස රැඳවීමක් නියම වනු ඇත.

අනිත් පස්දෙනා අධිවේගී නඩු විභාගයකට භාජන කොට ඇති අතර වරදකරුවන් වුවහොත් මරණීය දණ්ඩනය නියම වනු ඇත. මේ බාල අපරාධකරුවාගේ වයස තහවුරු කිරීමට ඔහුගේ මවුපියන් ලබාදුන් පාසල් ප්‍රගති වර්තා පිළිගැනීමට උසාවිය තීරණය කෙරිණි. කෙසේ වෙතත් මොහුගේ වයස තීරණය කිරීමට අස්ථි ආශි්‍රත වෛද්‍ය පරීක්ෂණයක් කරන බව පොලිසිය මේ අතර කියයි.

විරැකියාව අවම මට්ටමක ඇති රටවල් අතරට ශී‍්‍ර ලංකාව - Unemployment in Sri Lanka

විරැකියාව අවම මට්ටමක ඇති ලොව රටවල් අතරට ශී‍්‍ර ලංකාව ද එක්ව තිබේ. 2012 දෙවැනි කාර්තුව වන විට ශී‍්‍ර ලංකාවේ විරැකියා අනුපාතය 3.9 දක්වා පහත වැටී ඇත.

විරැකියාව අවම මට්ටමක ඇති රටවල් අතර ශී‍්‍ර ලංකාවේ සේවා නියුක්තිය ඉහළ මට්ටමක පවතින අතර එය 2012 වසරේ දෙවැනි කාර්තුව වන විට 96.1%ක අගයක් ගත් අතර එම සංඛ්‍යාව රටේ ජනගහනයෙන් ලක්ෂ 17ක් පමණ වන බව ද ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

Gossip Lanka Hot News Previous News Archive