අගවිනිසුරු මොහාන් පීරිස්ට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සමක්

ශ්‍රී ලංකා රේගුව, ඩොක්යාර්ඩ් (Dockyard) සමාගමට එරෙහිව පවරා තිබූ නඩුවක් අගවිනිසුරු මොහාන් පීරිස් නීතිපතිවරයාව සිටිය දී ඉවත් කරගැනීමෙන් රජයට රුපියල් බිලියන 600 කට වැඩි මුදලක පාඩුවක් සිදු කළ බව පවසමින් ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවා තිබිණ.

අදාළ පෙත්සම අද කැඳවා තිබු අවස්ථාවේදී එය විභාග කිරීමේ කටයුතුවලින් ඉවත් වන බව අගවිනිසුරු මොහාන් පීරිස් සහ කේ.එස්.ශ්‍රී. පවන් යන විනිසුරුවරු ප්‍රකාශ කළහ.

Ironclad (2011)

මේ කතාව ගොඩනැගෙන්නේ ඉපැරණිතම ලියවිල්ලක් වටායි. 1215දී ජෝන් රජතුමා සි‍ටුවරුන්ගේ කැ‍රැල්ලකට පරාජය වීමෙන් අනතුරුව, ඔවුන්ගේ බලපෑම් මත මෙම ඓතිහාසික ලියවිල්ලට මුද්‍රා තැබුවේ කිසි කැමැත්තකින්, සතුටකින් නෙමෙයි.හේතුව ඔහුගේ රාජකීය බලය අත්‍යන්ත ලෙස සීමා සහගත කරලමින් එහි බලය සාමාන්‍ය මිනිසුන් වෙත පවරා දීමට ඉන් සිදු කළ බලකිරීම. රජු මීට එකඟ වුණේ තම රජකම ‍රැකගන්නට ඒ මොහොතේ වෙනත් විකල්පයක් නොතිබි නිසා. නමුත් මේ උත්සාහය තම අනභිබවනීය බලය තමන්ගෙන් උදුරා ගැනීම පිණිස වන බව ඔහු නොදැන සිටියා නොවෙයි. 

එනිසා ඉඩ ලද පළමු වෙනි මොහොතේම ඔහු මෙය මර්දනය කරලීම සඳහා තම උපරිම ශක්තිය යෙදවූවා. ඒ සඳහා ඉතා කූඨ ලෙස උපක්‍රමශීලීව කටයුතු කරමින් සියළු බල අධිකාරීන්ගේ ආශිර්වාදය ලබා ගැනීමටත් ඔහු සමත් වුණා.

මහේල - සංගා ඉවත් කරන්නේ නෑ - Sanath Jayasuriya

මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර ශ‍්‍රී ලංකා කණ්ඩායමෙන් ඉවත් කිරීමේ බලාපොරොත්තුවක් නොමැති බව නව ක‍්‍රිකට් තේරීම් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ජයසූරිය මහතා පැවසිය. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ඊයේ පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී, ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ ඉදිරි කටයුතු පිළිබඳව අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළේය.
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාව ඉහළ මට්ටමකට ගෙනයාම නව කමිටුවේ අපේක්ෂාව බවද ඔහු කීය. සභාපති වූ විට ක්‍රීඩා කරන්නට හෝ විස්තර ප්‍රකාශ කරන්නට අවසර නැති බව කී ඔහු හෂාන් වැනි අය තේරුම් කමිටුවට ගැනීම පිළිබදව ඇමතිවරයාට ස්තූති කරන බවද පැවසීය.

සාක්ෂි වෙනස්වීම පසුපස බලවේගයක් - Hirunika Premachandra

සිය පියාගේ ඝාතන නඩුවේ සාක්ෂිය වෙනස් කිරිම පිටුපස බලවේගයක් ක්‍රියාත්මක බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය සදහන් කරයි.පුවත් වෙබ් අඩවියක් වෙත අදහස් දක්වමින් ඇය මේ බව සදහන් කර ඇත .භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවේ ප්‍රධානතම සාක්ෂිකරු වු ඔහුගේ රියදුරා මෙතෙක් ලබාදී තිබු සාක්ෂිය දිවුරුම් ප්‍රකාශයක් මගින් පසුගියදා වෙනස් කර ගත්තේය.ඒ අනුව මෙතෙක් සැකකාර දුමින්ද සිල්වා ගේ පාර්ශවෙයන් මුලින් වෙඩිතැබු බව පැවසු සාක්ෂිකරු පසුගියදා දිවුරුම්ප්‍රකාශයක් මගින් එම සාක්ෂිය වෙනස් කර භාරත ලක්ෂ්මන් පාර්ශවයෙන් මුලින් වෙඩිතැබු බව සදහන් කර තිබේ.

මේ තත්වය පිලීබදව අදහස් දැක්වු හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය සදහන් කලේ සාක්ෂිය වෙනස් වීම සමග නඩුව ඉතා කණගාටුදායක තත්වයක තිබෙන බවයි.

වීදුරු බෝතල් වල බීම බොන්නේ බලාගෙන

වීදුරු බෝතල් වල ඇසිරූ ඇතැම් සිසිල් බීම පරිභෝජනයට නුසුදුසු තත්වයෙන් පැවතිය හැකි බවට තොරතුරු අනාවරණය වේ.
වි‍ශේෂයෙන්ම මෙම වීදුරු බෝතල් වල ඇති සිසිල් බීම අවස්ථා ගණනාවකදී යලි පුරවා වෙළද පොලට එවන බැවින් ඒවා නිසි ලෙස පිරිසිදු කරන්නේ ද යන්න පිළිබදව ගැටළු මතුවන බව පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය පෙන් වා දී තිබේ.

මේ සම්බන්ධයෙන් පැමිණිලි ගණනාවක් පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට දැනටමත් ලැබී ඇති අතර ඇතැම් බෝතල් වල කෘමි සතුන් සිටීම සහ මළ බැදුන ද්‍රව්‍යයන් තැන්පත් වී තිබීම පිළිබදව වන පැමිණිලි ද මේ අතර වන බව සදහන් වේ.

බස්වල සිඟමන් යැදීම හෙට සිට තහංචි

පෞද්ගලික බස් රථවල සිඟමන් යැදීම සඳහා හෙට (01) සිට අවස්ථාව ලබා නොදීමට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.බස් රථවල ගමන් කරන මගීන්ට සිදුවන හිරිහැර හේතුවෙන් මෙම තීරණය ගත් බව එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.

ඒ අනුව හෙට දිනයේ සිට පෞද්ගලික බස් රථවල සිඟමන් යැදීම, වෙළඳාම් කිරීම, දේශන පැවැත්වීම සහ මුදල් එකතු කිරීම සඳහා අවස්ථාව ලබානොදෙන බව හෙ‍තෙම පවසයි.එය නොසලකා හරිමින් කටයුතු කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලීසියෙන් ඉල්ලීමක් කර ඇති බව ද ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.

අගමැති කතා බොරු -දිනේෂ්

අගමැති ධුරය ලබාගැනීම සදහා තමන් මහජන එක්සත් පෙරමුණ විසුරුවා ශ‍්‍රී.ල.නි.ප.යට යන්නේ යයි පලව ඇති මාධ්‍ය වාර්තා සත්‍යයෙන් තොර බව එම පක්ෂයේ නායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අවධාරණය කර සිටියි.
අනාදිමත් කාලයක සිට ප‍්‍රගතිශීලී කදවුර තුල සිට ජනතාව වෙනුවෙන් පෙනීසිටින අභිමානවත් ඉතිහාසයක් ඇති මහජන එක්සත් පෙරමුණ විසුරැවා හැරීම හෝ නායකත්වය වෙනත් පක්ෂයක සාමාජිකත්වය ගැනීම කිසි දිනක සිදු නොවන බවත් ඒ මහතා වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරන ඔහුගේ මාධ්‍ය ලේකම්වරයා කියා සිටී.අග‍්‍රාමාත්‍ය ධුරයත් ලබාදීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් දැනුම් දී නැතැයිද එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වේ.

' මහසමයම ' නැරඹීමට ජනපති එක් වෙයි - Mahasamayama

ඊයේ (30) රාත්‍රියේ නෙළුම් පොකුණ රංගශාලාවේ දී රංගගත වූ මහාචාර්ය ආරියරත්න ඇතුගල සූරීන්ගේ 'මහසමයම' දෘශ්‍යකාව්‍යයේ මංගල දර්ශනය නැරඹීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිනිය එක් වූහ.ආරාධිතයන් සඳහා පමණක් පැවැත්වුණු මෙම මංගල දර්ශනය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, අමාත්‍ය ටී.බී. ඒකනායක සහ මහාචාර්ය ආරියරත්න ඇතුගල මහත්වරුන් විසින් එතුමා පිළිගන්නා ලදී.
'මහසමයම' නැරඹීමට මැති ඇමතිවරුන් ද ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහත්වරුන් ද සියලු ක්ෂේත්‍රයන්හි සහෘද කලාකරුවන් රැසක් ද එක් ව සිටියහ.

Gossip Lanka Hot News Previous News Archive