ලෝක උරුම සීගිරිය නිර්මාණය කර ඇත්තේ තාරකා පිහිටීම අනුව බවත් එය ඊජිප්තුවේ පිරමීඩ තාක්‍ෂණය ආකාරයටම ඉදි කරන ලද්දක් බවත් බර්කිංහැම් තාරකා ජීව විද්‍යා අධ්‍යයන අංශයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. එය ඉතා ආකර්ශනීය බවද මහාචාර්යවරයා කියයි.
අරලගන්විල ප්‍රදේශයට පතිත වූ උල්කාපාත කොටස පිළිබඳව වැඩිදුර විමර්ශන සඳහා පැමිණි මහාචාර්යවරයා ඇතුළු විද්‍යාඥ කණ්‌ඩායම 31 දා පස්‌වරුවේ සීගිරිය පර්වතය මුදුනේ පිහිටි කුට්‌ටම් පොකුණේ ජල නියෑදි පරීක්‍ෂණ කටයුතු සඳහා ලබා ගැනීමට පැමිණි අවස්‌ථාවේ දී මහාචාර්යවරයා මේ බව පැවසීය.

.jpg)

.jpg)


