දෙහිවල සතුන්වත්තේ ඇනකොණ්‌ඩා මවක්‌ පැටවුන් 31 ක්‌ බිහි කරයි

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ ඇනකොණ්‌ඩා මවක විසින් ඊයේ (17 දා) උදේ ඇනකොණ්‌ඩා පැටවුන් 31 දෙනකු බිහිකර ඇත.මෙම ඇනකොණ්‌ඩා මව හා පිරිමි සතා 2003 වසරේදී සත්ව හුවමාරු වැඩසටහන යටතේ චෙක්‌ ජනරජයේ පින්ලන්ඩ් සිටි සත්වෝද්‍යානයෙන් ලැබී තිබේ.

මෙම යුවළ මේ වන විට සිව් වතාවක්‌ ඇනකොණ්‌ඩා පැටවුන් 50 කට අධික ප්‍රමාණයක්‌ බිහිකර ඇති අතර එම ඇනකොණ්‌ඩා පැටවුන් හොඳිsන් වැඩුණු පසු සත්ව හුවමාරු වැඩසටහන යටතේ ඉන්දියාව, පාකිස්‌තානය වැනි රටවල සත්වෝද්‍යාන සඳහා යවා තිබේ.මෙරට උපත ලබන ඇනකොණ්‌ඩා පැටවුන් සඳහා විදේශ රටවලින් හොඳ ඉල්ලුමක්‌ ඇතැයි ද වාර්තා වේ.

ඇනකොණ්‌ඩා මවක ඊයේ බිහිකරනු ලැබූ පැටවුන් 31 දෙනා හොඳ ශරීර සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවද වාර්තා වේ.

අද ඉන්නේ ලැජ්ජ නැති සුපර් ස්ටාර්ලා - Priya Suriyasena

සුපර් ස්ටාර්ලා වන අය ලැජ්ජා නැති අය බව ජනප්‍රිය ගායක ප්‍රියා සූරියසේන කියයි.අනුන්ගේ ගීත ගායනා කරන සුපර් ස්ටාර්ලා ගැන මාධ්‍යට අදහස් දක්වමින් ඔහු මේ බව පවසා තිබේ.

ඔබේ නව නිර්මාණ දැන් රසවිඳින්නට නොලැබෙන්නේ ඇයි ?

මම අලුත් නිර්මාණ නොකළේ නැහැ. මෑතකදී මම අලුත් ගීත 2-3ක් එළිදැක්වූවා, කුලරත්න ආරියවංශ, සුනිල් ආරියරත්න සහ රෝහණ හෙට්ටිආරච්චි ඒ ගීත රචනා කළේ. ඒ ගීතත් මගේ පැරණිම ගීත කිහිපයක් එකතු කරලා මම ළගදී සී.ඩී. තැටියකුත් නිකුත් කළා. ඒ ‘මල්සර හිනාව‘ නමින්.

කොහොමද ඒ ගීත එකතුවේ අලෙවිය ?

මුලින්ම නිකුත්කළ සී.ඩී. තොගය අලෙවි වුණා. මම ඒ සී.ඩී. තැටිය නැවත වරක් වෙළෙඳ‍පොළට නිකුත් කරන්නයි දැන් හිතාගෙන ඉන්නේ.

එංගලන්තයේ හොරෙන් ඉන්න ශ්‍රී ලාංකිකයෝ අත්අඩංගුවට - Lankan illegal workers nabbed in UK

නීති විරෝධී ලෙස විවිධ ආයතනයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කිරීමට එංගලන්ත රජය පියවර ගෙන ඇත. එංගලන්තයේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ආගමන බලාත්මක නිලධාරීන් පිරිසක් එරට බ්ලැක්පුල් හිදී සිදුකළ මෙහෙයුමක දී ආපනශාලා දෙකක සේවය කරමින් සිටි නීති විරෝධී සංක්‍රමණික ශ්‍රී ලාංකිකයන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බවද ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය පවසයි.

අත්අඩංගුවට ගත් පිරිස අතර වීසා කාලය ඉක්මවා වැඩ කරමින් සිටි වයස අවුරුදු 21 හා 22 අතර වූ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු වන අතර මේ සියලු දෙනාම එක්සත් රාජධානියෙන් පිටමන් කිරීම සදහා රඳවාගෙන ඇතැයිද එම මහකොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.නීති විරෝධී සංක්‍රමණිකයන් සේවයේ යෙදවීම සම්බන්ධයෙන් එම ව්‍යාපාරික ආයතන දෙකට සිවිල් නීති සංග්‍රහය යටතේ නොතිසි නිකුත් කිරීමට නියමිත අතර සේවයේ යෙදවීමට පෙර අවශ්‍ය කරන නීතිමය පරීක්ෂාවන් කළ බවට සාක්කි ඉදිරිපත් කිරීමට සේව්‍යයා අපොහොසත් වන්නේ නම් සේවයේ යෙදවූ සේවකයෙක් වෙනුවෙන් පවුම් 10,000 ක දඩයක් නියම කෙරේ.

නීති විරෝධී ලෙස සේවයේ යෙදවීමෙන් නීති විරෝධී සංක්‍රමණය දිරි ගැන්වෙන බව පෙන්වාදෙන ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය මෙවැනි මෙහෙයුම් හරහා එවැනි ක්‍රියාවන් නවතන බවද ව්‍යාපාරිකයන් සිය කාර්ය මණ්ඩලය සම්බන්ධයෙන් නිසි පරීක්ෂාවක් කළයුතු බවද කියාසිටී.

හය වසරේ ප්‍රශ්න පත්‍රය සමඟ උත්තරත් බෙදලා !

"උතුරු මැද අධ්‍යාපනයේ මහ අවුලක්"
-විභාග නවතී දරුවෝ ගෙදර යති-
උතුරුමැද පළාතේ රජයේ පාසල්වල හයවන ශ්‍රේණියේ දෙවන වාර විභාගය සඳහා ඊයේ පැවැත්වීමට නියමිත ව තිබූ සිංහල භාෂාව හා සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නාවලිය සමඟ උත්තර පත්‍රිකාව ද එකට මුද්‍රණය කොට බෙදාහැරීම නිසා වහාම ක්‍රියාත්මක වන පරිදි එම විභාගය නොපැවැත්වීමට තීන්දු කළ බලධරයන් පාසල් සිසුන් ආපසු හරවා යවා තිබේ.

හයවෙනි ශ්‍රේණියේ සිංහල භාෂාව හා සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටසේ ප්‍රශ්න හයට පිළිතුරු හතරවන පිටුවේ සඳහන් වී තිබීම නිසා ඊයේ (16) විභාගය නොපැවැත්වීය.

උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් රජයේ මුද්‍රණාලයේ මෙම ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කර ඇති බව සඳහන් වන අතර පසුගිය කාලය පුරාම පාසල් වාර විභාග පැවැත්වීමේදී මෙවැනි දේ සිදු වූ බවත් ඒ පිළිබඳව පෙන්වා දුන් අයට දඬුවම්කිරීමට පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කළ බවත් ප්‍රශ්න පත්‍ර විසි දහසක් (20,000) පමණ මුද්‍රණය කර ඇති බවත් මේ ප්‍රශ්න පත්‍රවල සෝදුපත් බැලීමට නිලධාරින් කීපවරක් කොළඹ ගොස් ඇති බවත් මෙසේ මහජන මුදල් විනාශ කරන නිලධාරීන්ට එරෙහිව කටයුතු කළ යුතු බවත් ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

සියලු රෝහල්වල අද හෙද හෙදි වර්ජන - Nurses call-off island-wide strike today

දිවයිනේ සියලු රෝහල්වල හෙද හෙදියන් අද (17 වැනිදා) පෙරවරු 7.00 සිට හෙට (18 වැනිදා) පෙරවරු 7.00 දක්‌වා පැය 24 ක සංකේත වර්ජනයක නිරත වන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසයි.ඒ අනුව අද දින දහවල් 11.15 ට ශ්‍රී ලංකා ජාතික රෝහල ඉදිරිපිටින් විරෝධතා පාගමනක්‌ ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයි ද හෙතෙම කියයි.

සුදුසුකම් සම්පූර්ණ කර ඇති 9000 කට පමණ ශ්‍රේණිගත උසස්‌වීම් ලබා නොදීම, හෙද උපාධිය ලැබූවන් වසර 2 ක්‌ තිස්‌සේ රාජ්‍ය හෙද සේවාවට බඳවා නොගැනීම, පළාත් සභාවලින් බඳවා ගැනීමට බලය පැවරූ 1779 ගැසට්‌ පත්‍රය අවලංගු නොකිරීම, හෙද විදුහල්වලට පෞද්ගලික අංශයේ හෙද සිසුන් ඇතුළත් කිරීමට ගෙන ඇති තීරණය අවලංගු නොකිරීම, වැටුප් විෂමතා නිවැරැදි නොකිරීම, දීමනා විෂමතා නිවැරැදි නොකිරීම යන ඉල්ලීම් හා සේවා ගැටලුවලට විසඳුම් ලබා නොදීම නිසා මෙම සංකේත වර්ජනය හා විරෝධතා පාගමන ක්‍රියාත්මක කරන බව ද ඔහු කියයි.

මෙම වර්ජනය සඳහා කාසල් වීදියේ කාන්තා රෝහල, රිඡ්වේ ආර්යා ළමා රෝහල, ද සොයිසා කාන්තා රෝහල, පේරාදෙණිය සිරිමාවෝ බණ්‌ඩාරනායක අනුස්‌මරණ ළමා රෝහල යන රෝහල් මානුෂීය හේතූන් මත එක්‌කර නොගන්නා බවත්, ජාතික රෝහල ඇතුළු ශික්‍ෂණ රෝහල්, මහ රෝහල් ඇතුළු අනෙකුත් සියලුම රෝහල් හා සෞඛ්‍ය ආයතනවල හෙද නිලධාරීන් එක්‌කර ගන්නා බවත් හෙතෙම සඳහන් කරයි.

නදීෂා හේමමාලි වනගතවෙලා භාවනා කරන්නට පටන් අරන් - Nadeesha Hemamali

නදීෂා හේමමාලි කැලෑ වැදිලා
නදීෂා හේමමාලි කා අතරත් ජනප‍්‍රිය රංගන ශිල්පිණියක්. ඇය මේ දිනවල පුංචි තිරයේදීවත්, සිනමාවේදීත් වත් දැක ගන්නට නැහැ. නමුත් නුදුරු කාලයකදී ඇයව පුංචි තිරයේදී දැක ගැනීමට හැකි වේවි. ඇය ගේ අලූත්ම ටෙලි නාට්‍ය 'විශ්ණු සංක‍්‍රාන්ති'ය මේ මස 19වන දින සිට රුගත කිරීම් ආරම්භ වනවා කළුතර ප‍්‍රදේශයෙන්.

මේ 'විශ්නු සංක‍්‍රාන්ති'යට පෙර ඇයට ඇගේ ජීවන ගමනේ සංක‍්‍රාන්ති කාලයකට අවතීර්ණව සිටින බව  දැක ගන්නට මෙන්ම, දැනගන්නටත් ලැබුණා, නදීෂා හිටපු ගමන් අතුරු දහන්වන බවක් පසුගිය කාලයේ පෙනෙන්නට තිබුණා. පේ‍්‍රම සම්බන්ධකම් බිඳ වැටුන අවස්ථාත් තිබුණා.

කොහොමවුනත් පසුගිය දිනවල නදීෂා වනගතවෙලා භාවනා කරන්නට පටන් ගත්තා. ගිහිගෙය කළ කිරිලා නෙමෙයිලූ භාවනාවට ගියේ. ජීවිත අවබෝධය නිසාලූ .ඉතින් භාවනා කරණ එක හොඳ දෙය. නදීෂා පෙසොන් පෝයට සිල් ගත්තා. ඊට පසුව හපුතලේ පැත්තෙ කිතල ඇල්ල, රත්මල්යාය ආරණ්‍යයේ භාවනායෝගීව සිටියා දින පහක් පමණ. මේ ඇය ඒ භාවනාවට ගිහින් ඉන්නද්දි ගත්ත ජායාරූප.

ජැක්සන්ගේ උපන්දින සැමරුම මව්වරුන් සමග - Jackson Anthony's Birth Day

"ජැකාගේ 55 සැමරුම"
ප‍්‍රවීණ නළු ජැක්සන් ඇන්තනිගේ පනස් පස්වැනි උපන්දිනය සමරා ඇත්තේ හරි අපූරු අයුරකින් බව 'ගොසිප් ලංකා හොට් නිවුස්' වාර්තා වේ.

පසුගිය ජුලි 08 වැනිදාට යෙදී තිබූ ඔහුගේ අපන්දිනයදා ජැක්සන් කඳානේ සෙන්ට් වින්සන්ට් ද පෝල් වැඩිහිටි නිවාසයේදී මව්වරුන් සමග එක්ව උපන්දිනය සමරා ඇත.කිසිදා උපන් දින සාදයක් පවත්වා නැති බව කියන ජැක්සන් තම මව ජීවතුන් අතර සිටින තෙක් ඇය සමග මේ දිනය ගත කර ඇති බවද පැවසේ.

ඇය මියගිය පසු ඇය වැනි මවුවරුන් පිරිසක් තෝරාගෙන ඔවුන් සමග මේ දිනය සමරන්නට සිතූ බවද ඔහු මාධ්‍යට පවසා තිබේ.

දරු ප්‍රසූතියේ දී කෑ ගසන කතුන්ට ඩොලර් 05ක් දඩ ගසයි

රෝහලේ ගැබිණි වාට්ටුවේ දරු ප්‍රසූතියේදී වේදනාවෙන් කෑ ගසන කාන්තාවන්ට දඬ ගසන ක්‍රමයක් සිම්බාබ්වේ රටෙන් වාර්තාවේ. දරු ප්‍රසූතියේදී කාන්තාවන් වේදනාවෙන් කෑ ගසන සෑම වාරයකටම ඇමරිකානු ඩොලර් 5 ක් අයකරනු ලැබේ. සිම්බාබ්වේ රෝහල මෙම ක්‍රමය භාවිතා කරන්නේ දරු ප්‍රසූතියේදී කාන්තාවන් අනවශ්‍ය ලෙස කෑ ගැසීම අඩු කිරීමටය. ලෝකයේ රටවල විවිධ දූෂණ ගැන වාර්තා කරන ‘ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල්’ සංවිධානය මේ ‍බව පසුගියදා වාර්තා කළේය. 

අප්‍රිකාවේ තිබෙන දුප්පත්ම රටවලින් එකක් වන සිම්බාබ්වේ රටේ කෑ ගැසීමේ ගාස්තුව ගෙවීමට නොහැකි වූ කාන්තාවන්ට දරුවා ලැබුණ පසුවත් ගෙදර යාමට ඉඩ නොදෙන අතර මුදල ගෙවන තුරු ඇයවත්, දරුවාවත් රෝහලේ නවත්වා ගනු ලැබේ. මුදල් ගෙවන්නට පරක්කු වන්නට, වන්නට පොලියක්ද අය කරන්නේ ඉක්මනින් මුදල් පියවීම උනන්දු කරවීමටයි. දරු ප්‍රසූතිය සඳහා ඩොලර් 50 ක මුදලක් අය කෙරේ.

සිම්බාබ්වේ රටේ සාමාන්‍ය රැකියාවක් කරන පුද්ගලයන්ගේ වාර්ෂික ආදායම ඩොලර් 150 පමණ වන අතර දරු ප්‍රසූතියේදී 10 වරක් වේදනාවෙන් කෑ ගැසූ කාන්තාවකට තම වාර්ෂික ආදායමෙන් 1/3 ක් කෑ ගැසීමේ ගාස්තු ගෙවීමට වියදම් කිරීමට සිදුවේ. සිබ්බාබ්වේ රැකියා වියුක්තිය 95% කි.

Gossip Lanka Hot News Previous News Archive