Angelo Mathews Wedding Photos


බොළඳ චරිත කරන්න මම දක්ෂයි - Ruwangi Rathnayake

රුවන්ගි මුලින්ම ක්‍ෂේත්‍රයට එන්නේ කොහොමද?
මම මුලින්ම ක්‍ෂේත්‍රයට ආවේ ජාතික රූපවාහිනියේ අවුරුදු කුමාරි තරගයෙන්. එහිදී මට දෙවැනි ස්ථානය හිමි වුණා. ඊට පස්සේ වෙළෙඳ දැන්වීම්වලට සම්බන්ධ වුණා. ඒ අතරෙදිම ජාතික රූපවාහිනියේ නලින් මාපිටිගම මහතාගේ බිනරි නිර්මාණයට දායක වුණා.

ළඟදී සම්මානයක් ලැබුණා නේද? ඒ ගැන බලාපොරොත්තුවෙන්ද හිටියේ?
ඇත්තටම මම සම්මානයක් බලාපොරොත්තුවෙන් හිටියේ නැහැ. ඒත් 'අහසින් වැටුණා' ටෙලි නාට්‍ය හොඳ අධ්‍යක්ෂවරයෙක් යටතේ කළ හොඳ නිර්මාණයක් නිසා යම්කිසි ඇගැයීමක් තියෙයි කියලා විශ්වාසයක් ඇති වුණා. මම සම්මානයට නිර්දේශ වුණා කියලා දැනගත්තාම ඇත්තටම ගොඩන් සතුටු හිතුණා. සම්මානය ලැබුණාට පස්සේ ඊටත් වඩා සතුටු හිතුණා.

එහෙනම් ඔයාගේ ගාණ වැඩි කරලද?
සම්මානයක් ලැබුණා කියලා ගාණ අඩු කරනවා කියලා එකක් නැහැ. ඒත් මම අඩු ගාණට වැඩ භාරගන්නේ නෑ. ඒකට විශේෂ හේතුවක් තියෙනවා. එක දවසක් ෂූටින් ගියාම දවස් 2ක පමණ වැඩ කරන්න සිද්ධ වෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය ක්‍රීඩකයන්ට ණය වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය සහ ක්‍රීඩකයන් අතර වාර්ෂික කොන්ත්‍රාත්තුව ක්‍රියාත්මක කිරීමේදී ක්‍රීඩකයන්ට ගෙවිය යුතු මාස 3කට අදාළ ගෙවීම් පැහැර හරිමින් කටයුතු කර ඇතැයි අදාළ ක්‍රීඩකයෝ දැඩි කණස්‌සල පළ කරති. ක්‍රිකට්‌ ආයතනය සහ ක්‍රීඩකයන් අතර පවතින කොන්ත්‍රාත්තුව මාර්තු මස -1 වැනිදා සිට පෙබරවාරි 28 වැනිදා දක්‌වා ක්‍රියාත්මක කෙරෙන අතර එහිදී සෑම මාසයකටම අදාළ ගෙවීම් කෙරෙනු ඇත.

 එහෙත් මෙම වසරට අදළ ගෙවීම් සිදු කිරීමේදී එම කොන්ත්‍රාත් අත්සන් තැබීම මාස 4 කට ආසන්න කාලයක්‌ ප්‍රමාද වී ඇති අතර එම ගතවූ මාස 3 ට අදාළ මුදල් නොගෙවා ඉදිරි කාලසීමාවට අදාළ ගෙවීම් පමණක්‌ සිදුකරනු ලබන බව එම කොන්ත්‍රාත්තුවේ සඳහන් වී තිබේ. ජාතික සංචිතයේ ක්‍රීඩකයන් 21 දෙනාට මෙය පොදු නොවන අතර ඔවුන්ට අමතරව ශ්‍රී ලංකා ඒ, සංවර්ධිත සංචිතය මෙන්ම දේශීය තරගාවලියේ දක්‍ෂතා දක්‌වනු ලබන ක්‍රීඩකයන් 70 දෙනෙකුගෙන් සමන්විත ක්‍රීඩකයන් අදාළ කප්පාදුවට මුහුණ දී තිබෙන බව සඳහන්ය. මේ පිළිබඳව අදහස්‌ දක්‌වා සිටි එක්‌ ක්‍රීඩකයකු, මෙම වසර මුලදී බංල්ගාදේශ තරගාවලියට පෙර ජාතික සංචිතයේ ක්‍රීඩකයන්ට පීඩනය යොමු කරමින් කොන්ත්‍රාත්තුවෙහි අත්සන් ලබා ගැනීමට ක්‍රිකට්‌ බලධාරීන් පියවර ගැනීමෙහි යටි අරමුණ වූයේ අදාළ ඉදිරි කප්පාදුව බව සඳහන් කර සිටියේය. 

 ක්‍රීඩකයන් සහ ක්‍රිකට්‌ ආයතනය සමග සිදුකෙරෙනු ලබන කොන්ත්‍රාත්තු අත්සන් කිරීමේදී ජාතික සංචිතයේ ක්‍රීඩකයන් අනුව යමින් අදාළ ගිවිසුම් අත්සන් කිරීම මීට පෙර සාමාන්‍ය සිරිත වුවත් මෙම වසරට අදාළ දේශීය මට්‌ටමේ ක්‍රීඩකයන්ගේ කොන්ත්‍රාත්තුව සාකච්ඡා මට්‌ටමේ පවතින බව පවසමින් බලධාරීන් අදාළ කොන්ත්‍රාත්තුව කල් දැමීමට පියවර ගෙන තිබේ.

දහතුන් හැවිරිදි දැරිය වරින්වර දූෂණය වෙලා !

වයස අවුරුදු 13 යි මාස 4ක් වූ බාල වයස්කාර දැරියක් ගලෙන්බිඳුණුවැව මෛත්‍රිගම, ආඩිඅම්බලම සහ කැකිරාව මානෑව ප්‍රදේශවලදී පස්දෙනකු විසින් බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක්කිරීමක් සම්බන්ධයෙන් කැකිරාව පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.

ගලෙන්බිඳුණුවැව මෛත්‍රිගමදී මවුපියන්ගේ රැකවරණයේ සිටියදී ප්‍රථමයෙන්ම පියා විසින් අවුරුදු 12දී අපයෝජනය කරනු ලැබ තිබේ. මේ සම්බන්ධයෙන් ගලෙන්බිඳුණුවැව පොලිසිය පරීක්‍ෂණ සිදුකරයි. මේ හේතු පදනම් කරගෙනම දෙදෙනා දික්කසාද වී වෙනත් විවාහ සිදුකරගෙන තිබේ. ඉන්පසුව අම්මාගේ දෙවැනි විවාහයේ නවාතැන වූ ආ¾ඩිඅම්බලම ප්‍රදේශයේ බෝඩිමක් තෝරාගෙන දැරියත් සමඟ ජීවත් වී ඇති අතර එහිදී වරින් වර අනියම් සැමියාගේ අතවරයටද මෙම දැරිය ලක්ව ඇත.

මව මෙම බාලවයස්කාර ලිංගික අපයෝජනය වසන්කර ගැනීමට දැරියව ඇගේ ලොකු අම්මා ජීවත්වන කැකිරාව මානෑව ප්‍රදේශයට ගෙනවිත් භාරදී තිබේ. ලොකු අම්මාගේ අයියලා දෙදෙනාගෙන් එක් අයකු වයස 24ක් වන විවාහක එක්දරු පියෙකි. අනෙක් අයියා 20 වැනි වියේ පසුවන්නෙකි. ගෙදර වැඩිහිටියන් නැති වෙලාවේ ඔවුන්ද මෙම බාලවයස්කාර දැරියව බරපතළ ලිංගික අපයෝජනයට ලක්කර තිබේ.

ජේසුතුමා සහ මේරිතුමිය ඔස්ට්‍රේලියාවේ යළි ඉපදිලා

 "ලෝක විනාශයක් ළඟ එන බව ඔහු පවසයි"
ඔස්ට්‍රේලියානු ජාතික ඒ.ජේ. මිලර් සහ ඔහුගේ පෙම්වතිය වන මේරි සුසෑන්ලක් දෙදෙනා යළි උපත ලද ජේසුස් වහන්සේ සහ මේරි මැන්ඩලීන් බවට දිව්රා සහතික වෙති. 

 ඔවුන් මෙම ප්‍රකාශය කළේ ඔස්ට්‍රේලියාවේ රූපවාහිනි නාලිකාවක ‘අද උදය’ (Today Morning) නැමැති වැඩ සටහනේදීය. “මා ජේසුතුමා වි සිටි කාලයේ මට කුරුසයේ ඇණ ගහනවා මට හොඳට මතකයි.” මිලර් කීවේය. “ මගේ නම ජීසස්. නමුත් බොහෝ දෙනා මට මේ නමින් අමතන්න මැලිකමක් දක්වනවා.” රූපවාහිනි වැඩ සටහනේ නිවේදකයින් වන ඊමොක් හාල්ටිස් සහ රූත් ලැන්ග්ස්ෆොඩ්ට ඔහු පැවසීය. මේ සත්‍ය ප්‍රකාශ කරන හැම විටම වාගේ මිනිස්සු මාව විහිළුවට ගන්නවා. මේ ප්‍රශ්නය පළමු වැනි ශත වර්ෂයේදීත් තිබුණා. දැනුත් එහෙමයි.

ඒ.ජේ.මිලර් ජීවත්වන්නේ ඔස්ට්‍රෙලියාවේ ක්වින්ස්ලන්ත ප්‍රාන්තයේ විල්ක්ස්ඩේල් නැමැති ගමේය. මෙය බ්‍රිස්බේන් නගරයේ සිට කිලෝ මීටර් 200 පමණ දුරින් පිහිටා තිබේ.ඔහු ජේසුතුමා යයි අවබෝධ වීමට පෙර ඒ.ජේ.මිලර් ඉඩම් සංවර්ධනය කර විකිණීමේ ව්‍යාපාරයක යෙදී සිටියේය. ඒ දිනවල විවාහකව සිටි ඔහුට දරුවන් දෙදෙනෙකු විය. ජෙහොවාස් විට්නස් නිකායේ ඉහල සාමාජිකයෙකු වී සිටි ඔහු එයින් පලවා හරිනු ලැබුවේ ඔහු තම බිරිඳ අතහැර ඔහුට වඩා අවුරදු 10 කින් බාල කැරන් ඇසුරු කිරීමට පටන් ගත් විටයි.

නිලන්ති ඩයස් ගේ සැමියාට කාර් වංචාවකට වරෙන්තුවක් !

හයිබි‍්‍රඞ් මෝටර් රථයක් ජපානයෙන් ආනයනය කර දෙන බව පවසා රුපියල් ලක්ෂ 26ක් සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාවක් මත ජනප‍්‍රිය නිළියක් හා නර්තන ශිල්පිනියක් වන නිලන්ති ඩයස් ගේ සැමියා වන නිරෝෂන් ක‍්‍රිෂාන්ත ෆොන්සේකා නැමැත්තාට කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය මහතාවරෙන්තු නිකුත්කර ඇතැයි වාර්තා වේ.

සැකකරු විසින් මෙලෙස වංචා කරන ලද මුදල මසකට රුපියල් 4,50,000 බැගින් මාස හයක් තුළ ගෙවීමට අධිකරණයේදී වූ ‍පොරොන්දුව මත එහි වාරිකය ගෙවීම සඳහා නියමිතව තිබූ පසුගිය 11 වැනිදා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙසේ වරෙන්තු නිකුත්කර ඇත.සැකකාර ක්‍රිෂාන්ත රුපියල් ලක්ෂ 15 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහාර සිටි බවද පැවසේ.අදාල ඇපකරුවන්ටද අදිකරණය හමුවේ පෙනී සිටින ලෙසට මහේස්ත්‍රාත්වරයා නොතීසි නිකුත් කළේය.

විජේසිංහගේ නිරෝෂන් ක‍්‍රිෂාන්ත ෆොන්සේකා නමැත්තා නො. 59/6 ඒ, වීරමාවත, කළල්ගොඩ පාර, පන්නිපිටිය යන ලිපිනයෙහි පදිංචිකරුවෙක් බවද අධිකරණයේදී හෙළිවිය.මෙහි පැමිණිලිකරු වූයේ නො. 68, ජේ. ටොරින්ටන් මහල් නිවාස, ටොරින්ටන් මාවත කොළඹ 5 ලිපිනයෙහි පදිංචි අත්තනායක මුදියන්සේලාගේ තිස්ස කුමාර අත්තනායක නමැත්තෙකි.පැමිණිලිකරු විසින් කොළඹ වංචා විමර්ශන අංශයේ ඒකක අංක 9 ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක වනිගතුංග මහතා වෙත මෙම සිද්ධිය පැමිණිලි කර තිබූ අතර සිද්ධියට අදාළව සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ ඉකුත් ජුනි මස 6 වැනිදාය.

මුණුබුරන්ගේ විවාහදිනයේදීම සීයාත් විවාහ වෙයි

නවයොවුන් වියේ සිටින සිය මුණුබුරන් දෙදෙනෙකුගේ විවාහදිනයේදීම,තමාට වඩා 70වසරක් බාල මනාලියක් සමග නව විවාහ දිවියක් ආරම්භ කළ 92හැවිරිදි මිනිසෙකු පිළිබඳව ඉරාකයෙන් වාර්තා වේ.

 මුසාලි මොහොමඩ් අල් මුජාමේ නම් මෙම මිනිසාගේ මනාලිය පසුවන්නේ 22 වියේය. වසර 58ක් පුරාවට විවාහවී සිටි සිය පළමු බිරිඳගේ අභාවයෙන් තුන්වසරක් ගතවීමෙන් අනතුරුව මොහු මෙලෙස යළි යුගදිවියට පිවිස තිබේ.


සිය විවාහය,16හා 17වියේ පසුවන සිය මුණුබුරන්ගේ විවාහ සමග එකටම පැවත්වීම සම්බන්ධයෙන් ඔහු දැඩි සතුට පළ කර තිබේ. වයස 20ක කොල්ලෙක් වගේ මට හැඟෙනවා, යැයි ඔහු පවසා තිබේ.

මැන්ඩෙලාට '95' යි. තත්වය අසාධ්‍යයයි.. ඒත් ස්ථාවරයි!

ලෝක විප්ලවීය ඉතිහාසයේ නොනිමෙන ගිනිසිළුව, දකුණු අප්‍රිකානු හිටපු ජනාධිපති  නෙල්සන් මැන්ඩෙලා මහතා අද දින සිය අනුපස් වැනි (95)උපන්දිනය සමරයි.

 ජෝහන්නස්බ'ග් පමණක් නොව මුළුමහත් ලෝකයම මෙම සුවිශේෂී අවස්ථාව සමරනු ලබයි. පෙනහළු ආසාදනයක් හේතුවෙන් දැනට රෝහල්ගතව සිටින මැන්ඩෙලා මහතා පසුගිය සති කීපයේ සිටියේ දැඩි අසාධ්‍ය තත්වයකයි.

එහෙත් මේ වනවිට ඒ මහතාගේ සෞඛ්‍ය තත්වය යහපත් අතට හැරෙමින් පවතින බව මැන්ඩෙලා පවුලේ සමීප ආරංචි මාර්ග අනාවරණය කරතිබේ. ඔහුට උවටැන් කරන සාත්තුසේවිකාවක් අදහස් දක්වමින් කියාසිටියේ, "කියන්න සතුටුයි,මේ වන විට එතුමා ඉතා හොඳින් ප්‍රතිචාර දක්වනවා.වයසින් මහලු වුවත් ඔහු තාම ගැටවරයෙක් වගේ අකීකරුයි." දකුණු අප්‍රිකානු රජය නිල නිවේදනයකින් කියා සිටින්නේ මැන්ඩෙලා මහතා අසාධ්‍ය නමුත් ස්ථාවර තත්වයේ සිටින බවයි. මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝකවාසී සියළු ජනතාවගෙන් ඉල්ලා සිටියේ 'ජූලි 18', නෙල්සන් මැන්ඩෙලා ජාත්‍යන්තර සමරුදිනය ලෙස සලකා, ඒ මහතා දකුණු අප්‍රිකානු නිදහස වෙනුවෙන් ලෝකයට ලබාදුන් මහඟු ආදර්ශයට සහ අනභිභවනීය මානුෂික මෙහෙවර ඇගැයීමට එක්වන ලෙසයි.

Gossip Lanka Hot News Previous News Archive