නැවුම් කිරි සදහා දැවැන්ත ඉල්ලූමක්

දේශීය කිරි අවශ්‍යතාවයට වැඩිම දායකත්වයක් දරන මධ්‍යම පළාතෙහි, ගතවූ සති දෙක තුළ නැවුම් කිරි පරිභෝජනය සදහා විශාල ඉල්ලූමක් පැවති බව මධ්‍යම පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක කේ.කුලේවර්කුමාර් මහතා පවසයි.

විදේශයෙන් ආනයනය කරන කිරිපිටි පරිභෝජනය ජනතාව ප‍්‍රතික්ෂේප කිරීමත් සමග විශේෂයෙන් නගරාශ‍්‍රිත ජනතාව නැවුම් කිරි හා දේශීය දියර කිරි පරිභෝජනයට මෙන්ම දේශීය කිරිපිටි පරිභෝජනයටද හුරුවී ඇති බව අධ්‍යක්ෂකවරයා පවසා සිටී.නගරාශ‍්‍රිතව නැවුම් කිරි ඉල්ලූමට සරිලන ප‍්‍රමාණයට සැපයුමේ ගැටලූවක් පවතින බවත්,ඒ සදහා සත්ත්ව නිෂ්පාදන අමාත්‍යාංශය හරහා වැඩපිළිවෙළක් සකස් කර ඇති බවත් හෙතෙම පවසයි.

මධ්‍යම පළාත තුළ දිනකට දියර කිරි ලීටර්,2,28,000 නිෂ්පාදනය කෙරෙන අතර,එය 2016 වසර වන විට කිරි ලීටර් ලක්ෂ 6 දක්වා වැඩි කිරීමේ ඉලක්කය කරා යන බවද ඒ මහතා පැවසීය.දැනට නිෂ්පාදනය කරන දියර කිරි සදහා වැඩි දායකත්වයක් දරනු ලබන්නේ අඹගමුව ප‍්‍රාදේශ‍්‍රීය ලේකම් කොට්ඨාශයේ කිරි ගොවීන් බවත් කේ.කුලේවර්කුමාර් මහතා වැඩිදුරටත් සදහන් කළේය.

පිරිමින් මුහුදේ නාන්නේ බලාගෙනයි

ස්‌වීඩනයේ දකුණු දිග වෙරළේ සිට මුහුදට බසින්නේ නම් පිහිනුම් ඇඳුම් හැඳ එසේ කරනා ලෙස ස්‌වීඩන් රටේ පිරිමින් වෙත එහි වෙසෙන විශේෂඥයන් විසින් අවවාද කර ඇත. එයට හේතුව වී ඇත්තේ පිරිමින්ගේ අණ්‌ඩ කෝෂ පමණක්‌ විකන අමරිකන් ජාතික මත්ස්‍යයකු සිටින බව සොයාගෙන ඇති නිසාය.

මෙම අනතුරු හැඟවීමට හේතුවූ සෙන්ටිමීටර 21 ක්‌ දිගැති මෙම මත්ස්‍යයා සොයාගෙන ඇත්තේ ධීවරයකු විසිනි. ඇමේසන් ගංගාව පිහිටි ප්‍රදේශයේ මෙම මත්ස්‍යයා බහුලව දක්‌නට ලැබෙන අතර එම මත්ස්‍යයා පිරන්හා වර්ගයට අයත් බව හෙළිවී ඇත. ඔබ දියනෑමට මුහුදට බසිනවා නම් නොවරදවාම පිහිනුම් ඇඳුම පළඳින්න යෑයි ස්‌වීඩනයට යාබදව පිහිටි ඩෙන්මාක්‌හි ජාතික ඉතිහාසය පිළිබඳ කෞතුකාගාරයද අනතුරු හඟවා ඇත.

මිරිදියේද වාසය කරන මෙම මත්ස්‍යයා සෙන්ටිමීටර් 90 දක්‌වා වැඩෙන අතර කිලෝග්‍රෑම් 25 ක්‌ පමණ බරය. මෙම සතා පිරිමින්ගේ රහස්‌ ප්‍රදේශවලට ප්‍රහාර එල්ලකරනා බැවින් ඌ නම් තබා ඇත්තේ ball cutter හෙවත් "බෝල කපන්නා" යනුවෙනි.

මා ගැන වැරදි දේවල් ප්‍රචාරය වෙද්දීත් නිහඬව හිටියේ මා අසනීප වූ නිසයි - දුලීකා

දුලීකා මාරපන කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. පහුගිය කාලයේ ඈ පිළිබඳ ආන්දෝලනාත්මක පුවතක් පැතිර ගියා. ජනාධිපති අරමුදලෙන් විදෙස් ශිෂ්‍යත්වයක් සඳහා මුදල් ලබාගෙන අදාළ කටයුත්ත පැහැර හැර එම මුදල අයථා ලෙස පරිහරණය කිරීම නිසා දුලීකාට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බවයි ඒ පුවත. ඒ පුවත ඇසූ සැණින් අපි දුලීකාට කතා කළත් ඇය කිසිදු මාධ්‍යයක් ඉදිරියට පැමිණියේ නැහැ. 

ඒ නිහැඩියාව හින්දම දුලීකා වැරදිකාරියක් වන්නට ඇතැයි සැකය බොහෝ අය තුළ ඇතිවුණා. ෙදෙවය කියන්නේ හරිම පුදුමාකාර බලවේගයක්. ඇතැම් අයට කරදර එන විට එක පිට එක කරදර ගලා එන්නේ නොසිතූ විදියට. අදාළ සිදුවීම වූ කාලයේම දුලීකා අසනීප වෙලා. සරලව කියනවා නම් දුලීකාගේ කටහඬ ගිහින් ඒ හේතුව නිසා දුලීකාට නිහඬ වන්නට සිදුවුණා. නමුත් අද වන විට ඇය වෛද්‍ය ප්‍රතිකාර ලබලා යම් තරමක් සුව අතර හැරිලායි ඉන්නේ. ඒත් තවම දුලීකා ප්‍රතිකාර ලබනවා. තරමක් දුරට හෝ සුව වූ සැණින් දුලීකා දැන් මාධ්‍ය ඉදිරියට ඇවිත් ඉන්නවා. කතා කිරීමේ අපහසුතාවය පැවතුණත් දුලීකා අප සමග එක්වුණේ මේ විදියට.

මුලින්ම අපිට දුලීකාගේ රෝගී තත්ත්වය පැහැදිලි කරන්න

මගේ ස්වරාලයේ ගෙඩි ඇති බවයි වෛද්‍යවරු පවසන්නේ. ඒ තත්ත්වයට ප්‍රතිකාර නොගෙන දිගින් දිගටම සිටීම හින්දා තන්තුවල ඝනවීමක් හා ස්වරාලය ඇඹරී යාමක් දක්වා තත්ත්වය දුර ගිහින්.

ඊළාම් සමුළුවට ලන්ඩන් ගිය සරසවි ඇදුරන්ට වැඩ වරදී

ලන්ඩනයේ පැවැති ඊළාම් සමුළුවකට සහභාගි වීමට අගමැතිවරයා, උසස් අධ්‍යාපන ඇමැතිවරයා ඇතුළු නිලධාරීන් මුලාකර අවසර ගෙන ඇතැයි කියන විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් 12 දෙනකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට උසස් අධ්‍යාපන අමාත්‍යංශය සූදානම් වෙයි. තමන් සහ අග්‍රාමාත්‍යවරයා වෙත අසත්‍ය තොරතුරු සපයා ඒ සඳහා අවසර ලබාගත් විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් අතරින් සිවු දෙනකු පමණක් එම සමුළුවට සහභාගි වී ඇති බවත් සෙසු පිරිසට මහා බ්‍රිතාන්‍යයෙන් වීසා නොලැබිමේ හේතුවක් මත එහි යාමට නොහැකි වී ඇතත්, ඒ සියලුම දෙනාගේ සේවය අත්හිටුවා ඒ පිළිබඳව වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස තම අමාත්‍යංශ ‍ලේකම්වරයා මගින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයාට උපදෙස් දුන් බවත් උසස් අධ්‍යාපන ඇමැති එස්. බි. දිසානායක මහතා ලක්බිම පුවත්පතට පවසා ඇත .

එම මහාචාර්යවරුන් පිරිස අග්‍රාමාත්‍යවරයා සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් රටින් පිටව යාම සඳහා අවසර ගෙන ඇත්තේ දෙමළ විද්‍යාව පිළිබඳව ඉකුත් 14 දා සිට 18 දා දක්වා ලන්ඩන් නගරයේ පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුවකට සහභාගිවීම සඳහා කියමිනි. ඒ නමුත් එම සමුළුව පවත්වා ඇත්තේ දැනට ශ්‍රී ලංකාවෙන් බැහැරව නාමිකව පමණක් ක්‍රියාත්මක කෙරෙන විකල්ප ඊළාම් රාජ්‍යයට අයත් මෙහෙයුම් මධ්‍යස්ථානයක් මගින් යැයිද තොරතුරු හෙළිවී තිබේ.

එලෙස පවත්වන ලද සමුළුව පිළිබඳ නිවැරදි තොරතුරු ගැනීම සඳහා මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය සහ ආරක්ෂක අමාත්‍යංශය හරහා බ්‍රිතාන්‍ය රජයේ සහාය ගැනීමටද පියවර ගෙන ඇතැයි උසස් අධ්‍යාපන ඇමැතිවරයා කීය. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඒකීය රාජ්‍යයකට පක්ෂපාතීත්වය දක්වන බවට දිවුරුම් දී ඇති මෙරට කිසිදු රාජ්‍ය අංශයේ සේවකයකුට බෙදුම්වාදී අරමුණක් යටතේ පැවැත්වෙන මෙවැනි සමුළුවකට සහභාගිවීමට කිසිදු නීත්‍යනුකූල අයිතියක් නොමැති බවය.

සුනඛයෙකුට, සිංහ වෙස් ගන්වලා

ශරීරය පුරා ලෝම වැවුණු මස්ටිෆ් වර්ගයේ ටිබෙට සුනඛයෙකු අප‍්‍රිකානු සිංහයෙකු ලෙස හඳුන්වා මහජන ප‍්‍රදර්ශනයට තැබූ චීනයේ හෙනාන් ප‍්‍රාන්තයේ සත්වෝද්‍යානය බලධාරීන් විසින් වසා දමා තිබෙනවා. 

මෙම සුනඛයා නරඹන්නන් රැුවටීමට බොහෝ කලක් යොදාගෙන ඇතත්, හදිසියේම ඒ බව හෙළිදරව් වී ඇත්තේ සුනඛයා සිය සුපුරුදු හඩින් බිරීම හේතුවෙන්. 

බීජිං යූත් ඬේලි පුවත්පත මගින් මෙම සිද්ධිය අනාවරණය කිරීමෙන් පසුවයි සත්වෝද්‍යානය වසා දමා ඇත්තේ. එහි තවත් සත්ත්ව විශේෂ වැරදි කුටිවල රදවා ඇති අතර, සුදු නරියෙකු ව්‍යාඝ‍්‍ර කූඩුව තුළත්, තවත් සුනඛයෙකු වෘකයන්ගේ කුටිය තුළත් රදවා සිටි අයුරු පසුව සොයා ගැනුණා.


‘ඒරියා 51’ කඳවුර පිළිගැනීමට ඇමෙරිකාවට සිදු වෙයි

‘ඒරියා 51’ (Area 51) යනුවෙන් නම් කරන ලද අධි රහස්‍ය කඳවුරක් නිර්මාණය කළ බව ඇමෙරිකානු සී.අයි.ඒ.රහස් ඔත්තු අංශය අන්තිමේ දී පිළිගෙන ඇත.එවැනි රහස්‍ය කඳවුරක් ඇති බව ඇමෙරිකානු ආණ්ඩුව වසර ගණනාවක් ම දිගින් දිගටම ප්‍රතික්ෂේප කරමිනුයි තිබුණේ.ඇමෙරිකානු තාක්ෂණයේ ඉදිරි පිම්මක් වූ U 2 ඔත්තු බැලීමේ යානා ඉතිහාසය අනාවරණය කෙරෙන නව වාර්තාවක් මගින් ඉහත කී කඳවුර ගැන තොරතුරු හෙළි කොට ඇති අතර,ඒ අනුව දැන් කඳවුර තිබෙන්නේ , නෙවාඩා (Nevada) කාන්තාරයේ.

1950 දශකයේ ඇමෙරිකා එක්සත් ජනපදය U 2 ඔත්තු බැලීමේ යානය නිර්මාණය කළේ,එවකට පැවති සෝවියට් සංගමයේ ඔත්තු බැලීමටයි.එහෙත් එම අධි රහස්‍ය කඳවුර මේ දක්වා කිසිදු ඇමෙරිකානු නිල සිතියමකට ඇතුළත් කොට නොතිබුන අතර,අඩු තරමින් චන්ද්‍රිකා ඡායාරූපයකවත් එය දක්නට නොලැබුණි.

ආරක්ෂක තොරතුරු පිළිබඳ බ්‍රිතාන්‍ය විශ්ලේෂකයකු වන ක්‍රිෂ් පොකොක්(Chris Pocock) බීබීසියට අදහස් දක්වමින්,U2 යානා ඉතා ඉහල අහසේ පියාසර කරමින් තිබෙන විට ඒවාට හිරුරැස් වැටී බබලද්දී, එම දිස්නයෙන් මුලා වූ ඊට පහතින් පියාසර කරන මගී ගුවන් යානවන්හි බොහෝ නියමුවන් එම රිදී පැහැති U2 යානා පියාඹන පීරිසි හෝ ඇතැම් විට පිටසක්වළ ජීවීන් පිළිබඳ ලකුණක් විය හැකි බවට නොමග ගිය බවත් සඳහන් කළේය.එහෙත් ඉන්පසු කාලයෙහි එම යානා නිර්මාණය කෙරුනේ කළු පැහැයෙනි.

නදීකා ලක්‌මාලි ලොව සුපිරි 12 අතරට එක්‌වෙයි

14 වැනි ලෝක ශූරතා ජ්‍යෙෂ්ඨ ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගාවලිය යටතේ ඊයේ (16 දා) පැවති හෙල්ල විසිකිරීමේ මූලික වටයට සහභාගි වූ ශ්‍රී ලංකාවේ නදීකා ලක්‌මාලි සිය ඉසව්ව මීටර 60.39 කින් නිමකොට එම ඉසව්වේ අවසන් තරගය නියෝජනය කිරීමට වරම් ලැබුවාය.සුසන්තිකා ජයසිංහගෙන් අනතුරුව ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියක අවසන් තරගයක්‌ නියෝජනය කරන එකම ක්‍රීඩිකාව ලෙස නදීකා ලක්‌මාලි හැඳින්විය හැක.

ක්‍රීඩිකාවන් 27 දෙනකුගෙන් සමන්විත ('ඒ' සහ 'බී' කාණ්‌ඩ දෙකකින්) ක්‍රියාත්මක වූ අදාළ ඉසව්වේ මූලික වටයේදී නදීකා ලක්‌මාලි 'බී' කාණ්‌ඩය නියෝජනය කරමින් 7 වැනි ස්‌ථානයට පත්වූ අතර දෙඅංශයේ සමස්‌ත තරග නිමාව අනුව නදීකා දැනට 12 වැනි ස්‌ථානයේ පසුවෙයි.අදාළ ඉසව්වේ අවසන් තරගය නියෝජනය කිරීම සඳහා මීටර 61.50 ක දුරක්‌ සම්පූර්ණ කරන ලද ක්‍රීඩිකාවන් 12 දෙනකු තෝරා ගැනීමට ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනය පියවර ගෙන තිබුණි. එම සීමාවේ ක්‍රීඩිකාවන් 11 දෙනකු පමණක්‌ සිටි හෙයින් මීටර 60.39 කින් තරගය නිමකොට සිටි ඊළඟ ක්‍රීඩිකාව වූ නදීකා ලක්‌මාලිට එම අවස්‌ථාව හිමිවිය.

නදීකා ලක්‌මාලිගේ උපරිම දක්‍ෂතාව මීටර 60.64 ක්‌ වන අතර ඉකුත්දා කොළඹ පැවති අන්තර් යුද හමුදා රෙජිමේන්තු මලල ක්‍රීඩා ශූරතාවේදී එම තරග නිමාව වාර්තා කොට මොස්‌කව් ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය නියෝජනය කිරීමට වරම් ලබාගත්තාය.

ලංකාවේ දිනකට 1,40,000ක් අනාචාරයේ හැසිරෙනවා

 සමලිංගික ක්‍රියා 10% කින් වැඩි වෙලා

ශ්‍රී ලංකාවේ දිනකට පුද්ගලයන් එක්ලක්‍ෂ හතළිස් දහසක් අබිසරුලියන් සමඟ සහ අනියම් සබඳතා මත අනාරක්‍ෂිත ලිංගික සබඳතාවල යෙදෙන බව සමීක්‍ෂණයකදී හෙළිවී තිබේ. ලිංගාශි්‍රත රෝග සහ ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා සඳහන් කෙළේ රාජ්‍ය නොවන සංවිධානවල සහාය මත සමාජ සමීක්‍ෂණයකදී මේ බව හෙළිවී ඇති බවයි.එච්.අයි.වී. ආසාදිත තත්ත්වයට පත්වීම වැළැක්වීම සඳහා සිදුකෙරෙන උපදෙස් දීමේ ක්‍රියාවලියෙන්ද මේ තොරතුරු සොයාගෙන ඇති බවද වෛද්‍ය ලියනගේ මහතා සඳහන් කෙළේය.

මේ අතර ඒඩ්ස් රෝගයට ළංවී එච්.අයි.වී. ආසාදිත තත්ත්වයට පත්වූ පුද්ගලයන් අතරින් සියයට 20ක් සමලිංගික ක්‍රියාවල යෙදෙන පුද්ගලයන් බව අනාවරණය වී ඇත. එය පසුගිය වසරට වඩා සියයට දහයක වැඩිවීමක් පෙන්නුම් කරන බවද ඔහු සඳහන් කෙළේය.වසරින් වසර මෙහි වැඩිවීමක් මිස අඩුවීමක් දක්නට නොමැති බවද වෛද්‍ය ලියනගේ මහතා පවසයි. තමන්ගේ නීත්‍යනුකූල විවාහක බිරිය හෝ සැමියාගේ විශ්වසනීයත්වයට පටහැනිව මෙවැනි ක්‍රියාවලින් වැළැකී සිටීම සෞඛ්‍යයට හිතකර බවද වෛද්‍ය ලියනගේ මහතා තවදුරටත් සඳහන් කෙළේය.

Gossip Lanka Hot News Previous News Archive