චතුරිකා හා ගයාන් හාදකම පිළිබඳ ඔවුන්ගෙ අදහස්

කවුරු කෑ ගැහුවත් වෙන්න තියෙන දේ වෙනවා - චතුරිකා පීරිස්

රට වටා යන කතා භාගයක් ඇත්ත - ගයාන් වික්‍රමතිලක
කලින් කලට කලා ලොවේ විවිධ අය හා බැඳුණු කටකතා හිස ඔසවති. මෙවර ඒ කටකතා ගොමුවට ඇතුළත් වූ නව නළු නිළි යුවළ වන්නේ ප්‍රේක්ෂකයන්ගේ හදවත් රැඳුණු සොඳුරු යුවළකි. ඒ අන් කවුරුත් නොව පුංචි තිරයේදී මේ දවස්වල ඔබගේ නෙත ගැටෙන චතුරිකා පීරිස් හා ගයාන් වික්‍රමතිලකයි. මේ සම්බනධයෙන් චතුරිකා හා ගයාන් සරසවිය පුවත්පතට පවසා තිබුණේ මෙවැන්නකි. මේ ඒ සංවාදයයි.

* චතුරිකා ඔබ මේ දවස්වල මොකද කරන්නේ?

‘පසුගිය දවස්වල නම් මම පොඩ්ඩක් නිවාඩුවක් ගත්තා. ඒ මගේ පවුලේ වැඩ කටයුතු රාශියක් නිසා. ‘හිරු තනි වෙලා’ ටෙලි නාට්‍යයේ වැඩ කටයුතු කළා. තවත් ටෙලි නාට්‍යයක රූපගත කිරීම් ඉදිරියේදී ආරම්භ වේවි.’

කඳුරට අතහැර කුමාර් සංගක්කාර සන්රයිසස් හයිද්‍රාබාද් පිලට - චැප්පියන්ස් ලීග්

ඉන්දියාවේදී ලබන සැප්තැම්බර් මස 17 වැනිදා ආරම්භ වන පස්වැනි ‘චැප්පියන්ස් ලීග්’ විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ හිටපු නායක සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර ඔහුගේ දේශිය පිල වන කඳුරට මෙරූන්ස් පිල අතහැර සන්රයිසස් හයිද්‍රාබාද් පිල නියෝජනය කිරීමේ සූදානමක් පවතින බව වාර්තා වේ. මේ පිළිබඳව කළ විමසුමකදී ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා පැවසුවේ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට නිල වශයෙන් ඒ පිළිබඳව දැනුම්දී නොමැති බවයි. මෙම තත්ත්වය පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ වැඩ බලන ප‍්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පැවසුවේ මේ පිළිබඳව තීරණයක් ගැනීමට අද (22) පස්වරුවේ විධායක කමිටුව රැස්වන බවයි.

73 වියැති ආච්චිට පසළොස්වක පෝ දින තරුණ මුනුපුරාගෙන් අතවර

මුනුබුරකු වන පුතකු විසින් තමාගේම කිරිඅම්මාව බලහත්කාරයෙන් මහ රෑ දූෂණය කරනු ලැබීමේ සිද්ධියක් කොස්වත්ත පොලිස් වසමට අයත් මීගහවෙල ප්‍රදේශයෙන් වාර්තා වේ.

මීගහවෙල බෞද්ධ විහාරස්ථානය අසල පදිංචි හැත්තෑ තුන් වියැති (73) වයෝවෘද්ධ කාන්තාවක් මෙසේ අතවරයට ලක්වී ඇති අතර සැකකරු තිස් හැවිරිදි මුනුපුරා බව පැවැසේ.

2013. 08. 20 වැනි පසළොස්වක පෝ දින අලුයම 1.00ට පමණ සැකකරු අදාළ කිරිඅම්මාගේ නිවෙසේදී මෙම අතවරය සිදුකර ඇත. 2013.08.19 දින රාත්‍රි 11.00ට පමණ සැකකරු එම නිවෙසට පැමිණ තම කිරිඅම්මාට තේ හදා දී නින්දට ගොස් ඇත.2013.08.20 දින අලුයම 1.00ට පමණ කිරිඅම්මා නිදා සිටි ස්ථානයට පැමිණ ඇති සැකකරු එක්වරම ඇයට අතවර කිරීමට සැරසෙද්දී ඇය තරවටු කර ඇතත් ඇයට ඔහුගෙන් මිදීමට අවස්ථාවක් නොලද බව පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්ව ඇත.කොස්වත්ත පොලිස් ස්ථානාධිපති පො. ප. ඔසිත ලංකා ද සිල්වා මහතා ප්‍රමුඛ නිලධාරීන් පරීක්‍ෂණ කරගෙන යන අතර, සැකකරු 2013.08.21 දින උදේ මාරවිල අධිකරණයට ඉදිරිපත් කර ඇත.සිද්ධියට ලක්වූ තැනැත්තිය 2013.08.20 දින මාරවිල රජයේ රෝහල වෙත යවා ඇත.

අචලා ජර්මනියෙන් අලුත් අත සවි කරගෙන එයි

මාතර රෝහලේදී සිදු වූ වෛද්‍ය නොසලකිල්ලක් නිසා තම වම් අත අහිමි වූ කොළඹ නීති විද්‍යාලයේ ශිෂ්‍යා අචලා පි‍්‍රයදර්ශනී මෙනෙවිය ජර්මනියේ දී කෘති‍්‍රම අතක් ලබා දිවයිනට පැමිණ සිටී.

ජර්මනියේ ඔටෝබොක් (OTTOBOCK) නමැති සෞඛ්‍ය සේවා ආයතනය මගින් මෙම කෘත‍්‍රිම අත සවිකරනු ලැබූ අතර ඒ වෙනුවෙන් ජනාධිපති අරමුදලෙන් රුපියල් ලක්‍ෂ 42 ක මුදලක් වැය කරන ලදී.අචලාට සහ ඇගේ මවට ජර්මනියට යාම ඒම සඳහා ගුවන් ටිකට් පත් විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ලබාදුන් අතර මීට අදාළ කටයුතු සම්බන්ධීකරණය ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් සිදුකළ කෙරිණ.

කෘත‍්‍රිම අත සවිකිරීමෙන් පසුව අචලාට සහ ඇගේ මවට ජර්මනියේ ස්ථාන කිහිපයක සංචාරය කිරීමේ පහසුකම් ද සලසා දී තිබූ අතර ජනාධිපතිවරයාගේ විශේෂ උපදෙස් මත හිටපු යුද හමුදාපතිවරයාගේ මෙහෙයවීමෙන් අචලාට අවශ්‍ය සියලූ පහසුකම් හා සම්බන්ධීකරණ කටයුතු රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශය මගින් සිදු විය.කෘත‍්‍රිම අත ලබා දිවයිනට පැමිණීමෙන් පසුව අදහස් පල කරමින් අචලා ප‍්‍රියදර්ශනී මෙනෙවිය මෙසේ කීවාය.

සමලිංගික මධ්‍යස්ථානයක් වටලයි

ගල්කිස්ස පොලිස් වසමට අයත් රත්මලාන ප්‍රදේශයේ ධම්මිකාරාම විහාරය ඉදිරිපිට දෙමහල් ගොඩනැඟිල්ලක පවත්වාගෙන ගිය සමලිංගික සේවා මධ්‍යස්ථානයක් වටලා අත්අඩංගුවට ගත් එහි කළමනාකරු තරුණියක ඇතුළු සිවුදෙනකු ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍රාත් ජී.පී.එස්. රණසිංහ මහත්මිය වෙත ඉදිරිපත් කළ පසු ඔවුන් අගෝස්තු 29 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළාය.

සෝදිසි වරෙන්තුවක් මත ඉකුත්දා වලාන දූෂණ මර්දන ඒකකය මඟින් කළ සෝදිසියේදී සැකකරුවන් සතුව තිබී උපත් පාලන කොපු 285ක්, ජෙල් වර්ග, අසභ්‍ය වීඩියෝ, සී.ඩී. පට හා අසභ්‍ය සඟරා තොගයක්ද හමුවී ඇත.මෙම ස්ථානය පිරිමි සමලිංගිකයන් අලෙවි කරන ස්ථානයක් බවට හඳුනාගෙන ඇති අතර ඊට අනුබල හා උපකාර ලබාදෙන රාජ්‍ය නොවන සංවිධානවල ලිපි ලේඛන හා පිරිමි දෙපළක් විවාහ වූ විවාහ සහතිකයක්ද හමුවී ඇත.

මොරටුව, ගල්කිස්ස, රත්මලාන ඇතුළු ප්‍රදේශවල පාසල් සිසුන්ද මීට ගොදුරු වී ඇතැයි පැවැසේ. ඉකුත් 16දා පිරිමි - පිරිමි විවාහ උත්සවයක්ද උත්කර්ෂවත් ලෙස මෙහිදී පවත්වා ඇතැයි පොලිසිය කියයි. සිද්ධිය පිළිබඳ පානදුර වලාන දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.

වාහනයට ෆිනෑන්ස් ගෙවන්න බිරිය ගණිකා වෘත්තියේ

“මම මාළු මුදලාලි කෙනෙක් ළඟ වැඩකළා. ලොරියක් අරගෙන මාළු බිස්නස් කරන්න ඕනේ කියලා මට හිතුණා. මගේ අතේ තිබුණු සල්ලිත් දාලා මම “ෆිනෑන්ස්” කරලා ලොරියක් අරගත්තා. මම හිතපුතරම් බිස්නස් සරු වුණේ නැහැ. එන්න එන්නම බිස්නස් එක වැටුණා. මාස පහකින් විතර “ෆිනෑන්ස්” එක ගෙවාගන්න බැරිවුණා.”

“මගේ ලොරිය “ෆිනෑන්ස්” එකෙන් උස්සන නිසා ඒක කොහේහරි හංගන්න ඕනේ කියලා මම හිතුවා.”

“මම දන්න කෙනෙක් කළුතර හෝටලයක වැඩ කළා. මම වැටිලා ඉන්න අමාරුව ගැන එයාට කිව්වා. එයා කිව්වා ලොරිය හෝටලයේ හංගලා ඔයගොල්ලොත් හෝටලයේ වැඩ කරන්න එන්න කියලා. ඊට පස්සේ මම මගේ පවුලට විස්තරේ කිව්වා. ලොරිය නැතිවෙයි කියලා මගේ අදහසට එයත් කැමති වුණා.”

“අපේ ළමයි තුන්දෙනාව අම්මා ළඟ දාලා අපි ලොරිය අරගෙන කළුතර හෝටලයට ආවා. අපි හෝටලයේ නැවතිලා හිටියා. ඒ අතරතුර රස්සාවක් හෙව්වා. ඒ හෝටලයට මිනිස්සු ගැහැනුන්ව අරගෙන එනවා.”

අවුරුදු 123 ක මිනිසෙක්‌ හමුවේ

වර්ෂ 1890 දී උපන් පුද්ගලයෙක්‌ බොලිවියාවේ ජීවත්වෙයි. ඒ අනුව ඔහුගේ දැනට වයස අවුරුදු 123 ක්‌ වන අතර ලෝකයේ අද ජීවත්වන වයස්‌ගතම මිනිසා ඔහු බවට පිළිගැනේ. බොලිවියාවේ මහා වනාන්තරයක ජීවත්වන ඔහු නමින් කාමෙලෝ ලෝරාවේ.

නරි මස්‌ සහ උරුලෑවන්ගේ මස්‌ දිනපතාම පාහේ ආහාරයට ගැනීම තමා දිගු කල් ජීවත්වීමේ රහස බව මේ කිරිකිත්තා කියයි.මම සීනි කන්නේ නැහැ. පිටිකෑම කන්නේ නැහැ. මම කන්නේ කැලෑවෙන් සොයා ගන්නා දේවල් පමණයි. මම මගේ බිරියත් එක්‌ක එකතුවී අපේ කෑම සාදා ගන්නවා. මම හැමදාම හුඟාක්‌ දුර ඇවිදිනවා. මට ඒකට කිසිම කම්මැලිකමක්‌ නැහැ. වනාන්තරයේදී හමුවූ පිරිසකට ඔහු කියා තිබේ.

කටේ එක දතක්‌වත් නැති කිසිම අකුරක්‌ කියෑවීමට නොදත් මේ කිරිකිත්තා තවමත් ඇවිදින්නේ හැරමිටියක්‌ නැතිවය. එසේම ඔහු ඇස්‌ කණ්‌ණාඩි දමන්නේද නැත.

මහරගම ගොඩිගමුව ප්‍රදේශයේදී මෝටර් රථයකට යටවී දෙදෙනෙකු මරුට

රියේ රියදුරා පනී - අයිතිකරු අසුවේ
මහරගම - පිළියන්දල මාර්ගයේ ගොඩිගමුව ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.මෙම මෝටර් රථය ටැක්සි සේවාවකට ලබා දී තිබූ එකක් බවත්, එම වාහනය නිට්ටඹුව ප්‍රදේශයේ පුද්ගලයකුට අයත් එකක් බවත් පොලිසිය කියයි. නිට්ටඹුවේ වාහනයේ අයිතිකරු අද (20) උදේ මහරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසිය පැවසුවේ මෝටර් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මාර්ගයේ අයිනේ රැඳීසිටි පුද්ගයින් සිව් දෙනෙකුගේ ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි.අනතුරෙන් මාර්ගය අසල නවතා තිබු යතුරු පැදියක්, ලොරි රථයක් සහ ත්‍රීරෝද රථයකට ද අලාභ හානී සිදුව තිබේ.

එහිදි තුවාල ලැබු පුද්ගලයින් සිව් දෙනා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් දෙදෙනෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.කෙසේ වෙතත් මෝටර් රථයේ රියදුරු පළාගොස් ඇති බැවින් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මහරගම පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

Gossip Lanka Hot News Previous News Archive