කවුරු කෑ ගැහුවත් වෙන්න තියෙන දේ වෙනවා - චතුරිකා පීරිස්රට වටා යන කතා භාගයක් ඇත්ත - ගයාන් වික්‍රමතිලක
කලින් කලට කලා ලොවේ විවිධ අය හා බැඳුණු කටකතා හිස ඔසවති. මෙවර ඒ කටකතා ගොමුවට ඇතුළත් වූ නව නළු නිළි යුවළ වන්නේ ප්‍රේක්ෂකයන්ගේ හදවත් රැඳුණු සොඳුරු යුවළකි. ඒ අන් කවුරුත් නොව පුංචි තිරයේදී මේ දවස්වල ඔබගේ නෙත ගැටෙන චතුරිකා පීරිස් හා ගයාන් වික්රමතිලකයි. මේ සම්බනධයෙන් චතුරිකා හා ගයාන් සරසවිය පුවත්පතට පවසා තිබුණේ මෙවැන්නකි. මේ ඒ සංවාදයයි.
* චතුරිකා ඔබ මේ දවස්වල මොකද කරන්නේ?
‘පසුගිය දවස්වල නම් මම පොඩ්ඩක් නිවාඩුවක් ගත්තා. ඒ මගේ පවුලේ වැඩ කටයුතු රාශියක් නිසා. ‘හිරු තනි වෙලා’ ටෙලි නාට්‍යයේ වැඩ කටයුතු කළා. තවත් ටෙලි නාට්‍යයක රූපගත කිරීම් ඉදිරියේදී ආරම්භ වේවි.’






