මැදපෙරදිග තවත් කඳුළු කතාවක්‌ - - සෞදි රැකියාවට ගොස්‌ පැමිණි සිරියාවතී කියයි

"කොස්ස කැඩෙනකම් ගැහුවා රත්වෙච්ච ඇණයකින් පිච්චුවා"
මම පදිංචි වෙලා ඉන්නේ බෙලිගමුවේ වල්පොලගම වත්තේ. සැමියා ලංගම රියැදුරකුව සිට විශ්‍රාම ගිහින්. අපට වයස අවුරුදු 13, 12 හා 4ක් වයසැති දියණියන්ම තිදෙනෙක් ඉන්නවා. අපට වෙන ආදායම් මාර්ගයක් නෑ. දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමේ අරමුණ ඇතිව කුරුණෑගල ප්‍රසිද්ධ විදේශ රැකියා ඒජන්සියකින් මම සෞදි රට බලා පසුගිය 2012 මාර්තු 12 වැනි දින පිටව ගියා. මාව ඒජන්සියට යොමු කළේ බෙලිගමුව ලියනපහ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්. නමුත් රට යෑම වෙනුවෙන් දුන් රුපියල් ලක්‍ෂයවත් ඔහු දුන්නේ නෑ. රු. 80,000යි දුන්නේ. ඒකත් ටිකෙන් ටික.

සුළු වැරැදීමකට පවා සාරා නමැති ගැහැනිය මට පහර දුන්නා. දවසක් ඇය මට කොස්සක් කැඩෙනකන් පහර දුන්නා. අනන්තවත් පයින් පහරදීලා තිබෙනවා. දවසක් ඇය මට ගහලා වැටුණට පස්සේ අඬ අඬා ඉන්නකොට යකඩ ඇණයක් රත්කරලා බඩේ තැන් හයක තියල පිච්චුවා. සිදුවූ තුවාලවලටවත් ප්‍රතිකාර අරන් දුන්නේ නෑ. මට ඇය දුන් වධ හිංසා නිසා මගේ දකුණු අතේ ගෙඩියක් ආවා. 

දැන් එතැන අල්ලනවිට හිරිවැටෙනවා. වාඩිවෙලා නැඟිටිනකොට කොන්දේ කැක්කුමක් එනවා. බොහොම අමාරුවෙන් නැඟිටින්නේ. මට ගෙදරින් කෝල් එකක් ආවත් කතා කරන්න දෙන්නේ නෑ. දිනපතා රෑ නිදාගන්න කොට රාත්‍රි එක, දෙක වෙනවා. නැවැත උදේ 6ට ඇහැරිලා උයන්න ඕනෑ. අවුරුදු එකහමාරක්ම ජීවත් වුණේ ඔය විදියටයි.

ෆින්ච්ගෙන් 20යි 20 නව වාර්තාවක්

ජාත්‍යන්තර පන්දුවාර 20යි 20 තරගයකදී රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලබා ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ඒරන් ෆින්ච් සමත් වී ඇත.ඒ එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවති පළමු පන්දුවාර 20යි 20 තරඟයෙදීය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 248ක් ලබා ගැනීමට සමත් වූ අතර එහිදී ෆින්ච් පන්දු 63දී ලකුණු 156ක් ලබාගැනීමට සමත්විය. ඊට හයේ පහර 14ක් හා හතරේ පහරවල් 11ක් ඇතුළත්වීම විශේෂත්වයකි.

එම ලකුණු 156 ජාත්‍යන්තර 20-20 තරඟයකදී පිතිකරුවෙකු ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා පොත් අතරට එකතුවන අතර මීට පෙර නවසීලන්තයේ බ්‍රෙන්ඩන් මැකලම් ලකුණු 123ක් ලබාගෙන මෙම වාර්තාවට හිමිකම් කියන ලදී.ඒරන් ෆින්ච්ගේ අගනා ඉනිමත් සමග තරඟයේ ජග්‍රහණය ඕස්ට්‍රේලියාව සතුකර ගැනීමට ඔවුන් සමත්විය.


බිලි පූජාවට සතුන් මැරීම තහනම්

"වලංගු බලපතක් නැතිව වෙළඳාමටවත් සතුන් මරනු බෑ"
වලංගු බලපත්‍රයක් නොමැතිව හලාවත මුන්නේශ්වරම් ශ්‍රී භද්‍රකාලී කෝවිලෙහි බිලි පූජා සඳහා සිදු කරන සත්ත්ව ඝාතන වැළැක්වීමට ‍පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන්ට නියෝග කරමින් අභියාචනාධිකරණය ඊයේ (29) මැන්ඩාමුස් රිට් ආඥාවක් නිකුත් කළේය.

එවැනි සත්ත්ව ඝාතන වැළැක්වීමට නීතියට අනුකූලව පියවර ගැනීම සඳහා පොලිසියට බලය ඇති බවටද අභියාචනාධිකරණය තීන්දු කර තිබේ.නීතිමය බලපත්‍රයක් ලබා නොගෙන එම කෝවිලෙහි බිලි පූජා පැවැත්වීමෙන් ශ්‍රී භද්‍රකාලී අම්මාන් කෝවිලෙහි ප්‍රධාන පූජකවරයා ඇතුළු වෙනත් පූජකවරුන් සත්ත්ව ඝාතන පනත (ගෝ ඝාතක පනත) සහ සත්ත්ව හිංසා පනත උල්ලංඝනය කර ඇතැයි අභියාචනාධිකරණය තීරණය කර තිබේ.

‍එම කෝවිලෙහි බිලි පූජා පැවැත්වීමට එරෙහිව ගොනුකළ රිට් පෙත්සමක් විභාග කර එහි තීන්දුව ප්‍රකාශ කරමින් අභියාචනාධිකරණය මේ බව තීරණය කළේය.සිසිර ද ආබෲ, දීපාලි විජේසුන්දර, සුනිල් රාජපක්ෂ යන අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල විසින් මෙම පෙත්සම විභාග කර තීන්දුව ප්‍රකාශ කරන ලදී. ඇඹිලිපිටිය, ශ්‍රී බෝධිරාජ පදනම, ජාතික සංඝ සම්මේලනය, ශ්‍රී ධර්මවිජය පදනම, සත්ත්ව සුබසාධන භාරයෙහි සභාපතිනී අයිරාංගනී ද සිල්වා මහත්මිය ඇතුළු පෙත්සම්කරුවන් 14 දෙනකු විසින් මෙම පෙත්සම් ගොනු කර තිබුණි.

කුමාර් සංගක්කාර කඳුරට මෙරූන්ස් තෝරා ගනී

මෙවර චැම්පියන්ස් ලීග් පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගාවලියේදී තමන් ශී‍්‍ර ලංකාවේ කඳුරට මෙරූන්ස් කණ්ඩායම නියෝජනය කරන්නට තීරණය කළ බව කුමාර් සංගක්කාර පැවසිය. තමන් ගත් තීරණය ඊමේල් පණිවුඩයක් මගින් අයි.පී.එල්. සහ චැම්පියන්ස් ලීග් තරග සංවිධායකයින්ට දැන්වූ බවද ඔහු සඳහන් කළේය. සිය අවසන් තීරණය ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය වෙත දැන්වූ බවද සංගක්කාර ප‍්‍රකාශ කළේය.
 ලබන මස 17 වන දා ඉන්දියාවේදී ආරම්භවන චැම්පියන්ස් ලීග් තරගාවලියේදී කුමාර් සංගක්කාර ක්‍රීඩා කළ යුත්තේ ඉන්දියාවේ හයිද්‍රාබාද් සන්රයිසස් කණ්ඩායමට ද, එසේත් නැතිනම් ශ්‍රී ලංකාවේ කඳුරට මෙරූන්ස් කණ්ඩායමටදැයි පසුගිය දිනවල විවාදයක් ඇති විය.
අද උදෑසන කොළඹ එන්. සී. සී. ක්‍රීඩාංගණයට පැමිණ මාධ්‍යවේදීන් ඇමතූ කුමාර් සංගක්කාර පැවසුවේ, කඳුරට මෙරූන් කණ්ඩායමට ක්‍රීඩා කිරීම සඳහා හයිද්‍රාබාද් සන්රයිසස් කණ්ඩායමෙන් ඉවත්වීමේදී එහි අයිතිකරුවන්ට තමා ගෙවිය යුතු වන්දි මුදල පිළිබඳව සාකච්ඡා කිරීමට මැදිහත් වන්නැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අවස්ථා කිහිපයකදීම ඉල්ලා සිටි බව ය.

ලෝකයේ සතුටින්ම සිටින මිනිසා ශ්‍රී ලංකාවේ සුගතපාල - The Happiest Man Alive

ශ්‍රී ලංකාවේ හා ලෝකයේ සතුටින්ම ජීවත්වන පුද්ගලයා හැටියට අන්තර්ජාලයේ ‘යූටීයුබ්’ අන්තර් ජාතික වීඩියෝ වැඩ සටහනින් ඉකුත් අගෝස්තු 23 වැනිදා වන විට ශ්‍රී ලාංකිකයෙකු පෙරට පැමිණ තිබේ. වැලිපැන්න විතානගේ සුගතපාල නැමැති ආරක්ෂක නිලධාරියා මෙලෙස ලෝකයේ සතුටුම මිනිසා ලෙස කිරුළ දිනා ගෙන ඇති අතර ඔහුට දෙලක්‍ෂ පනස් අට දහස් දස දෙනෙකුගේ මනාපය මේ වනවිට හිමි වී තිබේ.

 සුගතපාලයේ සේවා ස්ථානය වූ මග්ගොන නිව් මෝනිස් (පුද්) සමාගමට දෙස් විදෙස් ජනතාව පැමිණෙන්නේ ‘හලෝ සුගතපාල’ යන නමින් ආමන්ත්‍රණය කරමිණි. සුගතපාල නිසා සේවා ආයතනයත්, සේවා ආයතනය නිසා සුගතපාලත් අන්තර් ජාතික කීර්තියට පත් වී සිටී.

අන්තර් ජාලයේ www.amillionsmilesmovie.com යූටියුබ් වැඩසටහන යටතේ සෑම පුද්ගලයකුටම සුගතපාලගේ සිනාවෙන් පිරි අභිරූපන රංගනය නැරඹිය හැක.වැලිපැන්න විතානගේ සුගතපාල (60) බේරුවල දූව , බලවත්ත,කරඳගොඩ ලිපිනයේ පදිංචි තිදරු පියෙකි. පාසලේ 8 වැනි ශ්‍රේණිය දක්වා උගත් සුගතපාල 1990 වර්ෂයේදී ගල්කිස්ස ඒෂියන් කොට්න් මිල්ස් ආයතනයේ රැකියාවේ නිරතව සිට පසුව ඉන් ඉවත් වී මෙයට වසර 08 කට පෙර පුද්ගලික ආරක්ෂක සමාගමක සේවකයෙක් හැටියට ම‍ග්ගොන ගාලු පාරේ නිව් මෝනිස් ආයතනයට එක්වීය.

Skype ඇමතුමටත් 3D තාක්ෂණය

ස්කයිප් ඇමතුම් සඳහා ත‍්‍රීඞී තාක්ෂණය හඳුන්වා දී තිබෙනවා. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කියා සිටියේ මයික්‍රෝ සොෆ්ට් ආයතනයේ පරිගණක මෘදුකාංග විශේෂඥ මාර්ක් ගිලට් විසින් සිදුකරන ලද අත්හදා බැලීම්වලින් අනතුරුව ස්කයිප් ඇමතුම් සඳහා ත‍්‍රීඞී තාක්ෂණය හඳුන්වා දී ඇති බවයි. කෙසේ වෙතත් එම සේවාව මෙතෙක් පාරිභෝගිකයන්ට ලබා දී නැහැ. 

ඉදිරි දින කිහිපයේදී මෙම පහසුකම පාරිභෝගිකයන්ට හඳුන්වාදීමට බලාපොරොත්තුවන බවයි මයික්‍රෝ සොෆ්ට් ආයතනය ප‍්‍රකාශ කරන්නේ. නව හඳුන්වාදීම පිළිබඳ මාධ්‍යට අදහස් දක්වමින් මාර්ක් ගිලට් පෙන්වා දී ඇත්තේ ස්කයිප් ත‍්‍රීඞී ඇමතුම් පරිගණකයක පටිගත කරගැනීමට නොහැකි බවයි. 

එහෙත් ඒ පිළිබඳව ද ඉදිරියේදී පරීක්ෂණ සිදුකරන බව ඔහු ප‍්‍රකාශ කර තිබෙනවා.

'බුදුන් වහන්සේගේ පාත්‍ර ධාතුව' කාබුල් කෞතුකාගාරයේ

බුදුන් වහනසේගේ පාත්‍ර ධාතුව කාබුල් නුවර කෞතුකාගාරයේ ඇති බවත්, එය ඉන්දියාවට අයත් හෙයින් යලිත් එය වෛශාලි නුවරට රැගෙන ඒමට කටයුතු කල යුතු බවත් රශ්ට්‍රීය ජනතා දාල් මන්ත්‍රී රගුවන්ෂ් ප්‍රසාද් සිංග් ඉන්දීය පාර්ලිමේන්තුව අමතා ප්‍රකාශ කළේය.වසර දහසකට පෙර ඉන්දියාවෙන් පිටතට ගෙන ගිය බව පවසන මෙම කෞතුක වස්තුව බුදුන් වහන්සේ පරිනිර්වාණයට නික්ම යාමට පෙර වෛශාලි පුරවරයේ උපාසික උපාසිකාවන් වෙත පරිත්‍යාග කළ බව මන්ත්‍රීවරයා පවසයි.මේ පාත්‍රය බුදුන් වහන්සේ පිඬු සිඟා යාමට භාවිතා කල බවක් විශ්වාශ කල හැකිදැයි කාබුල් කෞතුකාගරයේ අධ්‍යක්ෂ ඕමාර් ඛාන් මෙසේ සඳහන් කරයි.

‘මේ පාත්‍රය හදල තියෙන්නේ කළු ගලෙන්. පැරණි කන්දහාර් නගරයේ තිබිල තමයි, මේක කාබුල් නුවරට අරගෙන ආවේ’

ප්‍රංශයේ සොබෝන් සරසවියේ මධ්‍යම ආසියාවේ කලාව හා පුරා විද්‍යාව පිලිබඳ මහාචාර්ය ඔස්මන්ඩ් බෝපෙආරච්චි පවසන්නේ මෙය කණිෂ්ක රජ සමයේ නිර්මාණය කරන ලද කෞතුක වස්තුවක් බවයි.පාත්‍රය ඉල්ලා ඉන්දියාව ගෙන යන ව්‍යාපාරය තුල මෙය බුදුන් පරිහරණය කල ධාතුවක් ලෙස සැලකුවත්, බුද්ධ පරිනිර්වාණයෙන් සියවස් කිහිපයකට පසුව මෙම කළුගල් පාත්‍රය නිම වෙන්නට ඇති බවයි මහාචාර්ය ඔස්මන්ඩ් බෝපෙආරච්චි ප්‍රකාශ කරයි.

ශිෂ්‍යත්වයටත් මත්තල ගුවන් තොට ගැන අහලා

  දරුවන් ලිව්වේ 'යානා නැති තොට' කියලයි - සුනිල් හඳුන්නෙත්ති
පසුගියදා තිබුණු ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්තරේ ප්‍රශ්නයක් අහලා තියෙනවාලු ලංකාවේ දෙවැනි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ මොකක්ද කියලා. මේ මත්තල කියලා උත්තරේ ගන්න හදන්නේ. මත්තල ගන්න බෑනේ. මත්තලට ගුවන් යානා එන්නේ නෑනේ. හම්බන්තොට පැත්තේ ළමයි නම් ඕකට උත්තර ලියන්නේම නෑ. ඒ ළමයි දන්නවනේ මේකට ගුවන්යානා එන්නේ නෑ කියලා.

ඔය ප්‍රශ්නය අහන්න ඕන ලංකාවට ගුවන් යානා එන්නේ නැති ගුවන්තොටුපොළ මොකක්ද කියලා. එහෙනම් ළමයි අනිවාර්යයෙන්ම ලියනවා උත්තරය. ආණ්ඩු හිතවාදී ගුරුතුමියක් ඉන්නවා නම් ඔය ප්‍රශ්නය උගන්නාවි. ඔය ප්‍රශ්නය විවාදාත්මකයි. සිලබස් එකේ උගන්වපු නැති ප්‍රශ්න දාපු එකට ආණ්ඩුව වගකීම භාරගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හඳුන්නෙත්ති මහතා පැවැසීය.

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්තරේ හදන මාමලා දේශපාලන මාමලාගෙන් ලකුණු දාගන්න දරුවන්ගේ ලකුණු කපා දමමින් සිටිනවා යැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කරයි.

Gossip Lanka Hot News Previous News Archive