ගණිකා ටෙලි නිලියක් රිමාන්ඩ්

ටෙලිනාට්‍ය නිළියක් මහනුවර ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන,  අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන දහඅට වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරන ලෙස මහනුවර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් වසන්ත කුමාර මහතා නියෝග කළේය.

සැකකාරිය රුපියල් දසදහසක් සහ රුපියල් පන්දහසක් වැනි මුදලක් අය කරමින් ගණිකා සේවයේ යෙදී ඇති බව පොලීසිය අධිකරණය හමුවේ පැවසිය.

පොලිස් උපාය දූතයෙකු යොදා ගනිමින් ඇය අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර පොලීසියේ කොට්ඨාශ දූෂණ මර්දන අංශයේ කණ්ඩායම් විසිනි.මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කෑගල්ල ප‍්‍රදේශයේ පදිංචි විසි දෙහැවිරි වියේ පසු වූ එක්දරු මවකි.ඇය ටෙලිනාට්‍ය සහ වෙළඳ දැන්වීම් කිහිපයකටද රංගන දායකත්වය ලබාදී ඇතැයි මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

තංගල්ල අපරාධය වූ තැන ලේ සැකකරුවන්ගේ ඩී.එන්.ඒ. හා සැසඳේ

තංගල්ල හෝටලයක් තුළ දී, බ්‍රිතාන්‍ය ජාතිකයකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ ව අපරාධය සිදු වූ ස්ථානයේ තිබූ රුධිර සාම්පල, සැකකරුවන් තිදෙනකුගේ රුධිරයේ ඩී.එන්.ඒ. සාම්පල සමග සැසඳෙන බව අධිකරණයට ලබා දුන් අධිකරණ වෛද්‍ය වාර්තාවක් මගින් තහවුරු කොට තිබේ.

බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂයික් තංගල්ල හෝටලයක් තුළ දී ඝාතනය කරනු ලැබුවේ 2011 වසරේ නත්තල් දිනයේයි.රහස් පොලීසිය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් දැනුම් දී ඇත්තේ අපරාධය සිදු වූ ස්ථානයේ තිබී සොයා ගත් ලේ පැල්ලම් මෙම සිද්ධියට සම්බන්ධ තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් විදාන පතිරණ ඇතුළු තිදෙනකුගේ ලේ සාම්පල සමග සැසඳෙන බවයි.රාගම අධිකරණ වෛද්‍ය පීඨයේ දී ලේ සාම්පල පරීක්ෂණය සිදු කොට තිබේ.

ගාසා තීරයේ සේවය කරමින් සිටි ජාත්‍යන්තර රතු කුරුසයේ කුරාම් ෂයික් මරා දමනු ලැබුවේ සිය රුසියානු මිතුරිය වික්ටෝරියා අලෙක්සන්ද්‍රෝව්නා සමගින් ශ්‍රී ලංකාවේ නිවාඩුවක් ගත කරමින් සිටියදී.තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ ඇතුළු සැකකරුවන් අට දෙනෙක් ඇප මත නිදහස ලබා සිටිති.

මේ කාලේ ආදරේ fb එකේ share වෙනවා - Sandamali Fonseka

සමනලී මේ දවස්වල වැඩිපුර දකින්න ලැබෙන්නෙ තාරුණ්‍යයත් එක්ක බැඳිච්ච නිර්මාණවලින්?
ලංකාවෙ බහුතරයක් නිර්මාණවලින් තාරුණ්‍යය ගැන කතා කරනව කියල තමයි කියන්නෙ. ඒත් ඇත්තටම එහෙමද කියල ප්‍රශ්නයක් තියෙනවා.

ඇයි එහෙම කියන්නෙ?
තරුණ ගැහැනු ළමයි පිරිමි ළමයි හිටියට තාරුණ්‍යය කියන්නෙ ඒකද? පැය බාගයකට ප්‍රේක්‍ෂකයන්ව බොරු පැන්ටසියක තියෙනවා විතරයි. තරුණ්‍යයේ ඇත්ත ඒක නෙවෙයි.

එහෙමනම් මොකක්ද?
තාරුණ්‍යයේ හැඟීම් දැනීම් වෙනස්. ඔය තියෙන ඒවා හුදු මන--කල්පිත විතරයි. තරුණ ජීවිත ඇතුළෙ ඊට වඩා අරගලකාරී දේවල් සිද්ධ වෙනවා.

මොනවද ඒ දේවල්?
ජීවිතයේ සැබෑව. ඒ ඇත්තට බයයි. මෙච්චර කාලයක් අර බොරු පැන්ටසියක ඔබල හිටපු ප්‍රේක්‍ෂකයා ඒ ඇත්ත පිළිනොගනියි කියලා. ඒත් A/L ඉවරයි ඒ හිතලුව වෙනස් කළා.

සිරකරුවන් 1500 කට ජනපති සමාව

අදට (12) යෙදී ඇති ජාතික සිරකරු දිනය' නිමිත්තෙන්, සුළු වැරදි සම්බන්ධයෙන් දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකිව සිටින සිරකරුවෝ 1500 ක් නිදහස් කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව ඔවුන්ට ජනාධිපති පිරිනමන විශේෂ රාජ්‍ය සමාව යටතේ නිදහස හිමිවනු ඇත. රැඳවියන් දැනට ගෙවා ඇති සිරදඬුවම් කාලය සළකා බලා ඉදිරියේදී ගෙවීමට ඇති දඬුවම් කාලය මෙමඟින් අහෝසි කර තිබේ.

වයස අවුරුදු 70 ඉක්මවූ වයස්ගත සිරකරුවන් පිරිසක් ද ජනාධිපති විශේෂ සමාව යටතේ නිදහස් කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.තවත් සිරකරුවන් 17 දෙනෙකු නිදහස් කිරීම ජාතික සිරකරු දින උත්සවයේදී නිල වශයෙන් සිදුකෙරේ. දෙපාර්තමේන්තු බලපත‍්‍ර මණ්ඩලය මඟින් නියම කළ විශේෂ බලපත‍්‍ර යටතේ ඔවුහු නිදහස් කෙරෙති.

නවක සිසු සිසුවියන්ට ඇඳුම් ගලවා නිරුවත් කොට බිම පෙරළා රැග් එක දීලා

නේවාසිකාගාර වැසිකිළිවල බඩ ගාන්න කියලා
නවක සිසු සිසුවියන් පිරිසක් හිරිකටුව ගඟ අයිනට රැගෙන විත් සියලු ඇඳුම් ගලවා නිරුවතින් බිම පෙරළවා ශාරීරික හා මානසික ලෙස නවක වදය ලබා දී ඇති බවට හඳුනා ගත් සබරගමුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් 7 දෙනකු හා සිසුවියන් 4 දෙනකු සම්බන්ධයෙන් විනය පරීක්ෂණ සිදු කෙරේ. සිංහරාජ හා ආරියතිලක නේවාසිකාගාරවලදී ද නවක සිසු සිසුවියන්ගේ ඇඳුම් ගලවා වැසිකිළි තුළ බිම පෙරළවා දරුණු ලෙස මෙම ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් නවකවදය ලබා දී ඇති බවට තොරතුරු හෙළි වේ.

ජ්‍යෙෂ්ඨ සිසුන් නවක සිසුන්ට අසභ්‍ය වචනවලින් අමතමින් වැසිකිළි තුළ බඩ ගාන ලෙස තර්ජනය කර ඇතැයිද තොරතුරු වාර්තා වේ. ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් තමන්ට දරුණු ලෙස නවකවදය ලබා දෙන බවට නවක සිසු සිසුවියන් විසින් විශ්වවිද්‍යාල පාලනාධිකාරියට තොරතුරු ලබා දි ඇතත් ඊට උපකුලපතිවරයාගෙන් හෝ පාලනාධිකාරියෙන් විසඳුමක් ලැබි නොමැත.

මේ නිසා නවක සිසුන් ඒ සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන ඇමැතිවරයා වෙත සෘජුව දන්වා තිබෙන අතර මේ ජ්‍යෙෂ්ඨ සිසුන් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ පවත්වා වැරදිකරුවන් වන සියලු දෙනා විශ්වවිද්‍යාලයෙන් නෙරපා හරින්නට කටයුතු කරන ලෙස ඇමැතිවරයා පාලනාධිකාරියට දැනුම් දී තිබේ.

මද සරුබවින් පෙළෙන ශ්‍රී ලාංකිකයන්ගේ සංඛ්‍යාව වැඩි වෙලා

මද සරුබවින් පෙළෙන ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ සහ පිරිමින්ගේ සංඛ්‍යාව ඉහළ ගොස්‌ ඇතැයි ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ අධ්‍යක්‍ෂිකා වෛද්‍ය සුමිත්‍රා තිසේරා මහත්මිය සඳහන් කළාය.මෙම තත්ත්වයට ප්‍රධාන වශයෙන්ම හේතුවී ඇත්තේ ඔවුන් තුළ ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳව දැනුවත් බව අඩුවීම බවද වෛද්‍යවරිය පැවසුවාය.

ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ 2012 වාර්ෂික වාර්තාවට ජාත්‍යන්තර සම්මාන 06 ක්‌ හිsමිවීම නිමිත්තෙන් ඊයේ (10 වැනිදා) පෙරවරුවේ එම සංගමයේ ශ්‍රවණාගාරයේදී පැවැති මාධ්‍ය හමුවේදී වෛද්‍යවරිය මෙම තොරතුරු අනාවරණය කළාය.පවුල් සංවිධාන සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය ප්‍රමිලා සේනානායක විධායක අධ්‍යක්‍ෂිකා තුෂාරා රණසිංහ ආගුස්‌ යන මහත්මීන් ඇතුළු විධායක නිලධාරීහු රැසක්‌ මෙම මාධ්‍ය හමුවට එක්‌වූහ.

නිරෝගී ප්‍රජනන සෞඛ්‍යයක්‌ පවත්වා ගෙන යැම සම්බන්ධව බොහෝ කාන්තාවන් සහ පිරිමින් තුළ ඇති දැනුම මදවීමත් කාර්ය බහුල අවිවේකී ජීවිතයක්‌ ගත කිරීම නිසාත් මෙම ගැටලුව උදාවී ඇති බව අනාවරණය වී ඇති බවත් එහි ප්‍රතිඵලය වී ඇත්තේ විවාහක පවුල් තුළ දරුවන් නොමැති ගැටලුව බරපතළ අයුරින් පැවතිSම බවත් වෛද්‍ය සුමිත්‍රා තිසේරා මහත්මිය ප්‍රකාශ කළාය.

Dialog Cricket Awards 2013

ජනප්‍රියම ක්‍රීඩකයා සංගා වසරේ ක්‍රීඩකයා රංගන
බත්තරමුල්ල වෝටර්ස් එජ් ශාලාවේදී මෙයට ස්වල්ප වෙලාවකට ප්‍රථම ඩයලොග් අනුග්‍රහයෙන් පැවති ශී‍්‍ර ලංකා කි‍්‍රකට් වාර්ෂික සම්මාන ප්‍රදානෝත්සවය පැවතුනු අතර එහිදී වසරේ ජනප්‍රියම ක්‍රීඩකයා ලෙස කුමාර් සංගක්කාර සම්මාන ලැබූ අතර වසර හොඳම ක්‍රීඩකයා ලෙස සම්මාන ලැබුවේ රංගන හේරත්ය. 

සම්මාන උළලේ සම්මානලාභීන් මෙසේය.

වසරේ ජනප‍්‍රිය ක‍්‍රීඩකයා - කුමාර් සංගක්කාර (එන්. සී. සී)
වසරේ හොදම ක‍්‍රීඩකයා - රංගන හේරත් (ද්‍රවිඩ සංගම් පිළ)
වසරේ නැගී එන ක‍්‍රීඩකයා - දිනේෂ් චන්දිමාල් (එන්. සී. සී)



එක්දින ක‍්‍රිකට් සම්මාන
වසරේ හොදම තුන් ඉරියව් ක‍්‍රීඩකයා - ඇන්ජලෝ මැතිව්ස් (කෝල්ට්ස්)
වසරේ හොදම පන්දු යවන්නා - ලසිත් මාලිංග (එන්. සී. සී)
වසරේ හොදම පන්දුවට පහර දෙන්නා - තිලකරත්න ඩිල්ශාන් (ද්‍රවිඩ සංගම් පිළ)

මාව දැක්කම මහේෂි දැන් පණ බයේ දුවනවා

මහේෂි මධුසංකාට මේනකා මධුවන්තිගෙන් බරපතළ චෝදනාවක්
සඳුන් රාජකරුණාගේ චායා ටෙලි සිතුවම මේ දිනවල ගොඩක් ජනප්‍රියයි. එහි චායාගේ එදිිරිවාදියා, හර්ෂනීයි. චායා සහ හර්ෂනී අතර කොයි වෙලාවේ බැලුවත් ගැටුමක්. නාට්‍යය ඇතුළේ වගේම සැබෑ ජීවිතයේදීත් චායා ලෙස රඟන මහේෂි මධුසංඛා සහ හර්ෂනීට පණ පොවන මේනකා මධුවන්ති තරහකාරියන් වෙලා කියලයි අපිට ආරංචිය. ඒ විතරක් නෙවෙයි දෙන්නා අතර රණ්ඩුවකුත් ඇති වෙලාලු.

මේ කතාවේ ඇත්ත නැත්ත අප මෙහි එක වග උත්තරකාරියක වන මේනකාගෙන් ඇහැව්වා. ඇය ඊට පිළිතුරු බැන්දේ මෙන්න මේ අයුරින්.

* මේනකා, ඔබ සහ මහේෂි අතර මේ වන විට යම් විරසකයක් ඇති වී තිබෙනවා. මොකක්ද ඊට හේතුව?

මං සාමාන්‍යයෙන් බොහොම පාඩුවේ ඉන්න කෙනෙක්. හැබැයි ඕන කෙනෙක් එක්ක මං හරි සුහදයි. චායා දර්ශන තලයේ හැමෝත් එක්කම මං මේ වනකම් හොඳින් ගනුදෙනු කරනවා. මේ තත්ත්වය දරාගන්න බැරි මහේෂි දිනක් මං ලොකේෂන් එකට එන්න කලින් කියලා තියනවා එතන අයට මාව ගණන් ගන්න එපා කියලා. ඒක බොහොම සැර පරුෂ විදිහටයි කියලා තියෙන්නේ. චායා නාට්‍යයේ හිටපු මේකප් ආටිස් සමීර මහේෂි කියපුවා රෙකෝඩ් කරලා මට අහන්න දුන්නා. මේක දැනගත්ත මහේෂිට හරිම ලැජ්ජයි. ඒක වහගන්න මගෙත් එක්ක බහින් බස්වීමක් ඇති වුණා. එතැනින් තමයි ගැටුම ඇති වුණේ.

Gossip Lanka Hot News Previous News Archive