මියගිය මන්ත්‍රිවරයකුට රනිල් බර්ත් ඩේ කාඩ් එකක් යවලා

මීට වසර එකහමාරකට පමණ පෙර හදිසි අනතුරකින් මියගිය එක්සත් ජාතික පක්ෂයේ නාගරික මන්ත්‍රිවරයකුගේ නමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා උපන් දින සුබ පැතුම් පතක් යැවීම හේතුවෙන් එම නිවෙසෙහි ඥාතීන් අතර දැඩි උණුසුම්කාරී වාතාවරණයක් හටගෙන ඇති බව දැනගන්නට ඇත. රනිල් වික්‍රමසිංහ මහතා මීට දින කිහිපයකට ඉහතදී මෙසේ උපන් දින සුබ පැතුම් පතක් යවා ඇත්තේ ඉකුත් මැයි පළමු දින යාපනයේ පැවැති එජාපයේ මැයි දින රැලියට සහභාගි වී ආපසු පැමිණෙමින් සිටියදී හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ සුබසිංහ සිරිවර්ධන නමැති කඩුගන්නාව හිටපු නාගරික මන්ත්‍රිවරයාටය.

එම නාගරික මන්ත්‍රිවරයා මියගොස් වසර එකහමාරකට පසුව වික්‍රමසිංහ මහතා විසින් ඒ මහතාගේ උපන් දිනය යෙදී තිබුණු පසුගිය සතියේදී උපන් දින සුබපැතුම් පතක් යවනු ලැබීමත් සමඟ එම පවුලේ ඥාතීන් මහත් කලබලයටත්, කෝපයටත් පත්ව ඇත. එහිදී ඥාතීන්ද අසල්වැසින්ද සිද්ධිය දැනගැනීමත් සමඟ තම පක්ෂයේ මන්ත්‍රිවරයකු මියගිය බවවත් නොදන්නා පක්ෂ නායකයකු පක්ෂයක් පාලනය කරන්නේ කෙසේද යන්න කියමින් ප්‍රදේශයේ එජාප නායකයන් හට ‍ෙදාස් පවරා ඇත. 

සිද්ධිය පිළිබඳ වාර්තා වීමත් සමඟ එම නිවෙසට ගොස් ඇති වික්‍රමසිංහ මහතාගේ සමීප හිතවතකු වන සාගල රත්නායක මහතා නායකයාගෙන් සිදුව ඇති අත්වැරැද්දට සමාව ගෙන අදාළ සුබපැතුම් පත ආපසු ඉල්ලාගෙන ඇති බවද දැනගන්නට ඇත.

'හිතුමතේ ජීවිතේ' 41 වසරකට පසු හිරෙන් එලියට එයි

වැලිකඩ බන්ධනාගාරයේ අවුරුදු 129ක අච්චුවක් අදිමින් සිටි කළුතර බී.ඩී. සුමතිපාල නොහොත් 'හිතුමතේ ජීවිතේ' නමැති සිරකරුවා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ විශේෂ සමාව ලැබ පසුගිය 9දා නිදහස ලැබුවේය.
අවස්ථා කිහිපයක්ම මරණීය දණ්ඩනයෙන් ගැලවුණු 'හිතුමතේ ජීවිතේ' පෝරකයට නංවා ගෙලට තොණ්ඩුව දැමීමෙන්ද පසුව ජීවත්වීමට වාසනාව ලද එකම සිරකරුවාද වන්නේය. මිනී මැරුම් චෝදනා 6කට සහ සිරගෙයින් පලායෑම් පහකට වරදකරු වීම නිසා අධිකරණය අවස්ථා කිහිපයකදී ඔහු මරණීය දණ්ඩනයට යොමු කළේය. වසර 129ක් දිග අච්චු කාලයක් ඔහුට නියමවී තිබුණේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක නොවීම නිසාය.

1972 වසරේ කළුතර තිස්ස විද්‍යාල ක්‍රීඩාංගනයේ පැවැති අවුරුදු කුමරිය තරගයේදී පළමු තැනට අභිෂේක ලැබූ මොහුගේ නැඟණිය පැහැර ගෙන දූෂණය කොට මරා දැමූ පොලිස් පරීක්‍ෂකවරයකු ඇතුළු ඝාතකයන් ලුහුබැඳ ගිය 'හිතුමතේ ජීවිතේ' ඔවුන් සියල්ලන්ම අවස්ථා ගණනාවකදී මරා දැමුවේය. එම අරමුණ ඉටුකර ගැනීම සඳහා ඔහු සිවු වතාවක් බන්ධනාගාරයෙන් මිදී පලා ගියේය. අරමුණ ජයගත් පසු සාමකාමීව සිරගෙයි ජීවිතය ගත කළේය.

සටන දිනා මං මහ ඇමැති වෙනවා - එජනිස අපේක්‍ෂක දයාසිරි ජයසේකර

පාර්ලිමේන්තුවේ සිට පළාත් සභාව තෙක්‌ ආපසු හැරුණු දයාසිරි ජයසේකර මහතාගේ නිසැක බලාපොරොත්තුව වනුයේ වයඹ මහඇමැති ධුරයයි. එහෙත් එය එතරම් ලෙහෙසි පහසු කටයුත්තක්‌ ද නොවන බව පෙනීයයි.  දයාසිරි ජයසේකර මහතා සමඟ කරන ලද සම්මුඛ සාකච්ඡාවකි මේ.

ප්‍රශ්නය - පසුගිය මහ මැතිවරණයේදී ඔබ එක්‌සත් ජාතික පක්‍ෂයේ සිට සන්ධාන ආණ්‌ඩුව විවේචනය කොට විපක්‍ෂ භූමිකාව නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වුණා. එහෙත් මෙවර පළාත් සභා මැතිවරණයේදී ඔබ සන්ධානය දිනවන්න මහ ඇමැතිධුරය ලබා ගන්න තරග කරනවා. මොනවාද ඔබට ලැබෙන ප්‍රතිචාර.

පිළිතුර - ඇත්තටම. මම ගත්තු ඒ තීරණය ගැන ජනතාවගෙන් විශාල ප්‍රතිචාරයක්‌ තිබෙනවා. මම එක්‌සත් ජාතික පක්‍ෂය පාවාදීලා පක්‍ෂයේ ඡන්ද අරගෙන ගිහිල්ලා ආණ්‌ඩු පක්‍ෂයේ වාඩිවුණේ නැහැ. ඒ වගේම විශේෂයෙන් මම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්‌වුණා. එය මා හිතන්නේ ඓතිහාසික තීන්දුවක්‌ කියලයි. විශේෂයෙන්ම මධ්‍යස්‌ථ මතධාරීන් බොහෝ පිරිසක්‌ මට කතා කළා. ඔවුන් මගේ තීරණය අගය කළා. ඔවුන් කිව්වේ පක්‍ෂයේ රැඳී සිටින්න බැරිනම් පක්‍ෂයෙන් ඉවත්වුණාට ප්‍රශ්නයක්‌ නැහැ.

පුංචි දුව ලැබුණේ එංගලන්තයේ දී - මේධා ජයරත්න

දක්ෂ නි‍ෙව්දිකාවක හා රංගන ශිල්පිනියක ලෙස අප හඳුනාගෙන සිටි මේධා ජයරත්න පිළිබඳ කිසිදු තොරතුරක් පසුගිය කාල වකවානුවේ දැනගන්නට ලැබුණේ නැහැ. වසර කිහිපයකට පසුව නැවතත් මේධා තම රසිකයන් අතරට පැමිණ සිටිනවා. මේධා ඇගේ නවතම තොරතුරු බෙදා හදාගන්නට එක්වුණේ කලකට පසුවයි.

ඔබ හිටි හැටියේම විදේශ ගතවුණා නේද?

හිටි හැටියේම නෙමෙයි. අපි විදේශ ගත වුණේ සැලසුම් කරලයි. හුඟක් දෙනෙක් හිතන්නේ මම හදිස්සියේම රට ගියා කියලයි. එහෙම නැහැ. මොකද මගේ මහත්තයා සුරංග ලක්මාල් සෙනෙවිරත්න ගේ උපාධිය සඳහායි අපි ගියේ. ඔහු එංගලන්තයේ දී ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ හැදෑරුවා. නමුත් අපිට වීසා ලැබෙනකම් අපි මේ ගැන හරියටම ස්ථිර කරන්න බැරි නිසා කිසිවෙකුටත් කිව්වේ නැහැ. විදේශ ගත වෙන්නට දින දෙක තුනකට කලින් අපිව රිය අනතුරකට ලක්වුණා. මේ නිසා අපේ විදේශ ගතවීමට වඩා රසිකයන් කතා කළේ අපි මුහුණ දුන් රිය අනතුර පිළිබඳවයි.

ඒ රිය අනතුර කුමක් ද?

දඹුල්ලේ දී අපේ මෝටර් රථය තවත් වාහන 5 ක ගැටුණා. එයින් දෙවියන්ට පින්සිද්ධ වෙන්න අපි කාටවත් අනතුරක් වුණේ නැහැ. ඒ සිදුවීම නම් තාමත් මතක් වෙනකොට හිතට බයක් දැනෙනවා.

තැපැල් ඡන්ද අයදුම්පත් පහෙන් එකක් ප්‍රතික්ෂේප වෙලා

තැපැල් ඡන්ද අයදුම්පත් අතරින් පහෙන් එකක් ප්‍රතික්ෂේප වී ඇතැයි කැෆේ සංවිධානය පවසයි. තැපැල් ඡන්ද අයදුම් කිරීම සම්බන්ධයෙන් කැෆේ සංවිදානය නිකුත් කළ නිවේදනයක මේ බව සදහන් වෙයි.

රාජ්‍ය සේවකයින්ගෙන් 19% කට හරියට තැපැල් ඡන්ද අයදුම්පත පුරවා ගැනීමට නොහැකි වී ඇතැයි ද කැෆේ සංවිධානය කියයි. තවද අත්සන් නැති, වැරදි තොරතුරු දුන් අයදුම්පත් 13,500 ක් ඇති බවත් රාජ්‍ය සේවකයින් 8,379 ක් සිය අයදුම්පත් නිසි වේලාව තුළ භාරදී නැති බවද එම සංවිධනය පෙන්වා දෙයි.මේ ආකරයට සිය ඡන්ද අයිතිය ආරක්ෂා කර ගත නොහැකි රාජ්‍ය නිළධාරීන් ජනතාවගේ ඡන්ද අයිතිය ආරක්ෂා කරන්නේ කෙසේදැයි කැෆේ සංවිධානය විමසයි.

මෙවර පළාත් සභා මැතිවරණයේ දී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සදහා අයදුම් කොට ඇති පිරිසෙන් 26,232 කගේ එනම් මුඵ අයදුම්පත් සංඛ්‍යාවෙන් 19% ක් ප්‍රතික්ෂේප වී ඇති බව එම සංවිධානය නිකුත් කල නිවේදනයක දැක්වෙයි. එම සංඛ්‍යාව සෑම තැපැල් ඡන්ද අයදුම්පත් පහක් අතුරින් එකකි. මැතිවරණ ක්‍රියාවලියේ කොදු නාරටිය බදු රාජ්‍ය සේවකයින් මෙතරම් විශාල පිරිසක ගේ අයදුම්පත් ප්‍රතික්ෂේප වීම ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමයේ ඇති සංකීර්ණ බව හෙළි කරන්නක් බව කැෆේ සංවිධානය පවසයි.

වසර 17කට පෙර කොටහේනේදී ඇල්ලූ ලොරියේ තවත් පුපුරන ද්‍රව්‍ය කිලෝ 100ක්

කොළඹ බෝම්බ පුපුරුවා මහා විනාශයක් කිරීමේ අරමුණින් ටී.එන්.ටී. වර්ගයේ අධි බලැති පුපුරන ද්‍රව්‍ය ‍කිලෝ 750ක් සමඟ මෙයට වසර 17කට පෙර අත්අඩංගුවට ගත් ලොරි රථයේ තිබී තවත් එම වර්ගයේම පුපුරන ද්‍රව්‍ය කිලෝ 100ක් සොයා ගැනීමට පොලිසිය පෙරේදා (12) සමත් විය.

1996 පෙබරවාරි 12වැනිදා කොටහේන ප්‍රදේශයේදී කොටි සැකකරුවන් තිදෙනකුද සමඟ අත්අඩංගුවට ගත් මෙම ලොරිය සියලු ආරක්ෂක අංශවල පරීක්ෂාවෙන් අනතුරුව කොළඹ 14 කොටහේන සාම විහාර භූමියේ නවතා තිබී ඇත.මෙම ලොරිය වසර 17ක් තිස්සේ එම ස්ථානයේ දිරාපත්වෙමින් තිබූ අතර නඩු විභාගවලින් පසු අධිකරණ නියෝග මත පෙරේදා එම ලොරිය බර ඉසිලීමේ යන්ත්‍රයක් යොදා ඉවත් කිරීමට කටයුතු කෙරිණි.

එම ඉවත් කිරීම් සිදු කරන අවස්ථාවේ දිරාපත් වූ ලොරියේ කැබලි කඩා වැටී ඇති අතර ඒ සමඟ එතුළ තිබී තවත් ටී.එන්.ටී. වර්ගයේ අධිබලැති පුපුරන ද්‍රව්‍ය කිලෝ 100ක් අඩංගු පෙට්ටි 8ක් තිබූ බව පොලිසිය පවසයි.1996 සොයාගත් පුපුරන ද්‍රව්‍ය කිලෝ 750 සොයා ගත්තේ ලොරියේ චැසිය තුළ අසුරා තිබියදීය. මෙම පුපුරන ද්‍රව්‍ය තොගය ලොරියේ චැසියට යාබදව සවිකැර තිබෙන යකඩ පෙට්ටියක අසුරා තිබී ඇති බව අනාවරණය වී තිබේ.

දළ දේශීය නිෂ්පාදිතයේ සියයට 6.8 ක වර්ධනයක්

2012 දෙවැනි කාර්තුවට සාපේක්ෂව 2013 දෙවැනි කාර්තුවේ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය (ආර්ථික වර්ධනය) සියයට 6.8 ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.ආර්ථිකයේ ප්‍රධාන අංශ තුන වන කර්මාන්ත, සේවා හා කෘෂිකර්ම අංශවල පිළිවෙළින් සියයට 10.1, සියයට 6.6 ක වර්ධනයක් හා සියයට 1.1 ක පසුබෑමක් වාර්තා වී ඇත.ඉහත අංශ තුන අතරින් දළ ජාතික නිෂ්පාදිතයට ඉහළම දායකත්වය ලැබී ඇත්තේ සේවා අංශයෙනි. එය සියයට 59.1 කි. කර්මාන්ත අංශවල දායකත්වය පිළිවෙළින් සියයට 30.2 ක් හා 10.7 ක් වේ.

ප්‍රධාන අංශවල උප අංශ අතරින් පතල් හා කැණීම් අංශය සියයට 12.6 ක ද, විදුලිය, ගෑස් හා ජලය අංශ සියයට 16.2 ක් ද, ඉදිකිරීම් සියයට 17.8 ක් ද හෝටල් හා ආපනශාලා සියයට 21.1 ක් ද, ප්‍රවාහන සහ සන්නිවේදනය සියයට 9.5 ක් ද, බැංකු, රක්ෂණ හා නිශ්චල දේපළ සියයට 6.3 ක් ලෙස ඉහළ වර්ධනයක් පෙන්නුම් කරන බව ද එම නිවේදනයේ දැක්වේ.

ආර්ථිකයේ සියලු භාණ්ඩ හා සේවාවල සාමාන්‍ය මිල මට්ටම නිරූපණය කරන දර්ශකය 2002 දී ඒකක 100ක් ලෙස ගත් විට 2012 දෙවැනි කාර්තුවේ දී ඒකක 239.7 වූ අතර, එය 2013 දෙවැනි කාර්තුවේදී ඒකක 255.5 ක් දක්වා ඉහළ ගොස් ඇත.ඒ අනුව සියලුම පාරිභෝජන, අතරමැදි හා ආයෝජන භාණ්ඩවල සමස්ත උද්ධමන අනුපාතය සියයට 6.6 ක් වන බව දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දිල්ලි නුවර සමුහ දුෂකයන්ට මරණ දඩුවම

දිල්ලි නුවර දී බස් රථයක් තුළ තරුණියක සමුහ දූෂණය කර මරා දැමූ බවට වරද කරුවන් වූ හතර දෙනාටම ඉන්දීය අධිකරණයක් විසින් මරණීය දඩුවම නියම කෙරිණ.

මරණ දඬුවම ප්‍රකාශයට පත් කරද්දී චුදිතයකු අධිකරණය තුළ හඬා වැලපෙනු දක්නට ලැබිණ.නගරය වටා බස් රථය ධාවනය වෙමින් තිබිය දී ඔවුන් විසින් වරින් වර විසි තුන් හැවිරිදි ශිෂ්‍යාව දූෂණය කළ අතර පසුව ඇය මහා මග දමා යන ලදී.පසුගිය දෙසැම්බර් මාසයේ දී විසි තුන් හැවිරිදි එම ශිෂ්‍යාව දූෂණය කොට මරා දැමීමේ සිද්ධියෙන් පසු ඉන්දියාව පුරා ප්‍රචණ්ඩකාරී උද්ඝෝෂණ හට ගැනින.

නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් වින්ශ්චයකාරවරයා පැවසුවේ මේ සිද්ධිය මගින් ඉන්දීය ඉන්දියාවේ පොදු ජන හෘදය සාක්ෂිය කම්පාවට පත් කොට ඇති බවයි.

Gossip Lanka Hot News Previous News Archive